ලෙඩක්
උණුසුමින් පිරි කෝපි උගුරක්
ගෙයි ඉදිරිපස වැල් පුටුවේ හිඳ
තොල ගගා කියවන්න වූයේ
පුතු ගෙනත් තිබූ පත්තරේ..........
පැතිරෙමින් යන ලෙඩක් හින්දා
මිය ගියපු අය ශතක ගණනින්
මුල් පිටුවේ දුටු සැණින් ඔහු එහි
ඇතුළෙ පිටුවට පෙරළා බැලුවේ
මැරුණ අයගේ විස්තරේ...........
වැඩි දෙනෙක් තම වයසේ අය බව
දුටුව දෑසත් සිතත් එකවර
ඔහුව මොහොතක් නතර කෙරුවෙ
කැප කරන්නට වේද හුස්මන්
යන
බියෙන් මේ ජීවිතේ............
(සාරදා මානවඩු)

0 Comments