ADD

FRIENDS❤ (විසල් උණ පදුරක් නොකියු කතාවක්)

 

                                   📌හයවන කතාව

අඩෝ චුක්කි ඇයි බං උඹ මේ කෘෂිකර්මයට නම ලියලා අරකි PT වලට නම දාලා😕,යකෝ ඉස්සරහට තාක්ෂණය නැතිව මුකුත් කරන්න බෑ, IT වලට නම දාපන්..,නෑ ඉඳපන් මම ම ලියන්න

අඩෝ ච(ර්)පි ඉඳපන්, මම PT කරන්නේ වෙනස් කරන්න එපා. අයි ටී බෑ බං  😟A එකක් ගන්න PT ලේසියි.

සිරාම ද 😡...උඹ මොකද කියන්නේ තොගේ නම මම ලිව්වා මට තනියම IT කරන්න බෑ වර මාත් එක්ක.

ඇයි රත්තරනේ මම මේ ඉන්නේ😇 උඹේ තනියට ආයේ මෝහිනි ලා මොකටෙයි...හා නැද්ද ඉද්දා...

කවුද මෝහිනි මම උඹට ආයෙ කියන්න ඒකි කොහෙද මෝහිනී වගේ,උඹනෙ මෙතන මහසෝන 👹වගේ ඉඳගෙන එක එක කතා කියන්න එපා..ලමයෙක් වඩාගෙන ඉන්නවා පේනවද.😠

මෝහිනීට බනින කොට රෝහිණීට තමා ඩෝං යන්නේ

හැකර කට සාප විය😬

ෆෙරෝන්, සරිත්‍යා දෙන්නම වාඩිවෙනවා යසයි ගෑනු ළමයෙක් හැදෙන හැටි අර පේන්නේ නැද්ද 😕මම එනකොට ඩෙස් එක උඩ ඇත්තට ගෑණු ළමයි ඔහොමද හැසිරෙන්නේ රදිනි ටිකක් සංවරව ඉන්න දන්නේ නැද්ද කතා කරන විදිය බලනවා😡...අම්මලා තාත්තලාටත් ලැජ්ජයි වාඩි වෙනවා තුන්දෙනාම.මේකෙ ඉන්න උන් ඔක්කොම එකයි බලනවා අම්බලමක් වගේ අරෙහෙ මෙහෙ බඩු..😠මොකට මට මේ ජරා පන්තිය ලැබුණ ද මන්දා ගන්නා පොත් එලියට නටනවා මෙතන..

ගෑනු ළමයෙක් නේද හරියට හැසිරෙන්න දන්නැද්ද 😋

ෆෙරෝන් කට වහපන්😒

බලනවා කතා කරන විදිහ😝

තොපි දෙන්න මෙතන නම්පචං ගාලා මාත් බැනුම් ඇහුවා😡

ඇයි උඹ පුටුව නැතිව වෙලාද ඩෙස් එකේ ඉඳගෙන හිටියේ😠

ඔය තුන්දෙනා ඔතන කුණු කුණු ගාන්න මොනවද හෙට ඉඳන් ඔය හය දෙනාම වෙන වෙන කණ්ඩායම් වල ඉඳ ගන්න ඕනේ අනිත් අය මොකේ හිටියත් රදිනි, ෆෙරෝන්, සරිත්‍යා කණ්ඩායම් තුනක ඉන්න ඕනේ 😤

excuse me miss රදිනි අක්කටයි ඉනුද් අයියටයි සංගීත සර් පොඩ්ඩකට ඇවිත් යන්න කිව්වා.

ගිහින් එනවා ඉක්මනට 

ස්..ස්... නංගි මට එන්න කිව්වේ නැද්ද😋

ෆෙරෝන්.😠.නැගිටලා මෙතැනින් වාඩි වෙනවා 

උඹ ඔය පොත අනිත් පැත්තට අල්ලගෙන මොනාද කල්පනා කරන්නේ.😏

ඒකත් අනිත් පැත්තට ද😵..නෑ මං කල්පනා කරේ ෆෙරෝනුයි රදිනි ගැනයි

ඇයි උඹට සැකයක් තියෙනවද 😮

නෑ 👉👈අර කොරියන් කතා වල වගේ වුනොත් 

මොන

enemies to lover💘

අඩේ🙊

                                               📌හත්වන කතාව

යස වැඩේ අද කොල්ලො ටිකට. උණ බටයක් ගිලපු ගැරඬියෙක් වගේ කලිසං ඇඳන් ඇවිත් හිටිය නේ යසයි..සාදු..

