මේක script
එකක්ද?
ජීවිතේ හරි පුදුමයි කියල හිතනවද? එහෙම නම්, අපි script එකකට අනුව රඟපානවා කියන කතාව ගැන මොකක්ද
හිතෙන්නේ. කවුද ඒ script එක ලියන්නේ....... සමන් එදිරිමුණු, සුජීව ප්‍රසන්න ආරච්චි, මහේෂ් රත්සර මද්දුම ආරච්චි ද? හැබැයි
කොච්චර බැන්නත් හැමෝම ආසයි තමන්ගේ කතාව එයාලා ලියලා දෙනවට. මේ මමත් ආසයි ඒ වගේ
ලස්සන පෝසත් ආදර, සීනිබෝල ෆැන්ටසි, රෝස පාට ලෝක වලට. හැබැයි එහෙම දේවල්
ඇත්තටම වෙන්නේ නැ කියන්නත් බැහැ. කොහොමද අපේ script එකක් සද්ධා මංගල සූරීයබංඩාර අතින් මස්ඉඹුලගේ
අතින් නැත්තන් රොෂාන් රවීන්ද්‍ර හරි සුනිල් කොස්තා, නාමල් ජයසිංහගේ අතින් හරි ලිය වුනොත් එහෙම නැත්තන්
හඳගමගේ, විමුක්ති
ජයසුන්දරගේ, සන්නස්ගලගේ
අතින් වුනොත්.......... හිතාගන්න පුලුවන්ද?
ඇත්තටම අපි script එකකට නම් ජීවත් වෙන්නේ ඒ කතාවේ නළු
නිළියෝ වෙන්නේ අපිමනේ. එතකොට කැමරාකරණය, ආලෝකකරණය, ශබ්ද පරිපාලනය කරන්නේ කවුද? ම්ම්ම්ම්....... ඒ ස්වභාදහම වෙන්න
බැරිද? අඳුර, එළිය, වැස්ස, නිහඬ බව....... මේවා ඉතිං අපිට දෙන්නේ
එයානේ. සොබාදහමටත් සමහර වෙලාවට පිස්සු නේ. කොල්ලා තමන්ගේ කෙල්ලව හම්බ වෙන්න එනකොට
මල් වැසි වස්සලා, කුරුල්ලො ටිකක් පියාඹනවා කියලා script එක දුන්නහම හම්බවෙන්න කලින් මොරසූරන
වැස්සක් වස්සනවා. ඉතිං ආයෙ කොහේ හම්බවෙන්න ද? කියන්න වෙන්නේ "හිත මිතුරු සුළගේ, වැහි වලාවට පළ කියපන්" කියලා තමා.
ඉතිං අපි රඟපානවා. ඒ ජීවිත රඟමඬලෙ. ඒක
මේගාවක් ද නැත්තං කෙටි සිනමාවක් ද කියලා දන්නේ නැතුවම අපි පටන් ගන්නවා. ඔහේ
කරගෙනත් යනවා. Location,
set, නලු
නිලියෝ එක්ක ඉස්සරහට යනවා. මගකදී එපා වුනොත්, දාලා යන්න කොච්චර නම් ක්‍රම
තියෙනවද. කෝච්චියට පනින්න,
වතුර
වගේ වස බොන්න නැත්නම් බාල්කයක ඔන්චිල්ලා පදින්නත් අපේ ඈයෝ අමතක කරන්නේ නැහැ . ඒ
වගේ වෙලාවක ඒ නළුවාට හෝ නිළියට මහා මෝඩයෙක්, පිස්සෙක් නැත්නම් පව් කියල විතරක් කියලා
අර මැරුණ කෙනාගේ මරණෙට සම්බන්ධ කොටස ලියපු, ජිවත් වෙලා ඉන්න පිටපත් රචකයාට බනින,
මඩ ගහන එක සාධාරණද?
