📌දෙවන කතාව
අච්චෝ.. කාර් එකට වෙලා ඉන්න මම කන්න මොනාහරි අරං එන්නම් අපි යන ගමන් උණ පඳුර ගැන කතා කරමු
රථවාහන තදබදයත් නලා ශබ්දයත් ගමන් මහන්සියත් නිසා අසුනේම නින්ද ගොස් සිටි තම මිත්තණිය දිහා යුවිත් බලාසිටියේ සෙනෙහසින් ය.තරුණ කාලයෙ නැතත් තාමත් දඟකාර ගතිපැවැතුම් ඇති මිත්තණිය තම මවට වඩා වෙනස් යැයි සිතුණත් මිත්තණියගේ මංගල රූපයේ රුව එලෙසින්ම රැගෙන ඉපදුන මවගේ රුව ඇය හදා ගන්නට ගත් අයෙක් නොවන වග ලොවට පසක් කිරීමට තිබූ එකම හේතුවයි. මිත්තණියගේ කාමරයෙහි ඇති පෙට්ටියෙ කතාවත් උණ පඳුරක් සමග ඔහුගේ සිත නැවත සසල වූයේ තමා වැඩියෙන්ම ආදරය කරන තම මිත්තණිය මුත්තණුවන් නොමැතිව කෙසේ ජීවත් වේද යන සිතුවිල්ලෙනි.දුරකථනය නාද වීමත් තම සිතුවිලි සයුරෙන් ගොඩට ආ යුවිත්📱තිරය දෙස බලා සිනාසුණේ ය 😏.
කොහෙද ඉන්නෙ.. දැන් වෙලාව කීයද ..කීයටද ගෙදරින් ගියේ ආහ් බලනවා😠... ආච්චිත් එකයි මුනුබුරාත් එකයි රවුම් ගහන්ඩ තිබ්බොත් ආයෙ මොකවත් ඕන නෑ😕. කෝ අම්මා.. හොස්පිට්ල් එකට ගියාද ..සීය ගැන මොකද කිව්වේ ..ආච්චි හොඳින් නේද..😡
😯පොඩ්ඩක් ඉන්න මිස් මම කොළයකුයි පෑනකුයි ගන්න කල්📝 කලින්ම අහපු ප්‍රශ්න මට මතක නෑ ආයේ මුල ඉඳන් කියන්න පුළුවන්ද ,
ඔක්කොම එකයි ඉක්මනට ගෙදර එනවා..😤
තමා දෙස බලා සිටින මිත්තණිය දෙස බැලූ යුවිත් සිනාසුනේය.
මොනා නැතත් ඔයා ඔයාගේ දුවට ඔයාගේ හැකර කට නම් දීලා තියෙනවා ගානට😊.
කියපන් බලන්න උඹ මගෙත් ටංක පෙට්ටියෙ හෙව්වේ මොනාද...
රෑට අඳින්න චීත්තයක්😬
ඉතින් තිබ්බද
නෑනෙ...😑 ඒ වුණාට මට රහසක් හොයා ගන්න පුළුවන් උනා 😶
රහසක් මොකක්ද .....
සිතුවිලි කියලා කෙනෙක් ගේ වෙනත්😛 පෙම්වතෙක්
සිතුවිලිට වෙනත් පෙම්වතුන් හිටියෙ නෑ...
එසිදු හැරෙන්නට වෙනත් පෙම්වතෙක් සිටියේ ම නැද්ද..
නෑ...😐
කවුද එතකොට නුරාද්.. ඇයි එයාගේ ඩයරිය ඔයා ළඟ තියෙන්නේ 🤔
අනුන්ගේ දින පොත් කියවන එක ජරා පුරුද්දක්...
කවුද කියෙව්වේ මගේ ඇස් ටිකක් එහා මෙහා ගියා,නම විතරයි දැක්කේ.කොහෙද ඉතින් මටත් ඉන්නවනෙ ජෙට් තෙල් ගහපු හැට පැනපු ජෙට් 🚀එකක් ඒක නිසා හොරාට මුකුත් කරගන්න බැරි වුණා😕....
📌තෙවන කතාව
අම්මා.... අම්මාහ්.....
ඕ.....ඇයි..
