ADD

මිතුරා

 


මිතුරා


අහම්බෙන් මට මුණගැසුණු ඔහු
නමින් සුනිමල් මගේ මිතුරා
සෑම දිනකම උදෑසන මා
එන තුරා සිටි මගේ මිතුරා
රසම රස ටොෆී මල්ලකින්
මා අත පුරවනා මගේ මිතුරා
එදා දුන්නේ අළුත් කෑමක්
රස බලන්නට මගේ මිතුරා......
 
සුදු පැහැති කවරයක ඔතලා
දුන්නේ තනියම කන්න කියලා
පන්තියට විත් ගාථා කීමට
කලින් මා එය රසද බැලුවා
හිතාගන්නට නොහැකි ලෝකෙක
අතරමංවූ බවක් දැනුනා
හෙටත් ඒ රස විදිය යුතු බව
මගේ හිත මට තදින් කීවා......
 
වයස විස්සක මගේ මිතුරා
පසු දිනත් මා සොයා ආවා
ඔහුට කලියෙන් ඔහු බලන්නට
වැට අයිනේ මා රැඳී සිටියා
ළමා විය පසුවෙන්න කලියෙන්
මත් වෙන්න මා පුරුදු වුවා
"සෙත් සෙවණෙ" බංකුවක් උඩ අද 
මගේ අතීතය මතක් කෙරුවා......

                                           (සාරදා මානවඩු)

Post a Comment

0 Comments