ජීවිතය නාට්‍යයක් නැත්තම් සිනමාවක් නම්, එකේ සාර්ථකත්වය තියෙන්නේ අපේ රඟපෑමේ
තාත්වික බවත් එක්කයි. අපි TV
එකේ
නාට්‍යක් දාගෙන ඒක බලන ගමන් කියන්නේ, අම්මෝ එයා නම් පට්ටෙට රඟපානවා, හිතාගන්නවත් බෑ, මෙන්න
නළුවෝ හෝ නිළියෝ..... එතකොට අයියෝ! ඌ මොකෙක්ද? ඌට වඩා හොඳට අපේ ගමේ සෝමපාලත් රඟපානවා, ඕවට ද රඟපෑම් කියන්නේ, දන්න දෙයක් කරගෙන ඉන්නෙ නැතුව ආව මෙතන රඟපාන්න..... අපහාසයකට නෙවෙයි මතක් කරලා බලන්නකෝ ඔය වගේ කතා අපි සමහර වෙලාවට කියලම නැද්ද කියලා. ඉතිං හිතන්නකෝ අපිම ලියලා, අපිම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා විතරක්
නොනවතින මේ කතාවේ අපේ රඟපෑම තාත්වික වෙන
තරමට අපි වටා ඉන්න ප්‍රෙක්ෂකයො සතුටු වෙනවා. ඒකෙන් අපිට හොද Fan base එකකුත් හැදෙනවා. ඉතින්......... අපි
දිනලා නැද්ද? මොකද කියනවා නම්, අපේ මේ හිත පොඩි
වෙලාවකට හරි අනෙක් අය අතරේ පොරක් වෙන්න හීන දකින නිසයි.
ජීවිත වෘතාන්තයේ ආපස්සට හැරිලා බලද්දි
තමයි තේරෙන්නේ වැදගත්ම දේ BTS එක
කියලා. නෑ නෑ ඔයාලා හිතපු අය නෙවෙයි මේ Behind The Scenes එහෙමත් නැත්තම් තිරය පිටුපස කියන එකයි.
මොකද දන්නවද ඇත්තටම අපි ඉන්නේ එතන නිසයි.
අපේ BTS එක මොන වගේද කියල ඇත්තටම දන්නේ අපි. සමහරුන්ගේ BTS එක තියෙන්නේ ගෙදර ඇතුළෙ විතරයි. ගෙදර
දොරින් එළියට ආවාහම එයා තාත්වික රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා. සමහරුන්ගේ
මේක තියෙන්නේ සයිබර් අවකාශයේ. එයාලා FB, WhatsApp ඒවා ඇතුළෙ මාවාගත්තු ජීවිතයක් රඟපානවා.
සමහරු Feck Account හදාගෙන තමන්ගේ ඇත්ත කතාව රඟපානවා. Password එක තියන නිසාම ඒ ජීවිතේ ඔවුන් එළියට
දාන්නේ බයක් සැකක් නැතුවයි. හරියට ගෙදර
නෝනට හොඳට සලකන සැමියෙක් නැත්නම් හොඳ ස්වාමි භක්තියෙන් යුතු පතිනියක් වගෙයි. එක
දවසකදී මේ දෙගොල්ලෝම ඔවුනොවුන්ගේ Password එක අතට ගත්තු ගමන් කරන පළවෙනිම දේ වෙන්නේ අනිත්
කෙනාගේ Chat list එක Check කරන එක නේද? මොකද ඒ හිත් වලට ඒ මොහොතේ
දැනෙන එකම හැගීම වෙන්නේ "තමන් රඟපානවා නම් අනිත් කෙනත් අනිවාර්යෙන්ම
රඟපානවා ඇති" කියලයි.
සමහරු වැඩ කරන තැනක, සමහරු තමන්ට දැනේන කෙනෙක් හෝ තැනක තවත්
අය තමන් ගෙවන මේ දවසේ රාත්‍රියේ හෝ දහවලේ ඉඩ ලැබෙන පොඩි වෙලාවක විතරක් ඇත්තටම තමන්
වෙනවා. ඒ තමයි ඔවුන්ගේ දවසේ හොදම විනාඩි කිහිපය කියලා ඔබ දන්නවද? මොකද අපි තුළ සැගවුණු අව්‍යාජ මිනිසා
ලෝකයට මුදාහරිනේ ඒ මොහොතේ නිසයි. අපි හැමෝටම මේ ගතවුනු කාලය තුළ අනෙකාගේ ඒ වටිනා
මොහොත මගහැරුණා කව්වෝත් හරි නේද. ඒ අපිට අපි වෙන්න බැරි වෙනකොට අපි විසින්ම අනිත්
කෙනාගේ අයිතියත් නැති කරපු නිසයි. මොකද අපේ හිත
ගොඩක් වෙලාවට නාට්‍යයට වඩා තිරයේ පිටුපස දේවල් හොයන්න එහෙමත් නැත්තම් කුණු
රහට කැමති වුන නිසයි. මිනිස්සුන්ගේ කැමැත්ත නාට්‍යට වඩා BTS ඒකට තියෙන්නේ ඒ නිසයි.