අම්මපා රැවුල් කොන්ඩ තැනින් තැන කපල කලිසන් පලාගෙන එනකොට ආධ්‍යාත්මික සුවයක් දැනෙන්නේ..🙏.යසයි.

ඒක නෙමේ අර සෞන්දර්ය වැඩමුළුවට පිට ඉස්කෝල වල අයත් එනවද 😏

ඕ... එහෙම කියලා තමා සර් කිව්වේ

මරු මරු අර ක්ලාස් එන සුදු කොල්ලෝ කවුද කියලා හොයාගන්න පුළුවන්😊

වැඩක් නෑනෙ ඌ එදා චිත්‍ර වැඩමුළුවට ආවේ නෑ කියන්නේ අනිවාර්යෙන් නටුම් හරි සංගීත හරි තමා කරන්නේ

ඉතිං..😕.

ඉතිං කියන්නේ යකෝ තොපි දෙන්න හරියට 👏 වත් ගහගන්න බැරුව, හරියට පාරක ඇවිදගන්නත් බැරුව සංගීත නැටුම් කාමර වල රිංගන්න හීන දකින්න එපා.

යකෝ පාරේ ඇවිදින්නෙ මණ්ඩිය ද මෙහෙම හිටියට අපිත් හොඳ ගායිකාව තමා නිකං නෙමේ හරිද  ඔපෙරා අපි කියන්නේ ඔන්න අහගනින් ඕඔහ්...ඕඕඕ..🎵ඔ..ඕ.ඔ ලාලලා🎼🎼... ක්කැහ්කැක්ස් .....

ඔපෙරා වල "ල" යන්න නැද්ද කොහෙද

හරි ඉතින් ඩාම් වේවා ඩූම් වෙනවා...😕කමක්නැ රදිනි මම කියලා දුන්න විදිහට කියනවා බලන්න ඔපෙරාව😉

මාගේ ගුරු මාතාවගෙන් අවසරයි..😳.."සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ 🎤.....ඒහ්ඒ එඒඒඔ..🎶.

එහා පන්තියේ උගන්වනවා කියලා තේරෙන්නේ නැද්ද තමුසෙලට මෙතන උඩුබුරලන තියාගත්ත 😠 ශිෂ්‍ය නායිකාවක් නේද ගුරුවරයෙක් නැති වෙලාවක තමුන්ලා නේද ළමයි බලා ගන්න ඕනේ ඒකට,.. ඉස්සරලම නටන්න පටන් ගන්නේ තමුන්ලා අල්ලනවා අත 😠

යකෝ මම නෙමෙයි කෑ ගැහුවේ.😡.බෙරිහන් දුන්න එකා නිකංම ඉන්නවා මම ගුටි කනවා 😩

හරි හරි ඉතින් ගුරුගෝල සම්බන්ධතා වලට ඇඟිලි දාහක් එකතු කරපු එකේ එක ගුටියක් කන එක එච්චර දෙයක් නෙවෙයි😛

දාහක්ම එකතු කරේ නෑ එකක් මදි වුණා😟

මදි උනේ නෑ පරිස්සම් කරගන්න බැරි වුණා😒

අහ් අර එන්නේ නඩේ🙋

අඩෝ හැට්ට කටු තියෙනවා නම් ගලවලා දීපන්..😞බලපන්කෝ මේක පරණ කලිසමක් කිය කිය වදිද්දි පැලුවනේ😟

යසයි කොන්ඩෙ කැපුවෙ නැත්තේ ඇයි?..😳.

මම කිව්වා අයියගෙ වෙඩින් එකේ දෙවෙනි මනමාලයාට ඉන්නවා කියලා ඒකයි කැපුවෙ නැත්තෙ කියලා😋...

අඩෝ මේ අර වැඩමුළුවට පිට ඉස්කෝලවල අයත් එනවලු 

එහෙනම් අර දෙබරු සෙට් එකත් එනවා ඇති දෙන්නම් මේ සැරේ😏


                                               📌අටවන කතාව

"නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
  සුපුරුදු ලෙස පෙනුනා
  කෙදිනක හෝ විඳ පුරුදු ඇති
  සුසුම් සුවද දැනුනා.🎶.."

