📌එකොළොස්වන කතාව
සර් දැන් එතකොට අලුතෙන් ඉස්කෝලෙට එන ළමයි පිළිගන්න උත්සවයක් ලෑස්ති කරන්න ඕන නේද?.අපි එක ඒක 13 වසර ළමයිට බාර දෙමු මොකද එයාලා නේ මෙතන ඉන්න සීනීයලා.
එයාලට ඒක කරන්න බාර දෙන්න තමා මාත් හිතුවේ.උන් වැඩේ කරයි.විනය භාර අයට කියන්න ඕනේ රැග් ගැන ටිකක් සෝදිසියෙන් ඉන්න කියලා.අතන අයදුම්පත් තියෙනවා,උත්සවයට කලින් ළමයි ටික තෝරලා ඉන්ටවීව් එකෙන් පස්සෙ උත්සවය ගැන කතා කරමු.
ඉනුද් දෙව්රාද
A සාමාර්ථ නමයක් අරගෙන තියෙනවා. හොඳයි ක්‍රිඩා එහෙමත් කරලා තියනවද?
ඔව් සර් එයා බාස්කට්බෝල් 🏀ටීම් එකේ කැප්ටන්.
හොඳයි එයාව ලිස්ට් එකට දාන්න.එතකොට ඉස්සෙල්ලා A නමයක් ගත්ත ගෑණු ළමයෙක් හිටියා නේද එයත් ඒ ඉස්කෝලෙන්මද?
ඔව් සර් එෂාර්යා,එයාට අමතරව දික්සිත් කියල කෙනෙකුත් ඒ ඉස්කෝලෙන් ලිස්ට් එකට අපි ඇඩ් කරා.
OK...
__________________________***__________________________
අනේ මට තනියම පිට ඉස්කෝලෙක ඉන්න බෑ අප්පා 😖
මේ අහපන් උඹ දක්ෂ පැත්තෙන් යන්න ඕන උඹ කැමති විශයන් තියෙන තැනට උඹ යන්න ඕනේ.නැතුව මෙතන තනිරකින එකයි
කිය කියා එක්කං යන්න බෑ නේ.අනික අලුත් යාලුවො සෙට් උනාම හරි යනවා.අපිවත් අමතක වෙයි එතකොට.😏
උඹලා ඔක්කොම ජෝඩු ජෝඩු ඉස්කෝල වලට දාලා මම අවසානයට තනි උනා.හෙට තනියෙන් මා අඬන්නෙ නෑ.😞.
හරි හරි උපරිම පැය නමයක් වෙයි අමතර පන්ති වැටුනොත්.ඊට පස්සේ අපි ආයෙ ගෙවල් වල නේ😒
හරි හරි ඉඳපන් මම අහල බලන්නං කවුද ඉස්කෝලෙට දැම්මේ කියලා
කමක් නෑ දුකක් නෑ.අපේ ඉස්කෝලෙම ඉන්න තිබ්බේ මටත්.කොහෙද මාත් කටපත් ඇද්දා නේ 😑ලබ්බෙ IT එකක් කරන්න ඕනේ කියලා.
එතකොට ඉනුත්,දිකයි,එෂායි,උඹයි තමා පිට ඉස්කෝල ඉස්කෝල වලට යන්නේ.මායි මගේ මැණිකේ අපේ රාජධානියේ.😍
ඔව් ඔව් උඹයි මැණිකෙයි ඕකට වෙලා ඉදපන් අපි වස්කෝදගාමා වගේ අධිරාජ පිහිටුවන්න යනවා.
වස්කෝදගාමා අධිරාජයෙක් ද එතකොට
නෑ අශ්වයෙක්🐎
ආව්..අම්මාහ්.😲.කවුද යකෝ ඒ අඹ ගෙඩියකින් ගැහුවෙ😠
ගැහුවේ නෑ මිනිහා ඒක දැනුයි ගහෙන් වැටුණේ.😕
හරහාට ගහෙන් වැටෙන්නෙ කොහොමද ඊරියෙ.මගෙ පිට😤.