අපිටත් නොදැනිම අපි හැමෝම, එකිනෙකාගේ script වල නළු නිළියො වෙනවා. චරිත වල ප්‍රධානත්වය
ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා වගේම crew එකත් දවසින් දවස change වෙනවා. සමහර වෙලාවට අධ්‍යක්ෂවරයා,
නිෂ්පාදක වගේම පිටපත් රචකයත් මාරු වෙන අවස්ථා නැතුවාම නොවෙයි. එකිනෙකාගේ කතා වල
අපි ඔය කියන හැම චරිතයක්ම බෙදාගෙන රඟපානවා විතරක් නෙවෙයි අපිට එකිනෙකාගේ ප්‍රේක්ෂකයන්
සහ විචාරකයන් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. "වාසි පිලිට හෝයියා" කියලා යන අය
අතරෙම පොඩි කාලේ ඉදලා ගෙනාපු දේවල් අඹ මල්
රේණුවක්වත් වෙනස් නොකරන අයත් ඉන්නවා මේ
බහුතරයෙන්, "system එක change වෙන්න ඕනියි" කියලා තව කාගේ හරි system එකක හිර උනු පිරිසකුත් ඉන්නවා.
ඉතිං....... අපි කවුරුවත්ම ස්වාධීන නැහැ නේද?
නොදන්න නවාතැන්පොළක ඉපදිලා හිනාවෙමින්, අඬමින්, සතුටුවෙමින්, දුක්වෙමින්, විදිමින් සහ විදවමින් අපි අපේ ජීවිත රංගනයයේ යෙදෙනවනා. හරියට
"ජීවිතය රඟමඬලකි. එහි රඟන නළුවෝ අපි වෙමු" කියලා ශේක්ස්පියර් කිව්ව
වගේයි. ඕන්න ඕකට 1986 තිරගත උන මමයි රජා චිත්‍රපටයේ ග්‍රේෂන් ආනන්දයන් සහ ජොතිපාලයන්නේ අපූරු ගැයුමක් වු,
"අහගන්න මිතුරේ...
ලෝකය
කරළිය වෙනවා
මායාවේ
නළුවො අපි... "
කියන ඉපදී ලොවේ ගීතයත් මතක්
වෙනවා.
ටිකක් හිතුවාහම දිගටම හිතාගෙන හිතාගෙන
යන්න හිතෙනවා. එතකොට ලෝකේ වෙනසක් පෙන්න පටන් ගන්නවා..... ඊට පස්සේ ඇත්තටම මේකේ ඇති
දෙයක් නැහැනේ කියලා හිතටම දැනේන්න ගන්නවා නේද? ඕකට කියන්නේ Over Thinking කියලා. ටික වෙලාවකට පස්සේ ඔයාටම
හිතෙනවද මොනාද යකෝ මන් මේ හිතුවේ, ඒකෙ
කිසි තේරුමක් නෑනේ කියලා. අයියෝ...... නැහැ මිත්‍රයා, ජීවිතේ දී ඒ වගේ හිතන තරමට
අපි යථාර්ථය දකින්න පටන්ගන්නවා. ඔයා මේ ගැන නොහිතා හිටියත් මේ දේවල් වෙනස් වෙනවා, කලින් හිතන් ඉන්න දේවලුත් වෙනවා සමහර වෙලාවට නොහිතපුම දේවලුත් වෙනවා.
ඉතිං යාළුවා......... ජීවිතය කියන්නේ නාට්‍යයක් නම් ඒක තනිකරම පිස්සුවක් කියලා
ඔයාට හිතෙන්න පටන්ගන්නේ මේක ඇතුළේ තියන හරය හොය ගන්නකල් විතරයි කියලා අමතක කරන්න
එපා.
දේශා

0 Comments