මට ආච්චි අම්ම ගැන බයයි අම්මේ
ඇයි ඒ ..
එයා පිටතට පෙන්නුවේ නැති උනාට ලොකු දුකකින් වගේම බයකින් ඉන්නේ කියල මට හිතෙන්නේ.මට බයයි ඩොක්ටලා සියගේ කන්ඩිෂන් එක එච්චර හොද නැහැ කිව්වා.. අඩුම ගානෙ සිහියවත් එන්නැතුව ඔහොම මැරුනොත්..........................,😒
ඔහොම බලන්න එපා මේක ෆැන්ටසියක් නෙමෙයිනේ ඉපදෙන හැම කෙනාම මැරෙන්න ඕනේ...
හ්ම්.. අම්මා මොනවද කිව්වෙ
ආච්චි හිනා වෙන එක විතරයි කරන්නේ. ඊයේ කිවුවා එයාට කතා කරන්නේ නැතිව සීයා යන්නේ නැහැ බය වෙන්න එපා කිව්වා.
මේ ලෝකෙ මම දැකපු ශක්තිමත්ම කෙනා මගේ අම්මා...එයාගේ කතාවේ එයා හිනා වෙලාම හිටපු කෙනෙක් නෙමෙයි
අනේ මන්දා මට මහා බයක් දැනෙනවා.අපි බලාපොරොත්තුවක් තියාගමු.
සුද්දා...
ම්...
අම්මා එක පාරක් මට කිව්වා බලාපොරොත්තු හීනයි දෙකක් වුණාට ඒක එකට බැඳිල තියෙන්නේ කියලා බලාපොරොත්තු ඉටු නොවුනු ඉටුවුණු කියලා කොටස් දෙකක් තියෙනවා වගේ හීනත් කොටස් දෙකක් තියෙනවා දන්නවද ඒවා
🤔නරක හීන හොඳ හීන...,
නැහැ නරක හීන හොඳ හීන කියලා දෙයක් නෑ හැම හීනයක්ම එකක් මිනිස්සු තමන්ට ළඟා කරගන්න බැරිවුන දේවල් තමන්ට නොලැබුන අඩු දේවල් තමයි හීන විදිහට දකින්නේ හීන කවදාවත් පාට පාට නැහැ අළු පාටයි අපිට හොඳ හීන තව කෙනෙක්ගෙ නරක හීනයක්. හරියට මල් ශාලාවක අයිතිකාරයෙක් ප්‍රාර්ථනා පහන වගේ.
😏ඔයා ආච්චිගෙ දුවම තමා හිටපු ගමන් නට් බුරුල් වුණා වගේ බහුබූත කියවනවා.
නට් බුරුල් වුණ මිනිස්සු 🙃 හරි සුන්දරයි කොල්ලො
ඒ උනාට ඔයා කැතයි අම්මේ,😜
දන්නවාද ඔයාගේ ආච්චි කිව්වා එයාගේ යාළුවෙක් කිව්වලු මිනිස්සුන්ට ඉටු නොවුණු බලාපොරොත්තු කියලා දෙයක් නෑ කියලා ඉටු නොවුනු බලාපොරොත්තු තියෙනවා නම් තියෙන්නේ හීන දකින්නැති අයට විතරයි කියලා. ඔයාලගේ ආච්චත් හීන දකින කෙනෙක් ඒක නිසා බය වෙන්න එපා
හාකො හාකෝ ...අම්මා මම අද අපේ සෙට් එක එක්ක එළියට යනවා අද රෑ ධනූර්ලගෙ ගෙදර ඉන්නේ🥺
අනේ මන්දා ඔයත් දැන් හැදෙනවා තාලෙකට රස්තියාදුව විතරයි😡
බයවෙන්න එපා රත්තරනේ හැදෙන ගහ දෙපැත්තට යන්නෑ එක පැත්තක් අනිවා තෝරගන්නවා,.මට කෑම තියන්න එපා හොඳේ 😘
📌සිව්වන කතාව
මේ අහපංකෝ යුවිතා උඹ තාම ආච්චිගෙන් ඇහුවෙ නැද්ද බං
අහන්න හිටියේ බන් 🙁 තෝ දන්නවනේ එකපාර සීයාට වුන දේ එක්ක ආච්චිව මහන්සි කරවන්න මට බයයි.
