සමනලයා කියන්නේ ඇයි?
මම දන්නෙත් නෑ
සමහරවිට එයාලා ගොඩක් ලොකු දුෂ්කර කාලයක් ගෙවල ඉවර වෙලත් තවදුරටත් දුෂ්කර ජීවිතයක් ගත කරන නිසා වෙන්න ඇති.
ඒ කිව්වේ?
දළඹුවා කියන අමාරු කාලෙ කෝෂයක් ඇතුළට වෙලා ඉඳලා කෝෂය කඩාගෙන සමනල් පැටියෙක් විදිහට එළියට එනවා. ඒත් පාරාදීස වල ජීවත් වෙන සමනලුන්ට හැරෙන්න සාමාන්‍ය පරිසරවල ජීවත් වෙන සමනලුන්ට තමන්ගේ ජීවිතය ගෙනියන එක ගොඩක් අමාරුයි. තටු ගොඩක් සියුම් ඉක්මනට කැඩෙන්න බලනවා. පොඩි හුළඟකට වුණත් එයාලගේ ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන්. වැස්ස අව්ව ඒ හැමදේම අස්සේ කුරුල්ලො පූසො මිනිස්සු පවා සමනල්ලූ මරනවා. එක එක තැන්වල වැදිලා තටු බිඳිලා. එක එක තැන්වල තැවරිලා ඉගිලෙන්න උදව්වෙන කුඩු නැති වෙලා ගිහිල්ලා. ගොඩක් වෙලාවට දැන් මල් ගසුත් නැහැ. තියෙන්නෙ මල් වගේ පේන පාට පාට විසිතුරු ගස්. ඉතින් සමනලයෙක් වෙලා ජීවත් වෙන එක අමාරු නැද්ද?
ඇත්ත එයාලා පව්.
අනුකම්පා කරන්න තරම් සමනලයෝ දුර්වල නෑ .මොකද කතාවක් තියෙනවා "සමනලුන්ට පුළුවන් සුළිසුළඟක් වුණත් ඇති කරන්න" කියලා.
____ යුකි ____


0 Comments