පුරුදුත් නොවන නුපුරුදු නොවන ඇය සිතක නැවතුනු අපූරුව.දකින විට වේගයෙන් ගැහෙන හද ගැස්මේ තියන රහස කුමක්දැයි නොතේරුණත් අන් කිසිවෙකුට වඩා ඇගේ රුව නෙත් මානයෙන් දිවෙන විට දැනෙන හැගීම හදුනමි නමුත් සමහර විටෙක දෛවය වෙන්නත් ඇති.💕

ලස්සනයි නේ තාම කොල්ලෙක් නෑ ට්‍රයි කරනවද😁

පිස්සුද බං😮

සිරා කිව්වේ ඕනෙනම් හෙල්ප් එකක් දෙන්නම් කෙල්ල නරක නෑ😀

එපා එපා උඹට ඕන නම් සෙට් කර ගනිං😬

මැණික් ගල් වලට පයින් ගහලා අඩන්න එපා මචෝ.😑.. 

අපි කැන්ටිම පැත්තෙ ආවා යනවා එනවද දැන්ම පටන් ගන්නේ නෑ...

ඔහොම හිටපන්....ච(ර්)පී.🙋...

අඩෝ පිස්සුද බං

අප අසලට පැමිණ දඟකාර ලෙස සිනාසෙන ඒ මුහුණ මා හදවත නැවත නතර කරන ලදී කීමට කිසිවක් නැතිව ගොළු වූ මුවෙන් සිනහවක් වත් පිට නොවුණේ මන්ද නොතේරුණත් ඇය අමතක නොවන මතකයක් බව දැඩිව දැනුණි.😐

අපි කැන්ටිමට යන කොට උඹ නටව නටව යනවා දැක්කා ඒකයි කතා කරේ කීයක් හරි ඉල්ලගන්න

කවුද මී හරකෝ නටව නටව ගියේ දෙන්නෙ පයින්..😤

හා බොරුද අහපං මුගෙන්..,ඒ නුරා බොරුද මං කිව්වේ උඹ දැන් පැයක් තිස්සේ බලාගෙන හිටියේ දැක්කා නේද 😉

😲

ෆෙරෝන් මං උඹව මරනවා අහුවුනොත් 😠

ඕවා ගණන් ගන්න එපා එයාලා දෙන්නා ඔහොමමයි හොදින් ඉන්න වෙලාවක් නෑ😳 ඔයාලගේ සංගීත ප්‍රැක්ටිකල් ඉවර නැද්ද තාම 

නැහැ පටන් ගන්න තව වෙලාව තියනවා ටිකක් එළියට ආවා😊

තව ඩිංගෙන් හාට් ඇටෑක් එකකින් මෙතන මැරෙන්න තමයි වෙන්නේ😌 කොහොමද හෙට පත්තරේ යනකොට සංගීත වැඩමුළුවට ආ සිසුවා සිසුවියකගේ රැවීමට බියවී හදවත නැවතී මරුට අම්මෝ😲 හැබැයි බය වුනේ රැව්ව රැවිල්ල ට නෙවෙයි අර ගෝතයා ගේ හැකර කට තව මොනා කියවයි ද කියලා මොනා උනත් රවන කොටත් ඔයා හරි කියුට්.😍

රදිනි අක්කා අරහෙ ඉනුත් අයියලා දික්සිත් අයියලයි එකතුවෙලා පිටින් ආපු අයියලා එක්ක ගහගන්නවා😑

මොනවා😦 ච(ර්)පි වරෙන් යන්න අරුන් මරාගන්නවාලු😡


                                                  📌නවවන කතාව

මේ ඒක නෙවේ දැන් හෙට අනිද්දම රිසල්ට් එන කතාවක් තියෙන්නේ දැන්මම ඒලෙවල් වලට ක්ලාස් පටන් අරගෙන තියෙන එකේ... මොකෝ කියන්නේ යමුද ට්‍රිප් එකක්,මොකද අපිට ආයෙ ලොවෙත් එකට සෙට් වෙන්න තියෙන කාලය අඩුයි😩

ඒක ඇත්ත ඉංග්‍රීසි කෝස් එක ඉවර වෙන්න ලග එකේ අම්මලාට අයිඩියා එක දාලා බලන්න ඕනේ මුකුත් කියන එකක් නෑ😊

කොහෙද යන්නෙ අපි.. ක්ලාස් එකේ අනිත් අය සෙට් කරගන්නෙ කොහොමද උන් එයිද මේ වෙනකොටත් කිහිපදෙනෙක් විවාහකයි 😀

දිකා අර එදා අපි පත්තරේ දැක්ක ආටිකල් එකේ තිබුන ළමා නිවාස ගැන මොකද හිතන්නේ ඒ පැත්තේ තව බලන්න දේවල් තියෙයිද කෝකටත් අපි ගෲප් එකට මැසේජ් එකක් දාලා අදහස් විමසුම 😒

අවසානයට කවුරු නැතත් අපි හයදෙනා හරි යමු නැද්ද මැණිකේ.😜..

