📌දාහත්වන කතාව
මට මෙතනට ඇවිත් යන්න ඕනේ වුණා.උණ පඳුරත් 🎋 එක්ක ටික වෙලාවක් ඉන්න.දැන් එයාලා හත්දෙනාම ආපහු එකට ඉන්න වෙලාවේ එයාලගේ කතාව ලියල ලෝකෙට එම බෙදන්න අවසර ගන්න ඕන වුණා.
උණ පඳුර අද කියන කතාව ගොඩක් වෙනස් වගේ. එයාලා දැන් එයාලගේ කතාව අපිට කියලා ඉවරයි නිසා වෙන්න ඇති.
කොහොමහරි එයාලට තවත් භවයක් තියෙනවනම් හත්දෙනාම ආයෙත් යාලුවෝ විදිහට දුක සතුට බෙදා ගෙන ජීවත් වෙයි. සංසාරගත බැඳීම් හරිම ශක්තිමත්.
අපි දැන් යමු ට්‍රැෆික් සෙට් වුනොත් තව පරක්කු වෙනවා.
යමු අවසානෙ නැවතුනේ කොතනින්ද කියලා මට මතක නෑ.
______________________________________***_______________________________________
දැන් වෙලාව උදෑසන දහය පසුවී විනාඩි 15යි 188.2 න් ඔයා මේ අහන් ඉන්නේ නද එෆ්එම්... ඒක නෙමේ ලවන් ඔයා දන්නවද අයිෆල් කුළුණ ටජ්මහල වගේ ගොඩක් ආදර සිහිවටන වලට ගොඩක් අමිහිරි මතක තියෙනවා කියලා.
ඔව් මම අහල තියනවා....
අයිෆල් කුළුණ 🗼ඉස්සෙල්ලම ස්පාඤ්ඤයේ තමයි හදන්න ගිහින් තියෙන්නේ.එහෙ අය කැමති වෙලා නෑ ඒකට.ඊට පස්සේ ඒක ප්‍රංශෙට අරන් ගිහින්.ඒක එහේ හැදුවට පස්සේ එහෙ වැසියෝත් ඒකට කැමැත්තක් තිබිලා නැහැ.ඒක යකඩ වලට විකුණන්න පවා ගිහින් තියෙනවා.ඒත් ප්‍රංශ හමුදාවට ඒක ඕනෙ වෙයි කියලා හිතුන නිසා එයාල ඒක බේරාගෙන තියෙනවා.අද එක කොච්චර වටිනාකමක් ප්‍රංශෙට දීලා තියෙනවද.ඒ වගේ තමයි ආදරේ.බැඳීම් හදන්න හිතෙන තැන් වලින් ප්‍රතික්ෂේප වෙනවා.හදපු තැන් වලිනුත් ප්‍රතික්ෂේප වෙනවා.ඒත් කොහොම හරි ඒක රැක ගත්තොත් ඒ තරම් දෙයක් ලෝකෙම නැති වෙනවා.
අපි සින්දුවකට යං....
මිතුරෙකු වාගේ ආදරෙන්තවකෙකු දේදෝ සංසාරේලංවෙලා හිත් හදනාපැහැදිලි අහසින්දළ රැලි සයුරෙන් හෝකරදර වටලා සුවය ගෙනා...🎶🎶..
📌දහඅටවන කතාව
හරි අංකල් එතකොට ඔතන මාස තුනක ම සල්ලි 💰තියෙනව ගණන් කරල ගන්න.
අනේ පුතා ඕක මොකක්ද එතකොට මේ ළමයිට කෑම එහෙම කොහොමද?කෑම දෙන තැනක් නම් තියෙනවා ඒත් අපි ගිහින් අරන් එන්න ඕනේ.
අනේ කෑම අවුලක් නෑ අංකල් මේ දෙන්නටම හොඳට උයන්න පුළුවන් උයාගෙන කයි.😄
ආ..එහෙනම් අවුලක් නෑනේ මෙන්න යතුර
හරි අංකල් පරිස්සමින් ගිහින් එන්න අපේ කෙල්ලො දෙන්න ගැන ටිකක් බලන්න.😊
අහ් හරි පුතා👍
මොනාද ඕයි ඒ කරේ කෑම ගන්න යන්න බැරි කමක් නෑනේ.මෙතන උයාගෙන කතහැකි කීවේ.😬
උදේට රෑට කෑම ගේන්න යන්න වෙලාවක් නෑ. උයාගෙන කන්න අනික තාම දන්නෙත් නෑ මේ පැත්තෙ අය ගැන.රෑට රෑට ඇවිදින්න තියාගන්න එපා දෙන්නත් එක්ක.
