ADD

වර්ණ blogger INTRO

       


Life එකේ Change එකක් ඕනෙ උනාම ඔයා මොනවද කරන්නේ. හිතලා බලන්නකෝ අපි ගොඩක් දේවල් කරනවා. ඒ හැම දේකින්ම අපි අලුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා. මේ වෙනස අපේ ජීවිත වර්ණ ගන්වනවා කිව්වොත්, ඔයා මාත් එක්ක එකඟ වෙනවා ද? මේ කියන්නේ සුදු, කළු, නිල්,රතු,කොළ,කහ..... වැනි බහ තෝරන වියේ දී අපි උගත් වර්ණ ගැන නොවේ. එකී පාට හරියටම හසුරවන්නා අතින් මැවෙන අලංකෘත සිත්තම සේ අපේ ජීවිතයේ ඇති වෙනස්වීම්, හීන, බලාපොරොත්තු අපූර්ව වු සුන්දරත්වයක්, ලස්සනක් අපිට එකතු කරනවා. ඔයා දන්නවද හැම පාටකම කතාවක් තියෙනවා. ඒ කතාව අපි පාට යොදා ගන්නේ  ඇයිද කියන කාරණාව ලෝකෙට කියලා දෙනවා. හරියට මිනිස්සු සුදුත් නැති කළුත් නැති අලු මිනිස්සු ලෙස අර්ථ ගන්වනවා වගේයි. මේ කතාව ඒ පාට ගැන නෙවෙයි.

අපි ලග තියෙන හැම ශක්තියකින්ම හා  දුර්වලතාවයකින්ම අපි අපිටම වර්ණය දෙනවා. මේ වර්ණය ලෝකෙට අපිව ප්‍රකාශ කරනවා. ඒ හැමෝගෙම ප්‍රකාශන අපිට දැනුන විදිහට ඔයාට කියන්නයි අපේ මේ සූදානම.

හරි මෙහෙම පටන් ගමු .මොකද්ද මේ සීමාන්තික හීනය............ ඔව් ඔයාට දැනුන දේට අපි උත්තරයක් දෙන්නම්. හීන වලට කොහෙද සීමාවක්. ඇත්තෙන්ම හීන අසීමාන්තිකයි. සැබෑ ලෝකයෙත්, ෆැන්ටසියෙත් අපිට ජීවිතය ගැන බලාපොරොත්තුවක් දෙන්න හීන වලට පුළුවන්. එතකොට ඇයි හීන සීමාන්තික කරේ....... ඔයා ඔයාගෙම ටිකක් අහලා බලන්න, ජීවිත කාලය පුරාවටම දැකපු, දකින හැම හීනයක්ම ඔයාට දිනන්න පුළුවන් වුනා ද? ඒ හැම හීනයක්ම ලඟා කරගන්න පුළුවන් වුන ද? මේක කියවන ඔබ හිතයි,  මම නම් කවදාවත් හැබෑ කරගන්න බැරි හීන  දකින්නෙ නැහැ. දැක්කත් ඒව මං කවදහරි, කොහොමහරි හැබෑ කර ගන්නවා. ඒ තමයි මම........ මෙහෙම Positive  විදියට හිතන එක විශ්වය අපිට ආශිර්වාද කරන කරුණක් උනාට, දිනයක් විදිහක් නැතුව දැකපු හැබෑ නොවුන හීනයක් ඔයාගෙ ජීවිතේ තිබුණෙම නැද්ද?  මොනයම් හෝ හේතුවක් නිසා ඔයා දැකපු මොකක් හරි හීනයක් හිර වෙලා නැද්ද?  ඔව් ඔයාට එහෙම  වෙලා ඇති. අන්න ඒ නිසා අපි හිතුවා, මේ හිර වුණ හීනෙට පණක් දෙන්න. මොකද අපිටත් කියාගන්න බැරි වුණ අපි අපි තුළම, අපිව සමාජය තුල හිර කරපු හීනයන් තිබුනා. ඉතින් අපි ලෑස්තියි ඒ සීමාන්තික හීනෙන් ඔබ්බට මේ අතත්‍ය අවකාශය තුළ අපිට දැනුනු අපූර්ව විවරණයන් එකතු කරන්න. ඒ විවරණයන් කියවන්නට වර්ණ අපි, ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි පටන් ගනිමු. සීමාන්තික හීනෙන් ඔබ්බට මේ අවකාශය තුළ වෛවර්ණ විවරණයන් සොයන්නට. එන්න අපිත් එක්ක එකතු වෙන්න.

 අපි

වර්ණ.

Post a Comment

0 Comments