ඊයේ ග්‍රැනියා මායි සීය ගෙ සොහොනට යනකොට එතන ඉටිපන්දම් ගහලා තිබ්බා උඹලා ගියාද ඒ පැත්තෙ..🙄
ඕ....🏥..සීයා බලලා එන ගමන් ආච්චිට යන්න ඕනේ කිව්වා ඒ පැත්තෙත් ගිහිල්ලා ගෙදර ගියේ.
ග්‍රැනිත් වැඩි විස්තරයක් දන්නෑ බං අනික එයා සීයගෙ අතීතය හොයන්න ගිහින් නෑ යුරෝප් මිනිස්සුන්ගෙ ඒ ගතිය නම් හොඳයි.. 😉
ඉඳපන් අච්චා එක්ක කදයක් දාන්න ඕනේ...
මොනා උනත් උඹ පොත,📕 ලියල ඉවර උනාම ඒක ෆිල්ම්📽️ එකට ගහන්න ගත්තොත සීයා වුණත් මට එසිඳුගෙ චරිතේ එපා මට ෆෙරොන්ගේ චරිතෙ ඔන ඒ නමට මම ආදරෙයි💕ඒක... අනේ මන්දා මගේ හිතේ අමුත්තක් දැනෙන නමක්.
****************
නුරාද් එක්ක ආච්චිට තියෙන සම්බන්දෙ මොකක්ද? මට අම්මට වඩා ආච්චිව දැනෙන්නේ කොහොමද? ආච්චිටත් මාත් එක්ක ඉන්නකොට නිතරම මතක් වෙන කෙනා කවුද? හැම ප්‍රශ්නෙකටම උත්තර ආච්චිගෙ හංගලා තියන දින පොත්වල තියෙන්නෙ.එකිනෙකට වෙනස් දිනපොත්, එකම අයිතිකාරයෙක් ට හිමි නොවුනු දින පොත් වල තියෙන කතාව මොකක්ද? ඒ කතාවට අපිට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම කවුද එකේ? ධනූර්ගේ චරිතය මොකක්ද?.....
😡 අනේ මන්ද මේ මිනිස්සුන්ට වෙලාවක් දුන්නම ඒ වෙලාවෙත් පස්ස නටව නටව පාර පනිනවා බැහැලා ගිහින් කන අතගාන්න හිතෙන්නේ මේ වෙලාවට තමා..🚥.
ධනූර්ගෙ හඬින් පියවි සිහියට පැමිණි මම ඔහු දෙසත් පාර දෙසත් බැලුවේය....ඉතින් අතගාල වරෙන්කො බලපංකො ලස්සන කෑලි ටිකකුත් යනවා...අර කළු ගවුම පට්ට අහ්, අප දෙදෙනාම එකම ගෑනු ළමයා දෙස බලා එකටම පැවසූ විට ඇය ද ඒ ඇසුනා සේ අප රථය දෙස බැලුවා ය.ච(ර්)පි ඒක මම ද ධනූර් ද කිව්වේ නැත්තං අපි දෙන්නම එකට හිතපු දෙයක්ද ..අප දෙදෙනාම එකසැරේ එකිනෙකා දෙස බැලූ බැලුවේය.
******---------------------------------------------------------------------------------------------******
අච්චෝ.....
සුද්දා....මෙහෙ එන්න මෙතැනින් වාඩි වෙලා අහන්න මේ උණ ගස් 🎋කතා කරන සද්දෙ..
😒 කිරි කිරි ගාන සද්දෙ ඇරෙන්න හිකනලෙක් ද කොහෙද රිංගන සද්දයක් සද්දයක් ඇහුණා.ඇත්තටම කවුරු ඒ සතාට ඒ නම දැම්ම ද දන්නෑ පව්..
ආසයිද සොහොනේ තියෙන උණ පඳුරෙ කතාවට
ඔව් අනේ ඒකනේ මෙච්චර කල් මම අහන්නේ කොහෙද ඉතින් යාලුවෙන්න ඇහුවා වගේ නේ අගය කරේ...
කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නෑ සුද්දා....
