අර්ථකථනයේ වැරැද්ද
මාධවී සොයා ගිය කෝවලන්නිසා ගිනිබත් කළත් රට කන්නගී
තවත් කෝවලන්ලා නිසා පතිනියන්
පතිය නැති කර ගනි දෙවොල් තුළ
නොමැති මුත් වැරදි රාවණා
රාමාද අත්හළ
සීතාගේ නම ඇසෙන විට
මොනවා නොදැනේද මනඅදෝදරීට
රාමාද අත්හළ
සීතාගේ නම ඇසෙන විට
මොනවා නොදැනේද මනඅදෝදරීට
බලා කවුළුවෙන් වැලපෙන විට ප්‍රමිලා
පරිවාර කතුන් සමග රජ තොසින්
නරඹන දස්කොන් මරණයට
යුක්තියක් තියනවද
තමා මියගිය දිනම තම නැගණිය
බිසව කරගත් බව දන්නවා නම්
ඔහුම තැනු මහා ආදර සිහිවටනේ නිදන
මුන්ටාස් මොනවා නොකියයිද සජහාන්ට
අම්මාගෙන් පිනට කකා සිටින
ඇය වැදු සල්ලි මිටිය
ඇය දෙසම බලාගෙන කියනවා
ගෑණු ආදරේ සල්ලි වලට විතරලු
ඩාවින්චි කෙසේ කීවත්
සිනාසෙන්දෝ නොවෙම්දෝ
දෙලොවක් අතර හේතුවක්
තිබෙන්නට ඇති මොනාලිසා ටත්
නීතිය හදනා පිරිමිම
රවටා බොරුව දිනලා නඩුව
බනී නිතරම ඇස් වසා සිටිනවාලු
නීතියෙ ගැහැණිය රෙදි නැතුවම
වැරදි නිතරම ගැහැණිය
කිය කියා මොර ගානා විට
ඔව් ඔව් එයයි සත්‍ය
ලේසියට පවසයි නැතිව තර්ක...........
(දේශා)

0 Comments