නිව්ටන් නිදාගෙන ඉන්නකොට විතරයි කෙලින් වැටෙන්නේ අනිත් වෙලාවට හරහට වැටෙන්නේ.😶
අම්මගෙන් ලුණුයි මිරිසුයි සීනි ටිකක් ඉල්ලගෙන එන්ඩෝ...😛
ඒ.. නංගි නැගිටිනවා මොකද්ද තමුසෙගෙ නම
සරිත්යා😔
සාරි අඳින්න දන්නවද? මොකද රවන්නේ කෙල්ලෙක් උනාම සාරි අඳින්න දැනගන්න ඕනේ දන්නෙ ඤැ ගන්නැතුව
😕කවුද දන්නෑ කිව්වේ
මොනාද මුනු මුනු ගාන්නේ.කැමති පාට මොකක්ද
කළු පාට
ඇයි සුදු පාට අවුලක් තියෙනවා ද ඒ අඩෝ කෙවින් දුක තමා සුන්දරී කිව්වලු මෙන්න මේකි කළු උන්ට ලු කැමති සුදු උන් එපාලු.😉
තමුසේ නැගිටිනවා මොකක්ද
නම
ධනුක
මේකිව දන්නවද
නෑ
නංගි ඔයාගේ නම මොකක්ද
අහස්‍යා
යකෝ මුන්ගෙ නම්😕.අරිසෙන් අහුබුදු උඹලගෙ ගෙවල් පැත්තෙ ද අහස්යානා සරිත් යානා මව්ලානා..අරුව දන්නවද
ඔව්
මෙතනින් මලක් අරගෙන ධනුක ළඟට ගිහින් කියපන් මගේ හිතේ තියෙන භක්තිය මලක් කරලා ඔයාට දෙන්නේ ඒක ආද..😡. ඒ උඹට ඉඳ ගන්න කිව්වෙ කවුද?
නංගි ඔයා ඉඳගන්න😄
නෑ නෑ කෙවීන් උඹ හිටපං පැත්තකින් මම වාඩිවෙන්න කියනකල් උඹ හිටගෙන හිටපන්.මොකක්ද මම අවසානයට කිව්වේ.
මල ධනුකට දීලා
පුදුම හදිසියක්නේ තියෙන්නෙ.මම මල දෙන්ඩ කිව්වේ නෑ.යකෝ මුන්.හරි හරි ඔයාගේ ධනුකට මේ මල දීලා කියන්න මගේ හිතේ තියෙන භක්තිය මලක් කරල මම ඔයා ලගට ගෙනාවේ පිළිගන්න ඒක කියලා.තව බලන් ඉන්නෙ කියපං ගිහින් එච්චරයි.😏
මගේ හිතේ තියෙන භක්තිය මේ
අපෝ මොකක්ද නංගී ඕක භක්තිය නෙමෙයි නිකන් හිතේ තියෙන වෙන මොකක් හරි වගේ අනේ ටිකක් රොමෑන්ටිකව් කියන්න දන්නැද්ද මෙහි දීපන්.මොකද මොකටද උඹ හිනා වෙන්න.😡
මම හිනා උනේ නෑ😒
මොකද නම කිව්වේ
සරිත්යා
සරි හරි සුලි හරි මේ මල අරගෙන කැමති කොල්ලෙක් ද දීලා...,නෑ නෑ අර ඉන්නේ කෙවින් අයියා එයාට දීලා කියන්න
අඩෝ...පිනා එනවා.😮..මේ පැත්තෙන් ය
__________________________***________________________
කොහොමද පාසල් ජීවිතේ රැග් එහෙම ලැබුණද?😏
ලැබුණා උඹට ටිකක් මල්ලෙ දාගෙන ආවා ඕනෙද😒
එපා එපා අපිටත් යහමින් තිබ්බා මොනා උනත් සඳකැලුම් සර් හරි හොඳයි.නමේ හැටියට මූණ නැතත් පොර අපිව රැග් එකෙන් බේරගන්න පට්ට ගේමක් දුන්නේ. 😄
ගේම පට්ට උනත් මිනිහ එච්චර හොඳ කෙනෙක් වෙන්න බෑ කෝකටත් එෂාර්යාට කියපන් තනියම ඌව හම්බ වෙන්න යන්න එපා කියලා.😔
මොනාද බං උඹල මේ ගුරුවරු ගැන කතා කරන්නේ.පෙනුමෙන් කාවත් මනින්න එපා.
හරි හරි අම්මේ.. ඔබේ උපදෙස් හිස මුදුනින් පිලි ගන්නම්.මේ ඒක නෙමෙයි අර නුරාද් ගේ කෑල්ල ද?
