ADD

FRIENDS❤ (විසල් උණ පදුරක් නොකියු කතාවක්)

                             📌විසිතුන්වන කතාව

හොඳයි රධිනි දිහන්සා දැන්.... යකෝ තමුසෙ පුටුවෙ ඉදගෙන ඔහොම එහාට මෙහාට සක බඹරෙ වගේ කැරකෙන්න එපා. ඉන්ටවිව් එක එකෙන්ම ෆේල් වෙනවා.

දැන් ඇති බං මහන්සි. ඔච්චර ප්‍රශ්න අහන්නේ නෑ අහනවනම් මං ජොබ් එක එපා කියලා එනවා

චුක්කි ගොනෝ ඉඳපං අවසාන එක රධිනි අවසාන වශයෙන් අපි ඔයාට දෙන ටාස්ක් එක තමයි ප්‍රහසන විදියට රටේ ප්‍රසිද්ධ කෙනෙක් අනුකරණය කරලා ඔයාගේ වැඩසටහන අතරතුර චැනල් එක ප්‍රමෝට් කරන්න

ටිංකියු සදරු අයියාහ්... අපිට කෝල් කරාට... ඔයා මේ අහන් ඉන්නේ තරු රැගෙන ඉගිලෙමු වැඩසටහන අපේ ෆේස්බුක් එක පැත්තට ගිහින් ලයික් කරන්න කමෙන්ට් කරාන්න ආහ් මතක ඇති අපේ යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාන්න.

ඒක බාර......🎶

 _____________________________________________***______________________________________________

එක්ස්කියුස්මී මී සර්..

ආහ් රධිනි මම ඔයාට කතා කරන්න තමයි හිටියෙ. නියමයි කෙල්ලෙ ඔයාගේ වැඩසටහන නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මාසයක් ඇතුලත ටීවී එකේ ඉස්සරහා ඉදගෙන හිටපු ලොකු පිරිසක් අපේ වටේ එකතු කරගන්න. මිනිස්සු පිස්සුවෙන් වගේ වැඩසටහන් අහන්නේ. කෝල් දිදී එයාලගේ කතාවට වෙලාව ඉල්ලනවා. බලන්න එන ලියුම් ප්‍රමාණය.

ඇත්ත සර් එකෙන්ම පේන්නේ සමාජය කාන්තාවන්ට ලැබිලා තියෙන තැන.

හරි එහෙනම් වැඩසටහන යන්න පස්සේ කතා කරමු. 

 _____________________________________________***______________________________________________

කොච්චර කල් ගෙවිලා ගියත් කාන්තාවන්ට දිගටම අපරාධ වෙනවා. ශක්තිමත් කෙනාගේ පැවැත්ම තමයි නීතිය වෙලා තියෙන්නෙ. අදත් සුපුරුදු වෙලාවටම death end අරන් මම ආවා. අද කතාව ටිකක් වෙනස් අද කතාවේ ගොඩක් මට තනියමමයි කියන්න වෙන්නෙ අද අපේ කතාවේ ප්‍රධාන චරිතය සෙනුරි. එයාගේ කතාව අපිට හම්බ උනේ එෆ්බී පෝස්ට් එකකින්. පෝස්ට් එකක් කිව්වට සියදිවි හානි කරගන්න ලියපු ලියුමක්. ලෝකේ ලොකුම සත්‍යය මරණය. නමුත් නියම වෙලාවට මැරුණොත් පමණක් ඔයාට සාමෙන් විවේක ගන්න පුළුවන්. කවුරුහරි අකල් මරණයකට සූදානම් වෙනවා නම් එයාගේ මානසිකත්වය ගැන හිතන්න. නමුත් සියදිවි නසා ගන්නවා කියන එක වරදක්. එක්තරා ආකාරයට පැනයෙන් පැන යාමක්. නීතියෙන් අපරාධයක්..... ඉතින් ඉන්න දිගටම මාත් එක්ක සෙනුරි ගේ කතාව නැත්නම් මේක ඔයාගේ කතාව වෙන්නත් පුළුවන්. අපි කතා කරමු.