😠
කො ච(ර්)පි
අතන කෝල් එකක්
_____________________________________***_______________________________________
හෙලෝ නුරා බෝඩිමක් හම්බ වුණාද අපිටනම් එකක් හම්බ උනා.
ඔව් ඔව් මාත් මේ දැන් සල්ලි දීලා කාමරයට ආවා විතරයි.පොඩි කාමරයක් උඩ තට්ටුවක් විදියට හදලා තියෙන්නේ මට මෙතන හොඳයි.තනියමද බෝඩිම බලන්න ආවේ.
නැහැ ෆෙරයි දිකයි ආවා.
ඒක හොඳයි.k k පස්සේ කතා කරන්නම්.
හරි පරිස්සමෙන් බායි
කවුද නුරාද්ද
ඔව් එයා බෝඩිමක් හොයා ගෙන මේ ළඟම
ම්....😐😒..දෙන්නගේ මොකක් හරි තියනවා වගේ
ලබ්බක් තියනව ඇයි මොකෝ😕
නෑ..නැ... යමු අර ලව් බර්ඩ්ස්ලා දවල්ට කන්න තැනක් බලනවා
යමු බඩගිනියි තමා.ඉතුරු උන් දෙන්නව මතක් වෙනවා.පව් ඉතින් හොස්ටල් බත් ගිල ගිල ඉඳියි දැන්.රෑට කෝල් එකක් අරන් අවුස්සන්න ඕන.😈
මේ පැත්තෙ පරිස්සමින් ඉන්නවා කුඩුකාරයෝ එහෙමත් ඉන්නවා මේ පැත්තේ. දෙන්න එක්ක රෝන්දේ ගහන්නේ නැතුව ඉන්න.😕
_____________________________________***_______________________________________
මේ උඹලා දෙන්නා මෙතන හොඳ ජොලියේ සැපේ ඉන්නවා නේ...මම අරහේ හොස්ටල් එකේ රැග් කකා දුක් විඳ විඳ දිවිය😕 ගෙවන කොට.
ඇයි කන්න දෙන්නෙ නැද්ද එකේ රැග් කන්නෙ
කම්මැලි නැද්ද බං උඹල ඔය කතා කර කර ඉන්නේ මොනාහරි කරමුකෝ.😑
එදා වගේ ගෙදරක බෙල් එකක් ගහලා දුවමුද?
යකෝ උඹලා දෙන්නා තාම පොඩි උන් වගේ වැඩ කරනවද පරිණත විදිහට හැසිරියන් කො.😬
පරිණත විදිහට හිතලා සීසීටීවී නැති ගෙවල් බලලා තමයි බෙල් ගැහුවෙ
මේ චුක්කි අර හෙල්මට් දෙක අරන් වරෙන් අපි කොත්තුවක් ගේමු.අපි එනකල් කරන්න දෙයක් කල්පනා කරන්න.බූරුවා අදිනවා නම් කාඩ් පැක් එකකුත් තිබ්බා.
රොබින් මැරියන් දාන්න බෑනේ තුන්දෙනාමයිනෙ ඉන්නේ.
ගැ,පි,ම,ප නම් බැ මට ඒක එපා වෙලා ඉන්නෙ.😩
අතුරු මිතුරු දමු
පොල් කඩමු
කොපර කොපර පිපිඤ්ඤා හොඳ නැද්ද
කිණි කිණී බෝලේ..
ඔයිට වැඩිය හොඳයි තිත් තිත් බමුණෙක් වත්තට පැනලා..😆
ටාක් ටාක් කවුද ගෙදර...
රාක්ෂයෙක් වරෙන් යන්න උඹ හිතපන්.😐
📌දහනවවන කතාව
ඕකේ සර්😊
පළවෙනි ප්‍රශ්නය,ඒක පාර්ශික ආදරයක් තිබිලා තියෙනවද ඒ කවුද.....,හේ හේ චූක්කි මැණික කියන්න බලන්න ඔයාගේ එක පාර්ශ්වය ගැන. ෆෙරෝන්ට කියල සල්ලි කඩා ගන්න පුළුවන්.😎
වැඩක් නෑ 😏ඒක පාර්ශික ආදරය සජිත. එයා ඉතින් බුවීව බැන්දනෙ.😔
යකෝ සජිත දන්නවද දන්නෙවත් නැතුව ඇති උඹ වගේ එකෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා,පව් උඹ.😒
ඉතින් ඇයි? අර උඹ දමාගෙන ලව් කරන කොරියන් කාරයා දන්නවද දැන් උඹ ඉන්නවා කියලා නෑනේ.අඩුම ගාන උඹ ඌව හැබැහින් වත් දැකලා තියෙනවද නෑනේ නෑනේ කරකවපං ඕක.