කෝ කවුද..අම්මට.....😍.ලස්සනයි
ච(ර්)පි දන්නවා ඇති.අහල බලන්න එකිගෙ බොක්ක නේ.
කෝ ච(ර්)පි අර දිකා එක්ක ගියා වඩේ ගේන්න.උන්ට කන්න තියෙනවා නං ආයෙ මලත් කමක් නෑ.😕
කෝකටත් ඉස්කෝලෙදි පරිස්සමින් මොකද අපේ ඉස්කෝලේ නෙවෙයිනේ
කොහොමද අර ජෝඩුව ඉස්කෝලේ ලව් කර කර ඇති නේ.අපේ ඉස්කෝලේ ලව්පොට් ගැන අපි දන්නවනේ.අනේ දුකකි ඉරකි තිතකි මේකෙ පොට් එකක් තියා ලැට් එකක් වත් හොයාගන්න බෑ.😩
ඒ ඉද්දා රුපියල් විස්සක් දියන්කෝ උලුඳු වඩයක් ගත්තා සල්ලි මදි.
📌දහතුන්වන කතාව
ඇයි ප්‍රයිවට් කැම්පස් එකකට දාන්නේ දෙවෙනි පාර කරලා ආපහු දාමු
ඒකත් හොඳයි ඒත් මට මේ ඩිග්රි එක හිතට ඇල්ලුවා.😄මට පොඩි කාලෙ ඉඳන් හැකර් කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබුනා. එතකොට ෆෙරයි,ඉද්දයි,අපේ එෂායි විතරද රජයේ කැම්පස් එකට යන්නේ ඉන්නේ ඇයි චුක්කිට දෙවෙනි පාරත් කරන්න කියලා ගෙදරින් කිව්ව කිව්වේ.එයා කිව්වා මාත් එක්ක ඩබින් ගැන ඉගෙන ගන්න ඕනේ කියල.තාම හරි විස්තරයක් මට කිව්වේ නෑ.කොහොමත් දෙවෙනි පාර කරන්න මගේ අදහසක් නෑ.😐
මේකි මේ දෙවෙනි පාර කරන්නෑ කියන්නේ වෙන මොකටවත් නෙවේ මේකිගෙ කෑල්ල දෙවනිපාර කරන්නෑ කිව්වා එන කැම්පස් එකට යනවා කිව්වලු.
කවුද කෑල්ල අපි දන්නැති කෑලිත් ඉන්නවද එතකොට
අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා නුරා කියන්නේ මගේ හොඳම යාළුවා හරිද.😡
ආ... අර නිකන් බෙටිස් බෙස්ටා සීන් එක වගේද අපෝ😬
ඕ ... බෙටී සින් එකක් තමා අනේ මේහ්.😠..කෝ අරුන් තාම නෑ ඕකුන්ට වෙලාවට වැඩක් කරන්න බෑනේ
ඉද්දා කෝල් එකක් දාලා බලපං අර කපල් එක කොහෙද කියලා
ඉඳහං අර වෙලාවේ තෝ කිව්ව නිසා මගේ ෆෝන් එක සයිලන්ට් 🔇දාලා මට ඒකත් අමතක උනා බලපන් මිස් කෝල් වගේකුත් තියෙනවා
හෙලෝ ෆෙරා කොහෙද ඉන්නේ යකෝ බඳින්න කලින් හනිමූන් ගියාවත්ද😉
අනේ බං අපිට පොඩි කරදරයක් වුනා රධිනි හොස්පිට්ල් එකේ ඒකිට ලේ දෙන්න ඕනි කිව්වා බං.😞
මොනවා හරි හරි කලබල වෙන්න එපා උඹ ඉඳපන් අපි මේ එනවා.😨.ඒ පොඩි කරදරයක් යමං ඉක්ම..
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ කැත ඉද්දා
හැපි බර්ත් ඩේ ටූ යූ🎊🎉
මොකද හිතුවේ අපිට අමතකයි කියලද..?ලේ බැංකුවෙන් තමයි කේක් 🎂 එක අරන් ආවේ.
යකෝ තොපි නම් මට කකුල් පන නැතුව ගියා.😰
අපිට නොකියා උඹල සුද්දියෙක්ටත් ඉන්වයිට් කරාද😶
නෑ ඇයි මොන සුද්දි ද
අර කෙලගෙන එන්න මේ පැත්තට.කව්ද බං ඒ කත.😍
අඩෝ දැක්කේ නෑ වගේ මාරු වෙමු මොනා අහයිද දන්නෑ
I'm really sorry for disturbing please help me i lost my
passport. i..i.. dont know what to do please help
dont worry..ම්..අඩෝ මොකද කරන්නෙ දැන්
පොලිසියට කියමු
ඕ....we must inform police about it
and can you come with me.