______-------------______

"මැණිකේ..... මම නිලමේ වැල්ලට ආවා ඉන්ට කන්ට බොන්ට සෝයි තැන"🙃

අන්න මැණිකේ නිලමේ ෆෝම් වෙලා😉

අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා 😡

බඩගිනියි අප්පා...😞.මෙච්චර මේ රටේ බලන්න තැන් තියෙද්දි මුහුදකට ම එන්ඩ ඕනෙ උනා නේ අම්මපා උදේ හවස මුහුදු පෙනි පෙනී තවත් මේ එකකටම ආවා නේ😒

ජනාකීර්ණ මුහුදකි නොලැබෙන ආශ්වාදයක් විඳ ගන්න අදම ඔබත් පැමිණෙන්න 😊බල්ලන් කපුටන් හැරුණුවිට ඉඳහිට අතරින්පතර ඇවිදින හරකුන් සහ කරවල වාඩි ද දමා තම ජීවිකාව කරගෙන යන්නන් සමග මද කලබලකාරි මුහුදු තීරයක විනෝදයෙන් සැරිසරන්න😊

අන්න විනෝද ලැබිලා ඔය දුවගෙන එන්න😮

යකෝ😣 කපුටො එක්ක ඉපදීලා හැදිලා වැඩිලා මෙච්චර කාලෙකට උන් මට මෙහෙම සැලකුවේ නෑ මෙහෙ ඉන්න උන් ගේ පුක වල් කපන්න ඕනේ😦

සෙනසුරු ඒරාශ්ටක ඉහට ගහපු උන්ගේ තමා ඉස් මුදුනටම කෙලලා අරින්නෙ 😂

සෙනසුරු නෙමේ මූට සිකුරු ඉහට ගහලා තියෙන්නෙ ලගදිම දැනගනින් කට්ටිය😲 

බඩගිනී බං😔

යකෝ නැග්ග වෙලාවේ ඉඳන් කන එකයි නිදාගන්න එකයි විතරයි කරේ බඩගිනි ලු තව😡

බඩගිනි ඇති මගදී හෝටලය අත ඇරියේ😬

හරි හරි කාල ඉමු රදිනි ගිහිං අර නිලමේ කැන්දන් එන්න නැත්තං ඕකව කරවල වාඩි එකට ඇදන් යනවා කරවල වේලන්න😆

අප්පා උස්සන් යන එකා කරවල 250 කුත් එක්ක ආයෙ ගෙනත් දානවා 😁බයවෙන්න එපා 

අවසානයේ අපි හයදෙනා විතරක් ආවා බැච් ට්‍රිප් එක😕කතාව ලැම්බෝගිනියෙන් ගමන දෝලාවෙන් කියන්නේ ඕකට අපරාදේ අර අපි එක්ක ඉන්න නුරාද්ලවත්  එක්කං එන්න තිබ්බේ ආවා මෙතන බැජ් ට්‍රිප්😦


                                               📌දහවන කතාව

හරි සොරි අයියේ ...😬ශේප් මූ ටිකක් ඔහොම තමා

සොරි අයියේ සොරි ගාන්නේ ඇයි 😠මුන් අතේ වැරැද්ද තියාගෙන..ශේප් ශේප් කියන්න මොකද ආහ් මොනාද බලන්නේ අවලමෝ😠 කෙල්ලෙක්ට මෙතන නිදහසේ ඉන්න බෑ..

මොනාද බොල තෝ කියන්නේ තෝ වගේ එකෙක් මගේ අත් දෙකටත් මදි පව් නොදී ආපු අතක් බලාගෙන පල 😠

මොකක්ද උඹ කියන්නෙ.😠..දෙකට මදි වරෙන් එහෙනම් කකුල් දෙකත් අරන් ගල් මුසලයා...

ෆෙරෝන් ඉනුද් නවත්ත ගන්නවා දෙන්නම😡

සොරි අයියේ..🙁..

මොකද මේ ළමයි මෙතන රණ්ඩු වෙන්නේ කවුද ඔයාලා අහ්😕

නෑ අංකල් අපි ට්‍රිප් එකක් ආවෙ මේකා තමයි අපේ ගෑණු ළමයිට එක එක වල් කතා කිව්වේ😡

හරි හරි උඹලා පල දැන් එනවා පොඩි උන් එක් අල්ලන්න මෙතන😡.ඔය ළමයිනුත් දැන් ආපහු ගියොත් හොඳයි නේද නොදන්නා පැති වල රණ්ඩු වෙන්න යන්නේ නැතුව🙅.

හරි අන්කල් අනේ තැන්කියු..😌.