හරි හරි ඊළඟ ප්‍රශ්නේ,වෙන්න ආසාවෙන් ඉඳලා ඒත් වෙන්න බැරි වුණ දේ මොකක්ද
ඔයාගේ වාරේ සුදා දැන් කියන්න අර කොරියන් කාරයගේ වයිෆ් වෙන්න හිටියේ කියලා.😒
ඕඕඕ ඇත්ත ඒක එහෙම උනේ නෑ තමා.ම්.... වෙන්න ඕනේ ඒත් නොවුන නේද පොඩි කාලේ මට අපරාධකාරයෙක් වෙන්න පට්ට ආසාවක් තිබ්බා.හිරේ ඉන්න,මාංචු දාගෙන යන්න.ඒ දවස්වල මම පාතාලේ කෙනෙක්ව බඳිනවා කියලා හිතාගෙන හිටියේ😚 ඒත් අම්මා එපා කිව්වනේ ඉතින්.😴
අප්පා තෝ එක්ක ඉන්නත් බයයි.ඊළඟ ප්‍රශ්න මොකද්ද රන්දි උඹේ වාරේ වැඩිපුරම කරන්න ආස දේ මොකක්ද.කවුද මේ ආතල් නැති ප්‍රශ්න හදපු එකා.
වැඩිපුරම කරන්න ආස දේ ද..,ඔය දෙන්නව තරහ ගස්සන එක.වැඩියෙන්ම එෂාව ඒකෙ ආතල් එක කොත්තු දහයක් කාලා වත් ගන්න බෑ.දැනුත් පේනවද කෝච්චියක් වගේ කන් දෙකෙන් දුම් දානවා.
ඇත්තද ඔහොම යන්කෝ අපිටත් දවසක ඉර පායයි නේ.😦
ඉර පායන්නේ මේ ජීවිතේ...නා න ආ.🎵..
ඉළඟ ප්‍රශ්නය ඇත්තටම ආදරේ කරන්නෙ කාටද හිතේ ඉන්නේ කවුද ඒකපාර්ශවික උනත් එයාගේ නම මොකක්ද.
හෝ හෝ කරකවන්න මිතුර කරකවන්න ඔබේ රහස හෙළි කරන්න කරකවන්න.
දික්සිත්....😍..
මේ අපේ දිකාහ්.😲....
හ්ම්...... මම එයාට පොඩි කාලේ ඉඳන් කැමති එයා මට කැමතිද නැද්ද කියන එක මම දන්නෙ නෑ ඒත් මම එයාට ගොඩක් කැමතියි එයා මගේ පලවෙනි ආදරේ ඒක අවසාන ආදරේ වෙනවට මං කැමති ඒත් ඒක හීනයක් වෙන්නත් පුළුවන්.😴
.........
😮😒😑
ආතල්ද උඹට
නෑ නෑ බං උඹ සිරා ද..ඒහ් ච(ර්)පි බබා කොහෙද යන්නෙ
අද කොත්තුව අප්සට්ද කොහෙද මගේ බෙංගාල බොක්ක කැළඹිලා ටක් ගාලා එනවා 😞
ටක් ගාලා එන්න උඹ අතේ අරගෙන ද යන්නේ
📌විසිවන කතාව
නුරාද්.....😲🙈
මොකද යකෝ 😱මේ කොල්ලෙක්ගේ කාමරේට ඔහොම කඩාගෙන පනිනවා ද තව පොඩ්ඩෙන් ඉවරයි.😧
කොල්ලෙක් වුණත් දැනගන්න ඕනේ ඇදුම් අදින වෙලාවට දොරවල් වහගන්න මෙතැන ඒව ඇරලා දාලා මට කෑ ගහන්නේ නැතුව😵
ඉන්නවා ඉන්නවා පචපච ගන්නෙ නැතුව වැරදි කරදල කියවන්නත් එනවා😒
නුරා මට මහන්සි...