Yeh....
ච(ර්)පි මාත් එක්ක එන්න
ඉන්න ඉද්දා උඹ පලයන් රධී එක්ක මම පොලිස් වැඩ ගැන දැන් නෑ එතකන්
අපි මේ හරිය ටිකක් හොයලා බලන්නම්.
oky we need to take a cab...අද මගේ ඉංග්‍රීසි ටිකක් වැඩ කරනවා වගේ.
📌දාහතරවන කතාව
“සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු
ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වුයේ”🎵🎵........
ආ..ච්චීයෝ..... අච්චෝ.. මෙ ඉන්නෙ සින්දු අහ අහා...
ඇයි මේ බෙරිහන් දෙන්නේ😕
සීයට සිහිය ඇවිත් හොස්පිට්ල් එකෙන් කතා කළා.හොඳට කතා කරනවලු දැන්.
ම්....එහෙනම් කාලේ හරි😑
අපි ඉක්මනට යමු ලෑස්ති වෙන්න අම්මා අරහේ සතුටු ටැප් එක ඇරගෙන..ඉක්මනට ලෑස්ති වෙන්ඩෝ.😄
__________________________***__________________________
මම දැනගෙන හිටියා මුකුත් නොකියා යන්නේ නෑ කියලා
යන්න හිත දුන් නැහැ..ඒත් ඉන්නත් බෑ
අපේ කාලේ දැන් ඉවරයි😑
හ්ම්....යාළු වුණා තරහ වුණා රණ්ඩු වුණා පිස්සු කෙලියා ආදරේ කළා කසාද බැන්දා ළමයි හැදුවා මුණුබුරොත් බැලුවා පසුතැවිල්ලක් නෑ...
ඇත්ත...
ඔයාට කියන්න දෙයක් තියෙනවා...ඔයා දන්නවද මම ඉස්සෙල්ලම ආදරේ කලේ ච(ර්)පිට.
ඔව් මං ඒක දැනගෙන හිටියා😑
කොහොමද ඒක කවුරුත් දන්නෑ අඩුම ගානේ....😯
නුරාද්ගෙන්....පලවෙනි පාරට මං ගොඩක් ආත්මාර්ථකාමී වුණා.මම පොඩි කාලේ ඉඳන් ඔයාට කැමැත්තෙන් හිටියේ.ඒත් ඔයා ච(ර්)පිව තෝරාගනී කියලා හිතුනෙම නැහැ. මම හිතුවේ ඔය දෙන්නා අතරෙ තියෙන්නෙ යාළුකමක් කියල විතරයි.😔සමාවෙන්න මට.
මට සමාවෙන්න..මම ආදරේ කලා ච(ර්)පිට ඒත් ඒ බැඳීම යාලුකමට එහා ගියේ නෑ.ඒක දෛවය.මොකද මට ගැළපෙන කෙනා ම ලැබෙන්න ඕනේ නිසා.ඔයා සමාව ඉල්ලන්නේ ඇයි
ච(ර්)පිත් ඔයාට කැමැත්තෙන් හිටියේ නෑ එයා නුරාද්ගෙ
නැහැ ඔයාගෙ ආදරය ඒක පාර්ශ්වයක දෙයක් වුණේ නැහැ.එතන කාලයේ වෙනසක් තිබ්බේ. ච(ර්)පියි නුරාද්ගෙයි අතර තිබ්බ සම්බන්ධය අපිට පෙන්නුව නාට්‍යයක්. තාත්වික රංගනයක්.එයා ඔයාට ආදරේ කළා ඊට වැඩිය මට ආදරේ කලා ඒ නිසා එයාගෙ ආදරේ මං වෙනුවෙන් මරලා දැම්මා නුරා ළඟට ගිහින් පිටපත දීලා රඟපාන්න කිව්වා.
නෑ 😔ඒ රඟපෑම තාත්වික වැඩියි අනික ඒ දෙන්නම එකටම එකම දවසේ...