මගෙ අමල් බිසෝ දොර අරින්නෙපා
හරි පරිස්සමෙන් ඉදපන්
මම දීපංකරේ ළතැවුලලේ් මෙසේ
උඹ මෝදු කරේ තනියෙන් 🎶

අනේ මගේ රත්තරනේ... කවුද මෙහෙම දෙයක් කරේ😢...අනේ මගේ පුතේ, බලන්ඩ තාත්තාව කවුද මරලා......

මොනවා😲.... තාත්තව මරලා දාලා කවුද තාත්තා මරලා තියෙන්නේ...

188.2 death end

අපව ආරක්ෂා කරන පියෙක් අපිව අනාරක්ෂිත තැනකට ගෙනාවොත් අපිට ආරක්ෂාව පිළිබඳ හැඟීමක් තියෙන්නේ කවුරුන් සමගද. ඒ පියා වද හිංසා කිරීමට පටන් ගත් විට වින්දිතයා ආරක්ෂා කිරීම පවුලේ සෙසු අයගේ යුතුකමක්. සෙනුරිට සිදුවුණෙත් අන්න ඒ දේමයි😶. තමන්ගෙ තාත්තගෙන් අතවරයට ලක් වුනත් ඒ පිළිබඳ කියන්නට ඒකට විරුද්ධව නැගී සිටින්නට ඇයට අත්වැලක් තිබ්බෙ නැහැ. ඉතින් එයා සටන් කරනවා වෙනුවට බෙල්ලට තුණ්ඩුවක් දාගත්තා😟. සත්‍යය ඉදිරියට ගෙන ඒම සහ වින්දිතයාට යුක්තිය ඉටුකිරීමට විශ්වාස ලබාදීම සමාජීය යුතුකමක්. තමන්ගෙ දුවට ඒ දේ වෙනවා කියලා දැනගෙනත් සෙනුරිගේ අම්මා මුනිවත රැක්කා😬.සෙනුරිත් ඒක තමන්ගේ ඉරණම විදිහට බාර ගත්තා. අවසානයේ තමන්ගේ දෙවැනි දියණියටත් පියා ඒ දේම කරන කොට ඇය සිද්ධ කළේ තමන්ගෙ තාත්තව ඝාතනය කිරීමය. මානසික හෝ කායික නිදහසක් නැති තැන ඇය ගත්ත ඒ තීරණයට නීතිය සහනදායි ප්‍රතිචාරයක් තියෙවි කියලා හිතනවා. කොහොම වුනත් අද සෙනුරි අපි අතර නැ. අපිට මේ කතාව කිව්වේ ඇගේ සොහොයුරිය. තමාට තම වැඩිමහල් සහෝදරිය ට සිදුවෙන අකටයුතුකම් වලට ඇය සටන් කරා😊. නමුත් ඇය තෝරා ගත් මාර්ගය නිවැරදි නෑ. ඔබ අපරාධයක් දුටුවිට නිහඬව නොසිටින්න. ඒකයි මගේ ඉල්ලීම. ඒ වගේම නීතිය අතට නොගන්න. සහය පතන්න. ඔබේ දරුවන්ට සුරක්ෂිත ජීවිතයක් ලබා දෙන්න ඔබ අවදියෙන් තබා ඔබේ ජීවිතය ආරක්ෂා කරන්න. ඉතින් තවත් කතාවක් එක්ක මම නැවත එන්නම්. මම රධිනි. යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. අද පෙබරවාරි 14 වැලන්ටයින් දවස. අද කොච්චර ගෑනු ළමයි ප්‍රමාණයක් තමන්ගේ පූජනීයත්වය අහිමි කර ගන්න ඇද්ද. කණගාටුයි. මොනා වුණත් ගෑනු ළමයෙක්ට ගරු කරන්න පිරිමි ළමයෙක් දැනගන්න ඕනේ. ඒ වගේම ගෑනු ළමයෙක් තමන්ව ආරක්ෂා කරගන්න දැනගන්න ඕනේ. එහෙනම් මම ගියා ඔයාට සුභ වැලන්ටයින් දිනයක්💓.

සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුලක් කැකුළු බව
මල සිතන්න...
එපා දෑතින් මලේ පෙති දිගහරින්න..
එය ඉබේ පොපියයි එතකන් හිඳින්න...🎶🎶

 _____________________________________________***______________________________________________

මම දන්නවා ඔයා මං දිහා බලාගෙන ඉන්නේ කියලා. තාමත් ඔයාට දුන්න ඔයා මට දුන්න පැතුම එහෙමම මම ආරක්ෂා කරනවා. ඔයාට මම ආදරෙයි. සුභ වැලන්ටයින් දිනයක්💑 ෆෙරෝන් ප්‍රනාන්දුට මෙහෙම පැතුමක් එකතු කරන්නේ රධිනි දිහස්නා. ඉතින් දිගටම අපි එක්ක ඉන්න 188.2 න් ඔයා අහන් ඉන්නේ සීත රාත්‍රිය..

මේ පාලු සීත රාත්‍රියේ..
කියා..දෙන්න රහසින්..🎶🎶

 _____________________________________________***______________________________________________

රධිනි ගෙදර යන්න ද?

ඔව් බං චර්පි මග එනවා

ආ එහෙමද... මේ අර ඩිස්පැන්සරියට බෙහෙත් හොරට ගේන එක මේ සෙනසුරාදා සිද්ද වෙනවා කියලා ආරංචියක් ආවා 👀. අපිට ඒක අල්ල ගන්න පුළුවන් නම් නියමයි.

සිරාද නියමයිනෙ අපි සෙනසුරාද රෑට එදා වගේ හැංගිලා පොටෝ ටිකක් ගමු

ඕකේ මම කියන්නම්කො.

                                                    📌විසිහතරවන කතාව

සාත්තරයක් අහමු කෝ.😐

පිස්සුද ඕව බොරු😕

ඇත්තද කියල බලන්න අතීතය ගැන අහමු යමංකො නිකං නේ ඉතිං

එහෙනම් කොල්ලෙක් සෙට් වෙනවද අහමු 

මට එපා ඇයි උඹට නූරාද් ඉන්නේ 

උට වැඩිය එකෙක් සෙට් වුනොත්😉

ඇත්තටම උඹෙයි නූරාද්ගෙයි සම්බන්දෙ මොකක්ද

අඹු සැමි සම්බන්ධයට ටිකක් මෙහායින් නැවතිලා තියෙන්නේ ඇයි උඹට😒

නෑ නෑ ඕනෙ නෑ යමංකො අහන්න එහෙනම් අපි මැරෙන්නෙ කොහොමද අහමු

 _____________________________________________***______________________________________________

මෙතැනින් කැමති කාඩ් එකක් තෝරන් ඔයාලට දැනගන්න ඕන දේ හිතේ තියාගෙන 

ඔය දෙන්නා මැරෙන්නෙ එකම හේතුවකට

එකම හේතුවකට වෙන්න බෑ මොකද අපි දෙන්නා තෝරපු කාඩ් දෙක දෙවිදියක් එකම හේතුව මැරෙන්නෙ කොහොමද 😩

විශ්වාස කරන්නේ නෑ නේද මේවා ඔය දෙන්නා මැරෙන්න එකම හේතුවකට ඒත් දෙවිදිහකට මේ කාඩ් එකෙන් කියවෙන්නේ ඒ දේ.අනික මේ කාඩ් එකෙන් කියවෙන අනිත් දේ තමා මෙතන මේ කාඩ් එකේ කෙනා මෙයා එනකල් බලන් ඉන්නවා කියන එකයි අනිත් එක මෙයා එක්ක යනවා කියන එකයි.ඒ කියන්නෙ ඔයා එනකල් එහෙ කෙනෙක් බලාගෙන ඉන්නවා.අනිත් එක ඔයා එක්ක කෙනෙක් එහෙට යනවා.😑

 _____________________________________________***______________________________________________

අපරාධ රුපියල් සීය තව කීයක් හරි දාලා හොඳ කොත්තුවක් කන්න තිබ්බා.😒

ඇත්ත වෙන්න බැරිද මං කියන්නේ අපි දෙන්න ඉන්නෙ එකට.කන්නේ එකට බොන්නේ යන්නේ එකට.එතකොට මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි.එදත් එකටම මැරෙන්න ගියේ.............😡ඔහොම බලන්න එපා බං මං ඒක හිතලා නෙමෙයි කිව්වේ අනික ඒක උඹේ වරදක් නෙවේ මගේ එකා ගෙනාවා ආයුෂ ඉවරයි.උඹට බැන ගන්න එක නවත්තන්න.අනික එදා මම නේ බං ලිස්සලා වැටුනේ.😞