ඇයි ස්කූටිය කරේ තියාගෙනද අවෙ.😖
හිතට හරි බරයි කෑලි වලට කැඩිලා තරාදියක දාලා බැලන්ස් කරන්න දීලා වගේ.
මොකද උනේ
එෂා දික්සිත්ට කැමතියිලු.
නෑ ඉතින්
අද දිකා මට හදිසියේම වැඩක් ගැන කතා කරන්න ඕනේ කියලා හම්බවෙන්න එන්න කිව්වා.
ඉතින්
එයා මට කැමතියිලු
මො.ක්..කක්...😮
සරිත්‍යා POV
කැෆේ එකේ දොර ලගට එනකොටම ඇසුන දෙයින් සිටි තැනම ගල් උනු සරිත්‍යා දෙලොවක් අතර අතරමං වුණි. දොර ඇරන් ඇතුලට යනවා වෙනුවට ආපසු දිව ගියේ කරන්නේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිවය.
ඒ මචං මං අද ච(ර්)පිට කැමති කියනවා😍.
සිරා ඒත් ඒකි අකමැති උනොත්😮
අකමැති වෙන්න හේතුවක් නෑනේ බං අපි දන් නෑනේ බං කෙල්ලොන්ගේ හිතන් ඉන්න විදිහ.අනික ඒකි අකමැති උනොත් උඹලට කලින් වගේ ෆිට් එකේ ඉන්න පුළුවන් වෙයිද?😒
කමක් නෑ මේක තවත් හිතේ තියාගෙන ඉන්න බෑ.එයට තීරණයක් ගන්න ඉඩ දෙනවා..
මෙන්න කියනකොටම ඇවිද්ද කොහෙද....හලෝ ච(ර්)පි.
අනේ දිකා සොරි බං මම හදිසි වැඩක් මට අද එන්න වෙන්නෑ.මම රදිනිට එන්න කියන්න ද
එපා එපා එයාලා ඕනෙ නැහැ එහෙනම් අපි පස්සේ දවසක කතා කරමු ඔයාට ෆ්‍රී වෙලාවක් තිබුනොත් මට කියන්න.
Kk මම තියෙනවා.
_____________________________________***_______________________________________
මට තේරෙන්නෑ,මොනා කරන්නද කියලා පිස්සු වගේ.මම දිකාට කැමැති බව ඇත්ත එහෙම කියලා මට එෂාව රිද්දන්න බැ.දිකාට වැඩිය මම එෂාට ආදරෙයි.
ම්.....වැහි පොද වැටෙනවා එන්න පොඩි ගමනක් යන්න.
කොහෙද?
මේ හෙල්මට් එක දාගන්න.දන්නවද චාලි චැප්ලින් එක වෙලාවක කියලා තියෙනවා එයා වැස්සේ ඇවිදින්න කැමතියි කියලා.ඒ එයා අඬනවා ලෝකෙට පේන්නෙ නැති නිසා. ඒක නුරාද් ගේ විදියට වෙනස් කරොත් ඔයා වැස්සෙ ඇවිදින්න තෝරගන්න ජනාකීර්ණ තැනක් ශබ්ද බද්ද වලින් පිරුණු එතකොට ඔයාව මිනිස්සුන්ට පේන්නේ වගේම ඇහෙන්නෙත් නෑ.වහිනවා මම ඔයාව එක්ක යන්නම්.අද දවස ඔයාගේ කරගන්න කඳුළු එක හිතේ තියෙන දේ පිට කරන්න වැස්සට හේදිලා යන්න දෙන්න ඊට පස්සේ අපි ඊලඟට වෙන දේ බලමු.තමුසෙ ඔහොම ඉන්නව මට බලන් ඉන්න බැ. මේ ඕයි දැම්ම අඬන්න එපා මිනිස්සු මේ අහිංසක මම ගැන වැරදියට හිතනවා.
📌විසිඑක්වන කතාව
ඇයි සරිත්‍යා එකවරම ගෙදර ගියේ මොකක් හරි අවුලක් ද
වැඩ කරන තැන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ලොක්කා බැන්නා කියලා කිව්වා ඒත් ඒක ලොකු දෙයක් නෙමෙයි අවුලෙන් නෙමෙයි ඉන්නේ උදේම මට ෆොටෝ එකකුත් එව්වා ලැවරියා හදලා ඒව කන ගමන්.😩
ම්....මම ඒත් බැලුවා මොකද උනේ කියලා
ඒක නෙමේ අපි ට්‍රිප් එකක් යන්න කෝ අපි හත්දෙනා.