ඔව් එතනත් තිබ්බ ඒකපාර්ශවික ආදරයක් නළුවෙක් වුණත් පිටපතක් නැතුව ඇත්තටම රඟපාපු.ඇත්ත දැන ගන්න කොට හොඳටම පරක්කුයි.😴
ඔයා ඒ ගැන දැනගෙනත් ඇයි ඇහුවේ නැත්තේ ඒක ච(ර්)පි දන්නේ කොහොමද?
මම ඇහුවා ඔයාගෙන් ඒ ගැන.
කවද්ද මම මොනවද කිව්වෙ?😔
අපේ ඇනිවසරි එක දවසේ.ගොඩක් කලින් යාලු වුන මුල් දවස් වල.
📌පහලොස්වන කතාව
[එෂාර්යා POV]
Happy anniversary බබා
Happy anniversary... 🎉
මොනාද ඕනේ ඔයාට.අද ඔය ඉල්ලන ඕන දෙයක් දෙනවා.ඕන දෙයක් කරනවා.😍
කතා කරමු අපි එහෙනම් අද අපේ අතීතය, වර්තමානය,අනාගතය ගැන.😊
අපි වර්තමානයේ ඉඳගෙන අනාගතය ගැන කතා කරමු.අතීතය අමතක කරමු ඇයි අපි අතීතය උස්සගෙන ඉන්න ඕනේ.😟
දෙයක් අහන්නද
මොකක්ද😔
ඔයාට ආදරේ කරන්නෙ නෑ කියලා හිතලා අත ඇරලා දාපු කෙනෙක් ඔයාට ආදරේ කරනවා කියල දැනගත්තොත් මොකද කරන්නේ
😔ඔයා නොවන වෙන කෙනෙක් මට ආදරය කරනවා කියලා හෝ ආදරේ කලා කියලා දැනගත්තට වැඩක් නෑ ඒ දේවල් අතීතයේ.ඒ කාලේ එහෙම වෙන්න ඇත්තෙ ඉරණමට. ඉතින් ඇයි අපි ආයේ ආයේ ඒවා ගොඩ දදා බලන්නේ.මේකයි ඔයාට මට බොරු කරන්න ඕනේ නැහැ ඉස්කෝලේ යන කාලේ මට ඔය පොඩි පොඩි එක එක සම්බන්ධතා තිබුණා.
😕අපෝ ඔව්..හොඳ පොඩි..අපි හිටියේ නැත්නම් මේ වෙනකොට ළමයිනුත් කර ගහන් හිඟා කකා ඉන්න වෙන්නේ.
දන්නවනේ 😀කොලුකම ඒ.කාලෙන් කාලෙට එහෙම වෙනවා.ඒත් ඇත්තටම හිතට දැනුනු ආදරයක් ලග පිරිමි නවතිනවා ඒ මත්තෙම නැහෙනවා ආයෙ වෙන ආදරයක් හොයන්නෙ නැහැ.සමහර සංසාරගත බැඳීම් හම්බවෙන්න ගොඩක් පස්සේ.මම ඔයාට ආදරෙයි කිව්ව මුල් දවස්වල ඇත්තටම මගේ හිතේ ඔයා ගැන තිබ්බෙ දෝලනයක්.ඒක ආදරයක් ම නෙවෙයි මම කෙනෙක්ට ආදරේ කළා.ඒක කියන්න අවස්ථාවක් මට හම්බුනේ නැහැ.ඒ බිඳුණු හිත එක්ක මම ඔයා ළඟට ආවේ ඇත්තටම ආදරේකින් නෙවෙයි. සමාවෙන්න.😑
මට තේරුනා ඒත් මම ආදරේ කරපු නිසා ඒක දැනෙන්නෙ නැති විදිහට හිටියා.මට ඕනෙ වුනේ ඔයා ළඟ ඉන්න ඔයාගේ වෙන්න. ගොඩක් ආත්මාර්ථකාමි වුණා.මම දැන් තමයි තේරුම් ගන්නේ ආදරේ අන්ධයි කියන්නේ ඇයි කියලා.😑
ඒත් ඔයා ඒ හිත එකතු කරලා තිබ්බට වැඩිය හොඳට අලුතෙන් හැදුවා මම ඒ අත් දෙකට ආදරේ කරන්න පටන් ගත්තා මගේ හිත හදපු හිත ලග මම නැවතුනා සදාකාලයටම.
දුකක් නැද්ද?
නැහැ මට දැන් ඕනෙ හිත එක්ක ඉස්සරහට යන්න ආයෙ වෙන හිතක් එපා.