හ්ම්....එදා උඹ වැටුන වෙලාවේ මට මොකුත් හිතා ගන්න බැරි වුනා.මට පීනන්න බෑ කියලා වත් මට මතක නැතිවුණා.එහෙමම මාත් පැන්නෙ උඹව බේරගන්න.😑

ඒකනෙ මැණික එතන ඔයාගේ වැරැද්දක් ඇත්තෙම නැහැ මම හරිම අකමැතියි උඹ ඔය සිද්ධිය උඹේ පිටේ දාන් උඹටම බැන බැන  විඳවන එකට.කොහොමත් ෆෙරෝන්ට වඩා මට උඹ නැතුව ජීවත් වෙන්න අමාරුයි.😑

එහෙනම් මාත් එක්ක ස්වර්ගස්ථ වෙනව කිව්වේ එෂා වෙන්න ඇති.මොකද පෙරේදා කාපු කොත්තුව ඒකිට අප්සට් කිව්වා.උඹටත් අද උදේ බඩ බුරුල් වගේ කිව්වනේ.මටත් පොඩි අවුලක් තිබ්බ.😒

අඩෝ උන් දෙන්නගේ ඇනිවසරි එක ලඟයි නේද ඉනුත් කාරයත් හිටිය නං ග්‍රෑන්ඩ් පාටියක් දාන්න තිබ්බ.

 _____________________________________________***______________________________________________

යතුරු කෝ ඉක්මනට හොයලා දෙනවා.. අද නම් මහ ජරා දවසක් වහිනවත් එක්ක වැඩේ දෙල් වෙයි ද දැන්නෑ.😬

මෙන්න මගේ රේන්කෝට් ඒකත් දාගෙන පලයන්. පරිස්සමින් ඔය සීඅයිඩී වගේ තැන් තැන් වල රිංගගෙන ෆොටෝ ගහන්න ගිහින් උඹලා කවද හරි දවසක මරල දාල ගියත් දන්නේ නැහැ.😒

දොර වහන පරිස්සමින් ඉන්න අපි යනෝ 

 _____________________________________________***______________________________________________

ස(ර්) දෙන්නව අඳුර ගන්න බැරි වුණා බයික් එකක පැනලා ගියේ DSJ කම්පැනි එකේ ජැකට් එකක් ඇඳල හිටියෙ.

ඒ දෙන්න පැනගත්ත සර් ඒත් මේක තමා බයික් එකේ අංකෙ. එකෙන් හොයාගන්න පුළුවන් වෙයි.

කෙවින්ට දැන්මම ඔය අංක යවලා සේරම විස්තර ටික මට ඕනේ හොදින් හරි නරකින් හරි උන් දෙන්න ඉවරයක් කරන්න ඕනේ එච්චරයි.😒

                                📌විසිපස්වන කතාව

දැන් ඔක්කොම බඩු ලෑස්තිද.ඉන්ටවිව් එකට ඕන කරන ඔක්කොම ගත්තද.අමතක කරල දාල යන්න එපා අපිට හදිස්සියකට ගෙනත් දෙන්න වත් බැහැ.පාස්පෝට් නෑ අපිට😦.රධී ඔය මේසෙ උඩ තියෙන ෆයිල් ටිකයි පාස්පෝට් එකයි ගෙනත් දෙන්නකෝ.එහාට සීතල මේ කාලෙ හිම වැටෙනවනේ සීතලට අඳින ඇඳුම් ගන්න.

 _____________________________________________***______________________________________________

හරි මහන්සියි දැන් ගිහින් උයන්න බෑනේ කොත්තුවක් අරන් යමු.

අංකල් ෆුල් කොත්තු එකක් දෙන්න චිකන් කටු ටිකක් දාන්න පූසෙක් 😉ඉන්නවා.

