ADD

FRIENDS❤ (විසල් උණ පදුරක් නොකියු කතාවක්)



📌පළමු කතාව

ආච්චි අම්මා ඔයා නම් ඇත්තටම 

ඇයි..?

👴සීයා කියනවා හරි. ඔයා කට ඇරියොත් කියන්නේ බොරුවක්. 

එයා එහෙම කිව්වද?👵

හම්......... 

දැන් මොකද්ද මං උඹලට කියපු බොරුව.

මතකද ඔයා එක දවසක් කිව්වා ගස් මල් අපි එක්ක කතා කරනවා කියලා.

ඔව් ඉතින් 

අවුරුදු ගාණක් තිස්සේ මෙතනට එනවා යනවා මේ එක මලක් මන් එක්ක කතා කරලා නෑ 

ආහ්....... ඒක ද මේ,  උඹ එක්ක වල් පල් දොඩවන්න මල් වලට ඕන කමක් නෑ. මලක් උනත් කතා කරන්නේ තමන්ට දැනෙන අයට 🌻

අච්චෝ...... ඔයා මට කිව්වා නේද මෙතන වැළලිලා ඉන්න හැමෝටම තමන්ගෙ කියලා කතාවක් තියෙනවා කියලා.

හ්ම්........ ඔය මල් පිපෙන්නේ ඒ කතාවෙන්  මෙතන නිදාගෙන ඉන්න හැම කෙනාටම තමන්ගේ කියලා කියපු හෝ නොකියපු කතාවක් තියෙනවා. එයාලා ඒ කතාව අපි එක්ක බෙදා ගන්නේ එයාලගේ සොහොන් කොත්වල  පිපෙන මල් වලින්.🌺 මෙතන තියෙන මල් සමහර වෙලාවට එක වගේ වුණාට හොඳට බැලුවොත් පෙනෙයි, ඒ හැම මලකම වෙනසක් තියෙනවා.🌹🌷 සමහරුන්ගේ කතා සුදු පාටයි🌼. ඒවට තව පාට මිශ්‍ර වෙලා සමහරුන්ගේ කතා හැදෙනවා. රතු පාට, නිල් පාට, එක එක වර්ගයේ පාට වල කතා මේ හැමෝටම තියෙනවා.🌺🌸

ඒ අතින් බැලුවම ඔයා හරි කුහකයි අච්චො. 

ඇයි?

මෙතන මේ නිදියන් ඉන්න අයට එයාලගේ කතාව කියන්න ඔයා ඉඩ දීලා නෑ. ඔයාටත් තිබ්බා මෙතන ඉද්ද වැලක් හරි, ඇන්තූරියම් පදුරක් හරි හිටවන්න. මේ උණ පඳුරක් ඉන්දපු වෙලාවේ.

උණ ගස් 🎋වලත් මල් පිපෙනවා අවුරුදු 100කට වතාවක්........ මෙතැන නිදාගෙන ඉන්න අයගෙ කතාවල් එකිනෙකට සම්බන්ධයි. හරියට උණ මුල් පොළොව යටින් සම්බන්ධවෙලා මහා පඳුරක් හදනවා වගේ. ඒ වගේමයි හොඳට අහන්න, ඔය කිරි කිරි ගගා එන සද්දෙ එක්ක එයාලා හිනා ☺️වෙන හැටි, අඩන හැටි😭, එයාලා එයාලටවත් නොකිව්ව කතා මුමුණනවා. එයාලා ඔක්කොම උණ පදුර වගේ ශක්තිමත් අය. උණ මල් වගේ කලාතුරකින් මුණ ගැහෙන අය. 

අනේ මන්දා ටෝක් එක සාහිත්‍යයෙන්මයි. හැම අවුරුද්දකට වතාවක් මෙතනට ඇවිත් ඉටිපන්දනුත් ගහලා ආදිමානවයා වගේ වෘක්ෂ වන්දනා කරාට මේ උණ පඳුරේ කතාව එක පාරක්වත් මට කියල නෑනෙ. මාත් ඔහේ පරිණාමය වුණේ නැති එකා වගේ💐 ගහට වැඳලා ටටා කියලා යනවා.   

හැබැයි ඔයා අර අම්ම එක්ක රණ්ඩු වෙවී තියන් ඉන්න බොක්ස් එකේ📦, මේ උණ පඳුරේ කතාව තියෙනවා කියලා මං හොයාගත්ත දවසක. 

මොනාද හොයා ගත්තේ?..................          -😒

මතු සම්බන්ධයි.

Post a Comment

0 Comments