එච්චරද
හම්....
පසුතැවීමක් තියෙයිද😶
කවදාවත් නෑ
හිතල බලන්න කාලය ඕනෙද
එපා මම හිතලා ඉවරයි
එහෙනම් අපි දුර ගමනක් යමු😍
එකටම යමු මගේ අත අතාරින්න එපා😘
තාත්තා ළඟ තනියට අම්මා ඉන්නවා කිව්වම ඔයා පැනලා හා කිව්වේ ඇයි? 😡දෙන්නම වයසක අය දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පුළුවන්ද තමන්ම බලාගන්න ඔයාට බැරිනම් මම හරි පුතා හරි ඉන්නවා නේ.ඒකත් එපා කිව්වේ ඇයි.😕
මට බැරි කමකට නෙමෙයි කිතු.😔..අම්මා තමා කිව්වේ ඒ දෙන්නට කතා කරන්න වෙලාව දෙන්න කියලා..තාත්තත් ඒකට ඔලුව වනපු නිසා ඉතින් මම..😧.
ඉතින් මම නෙමෙයි යුනාදි ඔයාට ටිකක් හිතන්න තිබ්බා අම්මා කිව්වා කිය කිය..😠.
හරි හරි ඔය දෙන රණ්ඩු වෙන එක නවත්තන්න මම නර්ස් කෙනෙක් ව එළියෙන් තිබ්බා එයාලට ඕන වුනොත් බලාගන්න කියලා😕.මම අද රෑට වැඩ මාව එෆ්එම් එක ගාවින් දාලා දෙන්න රණ්ඩු වෙන්නේ නැතුව ගෙදර යන්න.පරිස්සමින්...😑
පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර මම නැති දාක නපුරක් නුබ හට වේද
තුන් සිත දැවී අළු වෙයි ඒ සිතන සඳ
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය🎶
...නද FM...
දැන් වෙලාව රාත්‍රී හත පසුවී මිනිත්තු 15යි. 188.2 න් ඔයා මේ අහන් ඉන්නේ...නොකියූ කතාවක්..
__________________________***__________________________
පුතා යුවි මම දන්නවා එක දරාගන්න අමාරුයි කියලා ඒත් ඒක තමයි ස්වභාවය. ඉපදෙන හැමෝම මැරෙන්න ඕනේ ඒක වෙනස් කරන්න බෑ.😖
ඒත් අනෙ එයාලා හොඳින් කියලා කිව්වනේ😭 අනික ඩොක්ටර්ලා පවා කිව්වා බය වෙන්න එපා දැන් හොඳයි.කියලා මාත් එක්ක කතා කලත් එක්කනේ අනික...😭
අහන්න පුතේ එහෙම තමයි සංසාරේ එනවා යනවා ආයෙ ආයේ එනවා හිතන්නේ නැති වෙලාවල් වල හිතන් නැති අය යනවා ඒක වෙනස් කරන්න බැහැ යමු මිනී දෙක උස්සන්න පරක්කු වෙනවා.අරෙහෙ අම්මා අඬනවා දන්නවනේ අම්මා ගැන. අම්මා එක්ක ඉන්න.😨
එකම දිනයේ අප අතරින් සමුගත් දික්සිත් එසිදු පියාණන්ටත් එෂාර්යා සිතුවිලි මෑණියන්ටත් පින් පිණිස පැන් වැඩීම සිදු කරමු ඥාති කවුරුත් එකතුවෙලා.
පරිපුරෙන්ති සාගරං
ඒවං මේවං ඉතො දින්නං
__________________________***__________________________
අම්මා මම හෙට ධනුර් එක්ක නුවරඑළියෙ යනවා
මේ ටිකේම මහන්සි උනා නේ කමක් නෑ ගිහින් එන්න ඒත් පරිස්සමින්😑
ටික දවසක් එහෙ ඉන්නවා.
මතක ඇතුව තොප්පි දාගෙන උණුසුම්ව ඉන්න රෑට නාන්න එපා.ඔයා අහු වෙන ඇළදොළ වල නාන්න යන්න එපා😕
හරි හරි ...ආ හෙලෝ මචං දනුවා ඔක්කොම රෙඩි ද හොටෙල් එක එහෙම බුක් කරා ද. කතාව නවත්තපු තැනින් පටන් ගමු...
නැවත හමුවෙමු.

0 Comments