අහුවියන්කෝ තොපි ආයේ😕

ඇයි මොකෝ ඇයි ඇයි උඹ😠

ෆෙරෝන්😣 නගිනවා ගිහින් වෑන් එකට😤

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

ෆෙරෝන් වෑන් රථය තුළ තැන් තැන් වල ඔහේ නිදාගෙන 😪සිටින තම මිතුරන් දෙසත් තමාගේ උරහිසට හිස තබාගෙන නිදා සිටින රදිනි දෙසත් බලා ඈත සිතිජය වෙත නෙත් යොමු කළේ නින්ද හෝ මහන්සියක් තමා තුළ නොමැති නිසාය👀

ෆෙරෝන් POV

මුහුදුරැල්ල එක දිගට වෙරළට එන්නේ ඇයි කියලා දන්නවද

විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද ඕනේ

නැහැ හර්දයාංගම

රැල්ල වෙරළට ආදරේ නිසා

😒ඕක කොමන් තියරිය.හැම රැල්ලක් ම එක්කම සුනුවිසුනු පැතුම් ගොඩක් වෙරළට අරගෙන එනවා ඒ ගේන සමහර පැතුම් වල අයිතිකාරයෝ රැල්ලට කියනවා ආපහු ඒවා ගෙනත් දෙන්න කියලා.ඉතින් රැල්ල ආයේ ඇවිත් ඒ ගේන්න කියපු දේවල් අරගෙන ආයෙත් යනවා.ඒත් රැල්ල දැන්නෑ ඒ එන යන හැම වෙලාවකම තව කාගේ හරි පැතුමක් අරන් එන්නෙ කියලා ඉතින් නොනැවතී රැල්ල පැතුම් එකතු කරනවා.

එහෙනම් මහන්සියක් දැනුණු දවසට රැල්ල නවතීවි😏

නෑ රැල්ලට මහන්සි නෑ මොකද එයා ගෙනියන පැතුම් තව කෙනෙක් ද සතුටට හේතුවක්.ඒත් එයාට ගෙන්න පැතුමක් නැති උන දවසට එයා නතර වෙයි.

හ්ම්.....රැල්ල ගේන පැතුම් අන්න අර වගේ අයගේ පැතුමක් වෙනවා.සිප්පිකටු එකතු කරල ජීවත් වෙනවා.

පැතුම් මිනිස්සුන්ව ජීවත් කරවනවා නැහැ මිනිස්සු එක්ක පැතුම් ජීවත් වෙනවා.

හ්ම්...මිනිස්සු මැරුනම එයාලගේ පැතුම් තව කෙනෙක්ගෙ ජීවත් කරවනවා.එක්කෝ අකමැත්තෙන් පවරපු නැත්තං කැමැත්තෙන් තමාගේ කරගෙන.

මගේ පැතුම අයිතිකාරිය වෙන්න කැමතිද😐

මොන වගේ පැතුමක ද😳

මාත් එක්ක ඉන්න මාත් එක්ක හිනා වෙන්න මාත් එක්ක අඬන්න මාත් එක්ක අලුත් පැතුම් ජීවත් කරවන්න 

ඉතින් දැනුත් එහෙම නේ

යාලුවෙක් විදිහට නෙමෙයි මගේම හිමිකාරි විදිහට.කැමතිද....හිතන්න ඕනේ කියලා කල් ඉල්ලන්න එපා ගොඩක් කල් අතීතයේ තිබ්බා. මම දන්නවා ඔයා මාව දැනගෙන හිටියා කියලා.

හ්ම්...ඔව්..😊

මොකක්ද ඔව්..😮

අද දවස හොඳට මතක තියාගන්න පස්සේ දවසක මට රණ්ඩු වෙන්න ඉඩ තියන්න එපා අද දවස අමතක කරලා.😏😉

_____................________

මම මුහුදට ආදරේ එහෙ තියෙන කලබලකාරී , කලබලකාරී නොවන ඒකාකාරී ත් නැති අමුතුම හැඟීමක් දැනෙන තැනක් නිසා මගේ ජීවිතෙත් එක්ක බැඳුණු හැම ලස්සන මතකයක් ම මුහුද එක්ක වෙනවට මම කැමති ❤❤❤❤

"මාරුතයක ඔබ පැටලී ආවද මේ වාගේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
ඔබ කොයිකාලේ කාටවත්
බැහැ දෙන්නට මොහොතකටවත්
ගැහෙන මගේ පපුව පුරා
වැටෙන මගේ හුස්ම ඔයා" 🎶     188.2 නද FM

                                                                                                                 නැවත හමුවෙමු.

Post a Comment

0 Comments