හත්දෙනා කවුද?
ඇයි ච(ර්)පිගේාකෑල්ල නුරා😍
ඒ දෙන්නා අතර සම්බන්ධයක් නෑ නේද😒
මම හිතන්නේ නෑ, නෑ කියලා බලමුකෝ මොනා උනත් නුරා හොඳ කොල්ලා ඒකිව හොඳට බලාගනියි.
😒නැති කතා හදන්න එපා
යකො මුගෙ ගෑණිට කතා හැදුව වගෙනෙ.හරි හරි අපි කොහෙද යන්නෙ අරකි එනකල් ඉන්න එපැයි
ම්....පහන්තුඩාවේ යමුතේ..😉..
_____________________________________***_______________________________________
ඔබ එන්න සුළඟේ දැවටිලා..මා ඉන්නේ ඔබ දැන් එයි කියා...සුදු හංස තටුවේ සැතපිලා...පෙම් කරමු රහසේ සැඟවිලා..ළබැඳියේ....ළබැඳියේ..මා සිතින් සිරකලා ළබැදියේ...ළබැදියේ මා සිතින් පෙම්කලා..🎶🎶..
ආවා ආවා බෙරිහන් දෙන්නැතුන් හිටපන් 😄
තමුසෙ කොහොමද ආවෙ
සුළඟේ දැවටිලා මේ පැත්තට ආපු ගැරඬියෙක් ගේ 🐍 පිටේ
පල පල ඇයි මේ
අහනවා කෝ මට හෙන ලොකු උදව්වක් ඕනේ.සිරා බං
උඹ මගේ බොක්ක හින්දා ලක්ෂ ට වැඩේ කරමු ඊට අඩුවෙන් නම් බෑ😎
කුණුහරුප කියනවානේ මම මේ හෙන සීරියස් එකේ ඉන්නේ..ඇයි ඔහොම බලන්නේ..😐
සීරියස් උනහම වත් ටිකක් ලස්සනද කියල බැලුවේ කියපන්කො😖 ඉතිං දැන් මොකද වෙන්න ඕනේ.
නුරා මට තේරෙන්නේ නෑ පපුව රිදෙනවා මහා පාළුවක් දැනෙනවා
සුදු කොඩි🏁 පේන්නේ නැද්ද
අහපංකෝ මගේ උදව්වට කලින් කියපන් මම උඹ ගැන දන්නවා තමා ඒ උනාට මම නොදැනුවත්ම හරි උඹට දැන් කෙල්ලෙක් ඉන්නවාද.
නැහැ කොල්ලෙක් නම් ඉන්නවා
හෝ හෝ තුෂාරා කිව්වලු මට සැකයක් තිබ්බා. කොච්චර කෙල්ලො හිනා වුණත් උඹ තපස් රැක්කෙ ඇයි කියලා දැන් නේ තේරෙන්නේ.
දැන් උඹට ඕන උදවුව...😟
හරි හරි මේකයි can you be my boyfriend
ක් කැආක්ස් 😨.....
තමුසෙට පිටඋගුරේ ආවා ගන්න තරම් දෙයක් කිව්වේ නැහැ නේ මං කිව්වේ එහෙම රඟපාන්න එන්න පුලුවන්ද කියලා.
ඔයා දිගාගෙ කේස් එකට ද එහෙම කියන්නේ
ඔව්
ඇයි ඔයාට ම රිදව ගන්නෙ.😒එෂා එක්ක කතා කරන්න එයා තේරුම් ගනී.
ආරම්භයක් නැති දේකට අවසානයක් හදලා දීලා හිතක හැඟීම් කඳුළුවලින් වට්ටන්න දෙන්න බැහැ.
ඒත් ඔයා කරන්නේ ඒකම නෙමේ ද.
මම ඇඬුවත් එෂාට අඬන්න දෙන්න බැහැ මම හොඳට හිතලා මේ තීරණය ගත්තේ උදව්ව කරන්න පුළුවන්ද බැරිද හොඳට හිතලා කියන්න.නැත්නම් මම වෙන කෙනෙකු ගන්නවා,සල්ලි වලට😩.මම යනවා හෙට කෝල් එකක් දෙන්නම්.