ම්....🤔 අපි මෙහෙම පටන් ගමු එහෙනම් එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කල්හි....
*______________*
📌පස්වන කතාව
මේ සොයා එකට ගහන්න නම් ආයේ සෝයා එකක් නෑ බම්😋
ඇත්ත සිරා කතාව ඇතිලිය පිහදාගෙන උනත් බත් කත හැකී..🍲
තව බත් කීයක් තියෙනවද කන්න..
ඊලග පීරියඩ් දෙකම ෆ්‍රී අද අර ලොක්කි ඇවිත් නෑ..
****************
ළමායි අහන්න 10 වසරෙදි කරන්න හිතන් ඉන්න කාණ්ඩ විෂයන් ලියලා ඒ ඒ විෂයට ළමයි ගාන කියන්න කිව්වා අච්චු පොත්📚 ගෙන්නන්න...
මොනාද බං කරන්නේ IT වලට ගන්නේ මේ පාර ඉංග්‍රීසි, ගණිතයටයි ලකුණු 60ට වැඩි අය ලු
සිරා ...?ඇයි යකෝ කොම්පියුටරේ 💻ඇණ මුරිච්චි වන්,ටූ,ත්‍රී කියලා ගණන් කරන්නද?
මොනාද කරන්න හිතන් ඉන්නේ අහ්?
එකෙන්ම PT පිට්ටනියට බැහැගෙන තණකොළ ගලවා ගලවා ඉන්න පුළුවන් හැබැයි කෘෂිකර්මය කරොත් පෝරාගෙ කෙහෙල් කැන් ටික බලාගන්නත් පුළුවන්😉
ගෑලූ ළමායි...මොනවද කරන්නේ ඔහෙලට උයන්න පිහින්න බැරි එකේ ගෘහ විද්‍යාව කරපන් නැත්නම් බඳින උන් පව්..🤗😁
ඇත්තද මහත්තයෝ 😕ඉඳපන්කෝ තෝව තමා මම බඳින්නේ මමම උයලත් දෙන්නම්කො
අනේ අම්මේ 😲නෝ තෑන්ක්ස් උඹ බඳිනවට වඩා හොඳයි....
ඇයි නැවැත්තුවේ..🙄
අපි යාළුවෝනේ ඉතිං ඒකයි..😌.
ඇත්තට.....😤
ඒකනෙවෙයි අත හෝදන්න ගිය වෙලේ ච(ර්)පිව අතරමං උනාද පන්තියට එනවා දැක්කෙ නෑ ...😯
ආ....😠දැන් තමා මතක් වුනේ තොපි වගේ යාළුවා අම්මා පොල් පිත්තෙන් කපාගන්න පුළුවන්.. පොල් පිත්තෙන් ..
ආනේ... මේ ඉන්නේ .☺️...
ඉන්නෙ තම 😕අනික ඔය ච(ර්)පිද මොකද නම.. මොකාද ඒ නම මට දැම්මේ මම ඒකට කැමැති නෑ ..
කැමති නැති නිසා තමා එක කියන්නේ නැත්තං උඹට නම් තියන්න අපි අරිසෙන් අහුබුදු ඇයි 😇
සිරා කියන්නේ ඒ නමට මම කැමති නෑ ඒක කියනකොට මට කනත්තක් මතක් වෙනවා..
ඒක උඹේ ඉංග්‍රීසි දැනුමේ ප්‍රශ්නයක්.. ඔන්න පල්ලියක්⛪ මතක් වෙනවා වගේ කිව්වා නම් ටිකක් හරි ළඟින් යනවා
මම කිව්ව කියලා හිතා ගනින් 😤ආයෙ කිව්වොත් මරනවා තොපි ඔක්කොම😠😠
එහාට පල දැන් කියපන් උඹලා මොනාද කරන කාණ්ඩ විෂයන්
මම PT
ඉ..නූද් PT..,එතකොට ෆෙරොන් දික්සිත් කෘෂිකර්මය ද?
නෑ ගෘහ විද්‍යාව..🙃..
😡
මම IT අපේ ච(ර්)පිත් IT
මම කෘෂිකර්මය
මමත් 😁
මම PT.............................
නැවත හමුවෙමු.

0 Comments