ඔයා හැඟීම් එක්ක සෙල්ලම් කරන්න හරි දක්ෂ ඒ රන්දුණු.😧
නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේකඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙනනුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං මියදෙන්නම් ඉතින් මං..🎶..
📌විසිදෙවන කතාව
අපි කොහේ හරි නවත්තලා කාල යමුකෝ බඩගිනි😑
උඹ යකෝ ජීවිතේට වෙනස් වෙන්නෑ😩
ඇයි
ඇයි ගන්නේ අර එක පාරකුත් ගිය ට්‍රිප් එකේ උඹ කරේ කන එකක් නිදාගන්න එකයි විතරයි
වමනෙ ටිකකුත් දැම්මා හරිද 😬
අර අසරණ නුරාද් කොහොම ඉන්නවාද දන්නේ නෑ.😅ඌ උඹම සෙට් කරගන්න පට්ට පවක් කරලා තියෙන්නේ.ඇයි ඌ ආවෙ නැත්තෙ.
එයාට ඉන්ටවිව් එකක්.මේ අනේ මට අර පාලම බලන්න යන්නම ඕනේ.
අහපන් මේ දවස් වල රැල්ල සැරයි කියලා තියෙනවා.
රැල්ලෙ නෙමෙයිනේ යන්නෙ පාලමේ.අනික අපි මේ පැත්තෙ ආයෙ එයිද දන්නෙත් නැහැ 😦
නුරත් එක්ක වරෙන් උඹ.
හරි හරි උඹලට බෑනේ😣
බහින්න කාලා ඉමු
මට එපා බඩගිනි නැහැ😱
මෙහෙ වරෙන් පොඩි එකෙක් වගේ නැතුව යමු යමු කාලා බීලා පාලම යමු නැත්නම් ලබන ආත්මෙවත් අපිට සැනසීම ලැබෙන්නැ.
පරිස්සමින් එන්න පාලම ලිස්සනවා
හෙමින් අඩි ති...අහ්...
රධි....හ්..
ච(ර්)පි...
ජබොහ්.....
එපා ෆෙරොන්......
_____________________________________***_______________________________________
මේ අහන්න ච(ර්)පිට තව ටිකකින් සිහිය එයි
මට තේරෙන්නෑ දිකා මොනාද මේ උනෙ මොනව දැන් කරන්නද කියලා මට පිස්සු වගේ මම කොහොමද කියන්නේ...
රධි...රධිනි...මේ අහපන් රත්තරන්....
මට ටිකක් තනියම ඉන්න දෙන්න😴
රධිහ්.....
_____________________________________***_______________________________________
මට සමාවෙන්න ඇයි මට හිතුනෙ ඒ පාලමේ යන්න ඔයාලා එපා කියද්දිත් මම මූරන්ඩු උනාට සමාවෙන්න මම නිකං මිනීමරුවෙක් වගේ දැන් මට දැනෙන්නෙ.කළු අදින එක ඔයාලගේ සිරිතක් වෙන්න ඇති ඒත් මට පෙනුනේ ඒක මට දක්වපු විරෝධයක් වගේ.
"ඔබට සේවය කිරීම සඳහා තෑගි සහ කුසලතා ලබාදෙමින් ඔබ අප සියළු දෙනාම ඔබේම ස්වරූපයට ගෙන ඒමට අපි ස්තුතිවන්ත වෙමු.ෆෙරෝන්ගෙ ජීවිතයට සහ ඔහු සමඟ බෙදා ගත් වසර ගණනාව ට ස්තුතියි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් සදාකල් ජීවන පිළිබඳ දැනුමෙන් ඔහුව ඔබේ රැකවරණයෙහි තැබීමට කරුණාකර අපට ශක්තිය ලබා දෙන්න.ආමෙන්..."
මට සමාවෙන්න ෆෙරා ඔයාට මෙහෙම යන්න දෙන්න බෑ ඒත් මට ඔයාව නවත්ත ගන්නත් බෑ මගේ වරදින් ඔයා අපිට නැති වුණා මම රධිනිට මුහුණ දෙන්නේ කොහොමද දෙයියනේ දැන්.මම දන්නවා ඔයත් පුනරුප්පත්තිය පිළිගන්නවා කියලා මට සමාව දෙන්න ආයෙ ඉපදෙන්න අපි ළඟම ඔයාට සුව නින්දක්.
නැවත හමුවෙමු.

0 Comments