පූසා වත් එක්කගෙනමයි අවෙ අංකල්😬😉.

ඒක  නෙවෙයි නුරාද්ට සින්දු කියන්න චිත්‍ර අඳින වගේම හොඳට ලියන්නත් පුළුවන් නේද.

උඹ කොහොමද දන්නෙ නෑ මං මේසෙ උඩ තිබිලා උගෙ ඩයිරිය එකක් එහෙන් මෙහෙන් පෙරළලා බැලුවා.😛

ඔය පුරුදු බං ඊළඟ ආත්මේ ටත් යනවා අනුන්ගේ ඩයරි කියවන්න හොඳ නැ.😕

 _____________________________________________***______________________________________________

"නුරාද් අහස්න"..😍ලස්සන නම. රධිනිට මේ පොත කොහෙන්ද. අම්මටසිරි අපේ ච(ර්)පිව නේද ඇදලා තියෙන්නේ. ලස්සනේ බෑ. රන්දුණු අපිවත් ඒ නමින් කතා කරන්නැ

උඹ මොනවද ඔතන කරන්නේ.

උඹට කොහෙන්ද මේක ඌ පොත හොයන වත් ඇති. උගේ මේසේ තිබිල ගෙනාවෙ කියවලා ආපහු ගිහින් තියෙනවා. ඕක තියපන්.😒

මේකෙ තියෙන කතාව ඇත්තක්ද.

මොන😒

දිකා ගැන.

මම දන්නෑ නුරානේ ලියල තියෙන්නේ  ආවම අහගන්න. අනික ඒවා මොකටද දැන්. අතීතේ දේවල්😕.

උඹ දැනගෙන හිටියද.

මේ අහපන් ඒක දැන් අමතක කරපන් උඹ ඔය විදිහට හැසිරුනොත් අරකි කරපු දෙයින්නුත් වැඩක් නැති වෙනවා.

ඇයි මට නොකිව්වේ මම විතරද දන් නැත්තෙ කෝ ච(ර්)පි.😞

පිස්සු කෙලින්න එපා උඹ දැන් ඔය අහන්න යන්නේ ඇයි මෙහෙම කළේ කියලා ද මේ පුතේ මොංගල් වැඩ කරන්න එපා.😡

 _____________________________________________***______________________________________________

ච(ර්)පි මට කියන්න දෙයක් තියෙනවද.

උඹට කියන්න දෙයක් තියනවද කියලා මම දන්නේ කොහොමද ඒක උඹනෙ දන්නෙ😕

ඇයි උඹ දික්සිත් ගැන අර විදිහට තිරණයක් ගත්තේ.

මොන විදිහෙ ද.

උඹට මට කතා කරන්න තිබ්බා.උඹට විතරද පරිත්‍යාග කරන්න පුළුවන්.

මේ අහපන් අතීතයේ එල්ලිලා මෙතන බොරුවට දගලන්න එපා.ඔව් එහෙම දේවල් අතීතයේ වුනා.අනික දිකාට මට වැඩිය හොඳටම ගැලපෙන්නෙ උඹ. මට මම කරපු දේ ගැන පසුතැවීමක් නෑ. හැබැයි උඹ මෙහෙම මට කරනකොට මට දරාගෙන ඉන්න බැහැ.😡

ඇයි බං උඹ ඔය තරම්.😞..

සුදා ආදරේ හරියට සීසෝ එකක් නැත්නම් ඔන්චිල්ලාවක් වගේ උඩට යනවා පහලට යනවා ඒක වෙනස් වෙනවා කවුද දන්නෙ දිකා එක්ක සතුටින් ඉනදපං. ඒකයි මගේ සතුට.😊

මේක ඔයාට. රධිනි හොරකම් කරල තියෙන්නෙ. දැන්වත් හැඟීම් එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න.😕

                                 📌විසිහයවන කතාව

නුරාද්ගේ දිනපොත

Page...

සංගීත වැඩමුළුවේ දී මට කතා කරයි කියලා හිතුවට මාව අදුරන් නැති ගානට අහක බලාගෙන ගියා.කමක් නෑ හිමිකමක් නැති ඇස් දෙකකට සින්නක්කර අයිතිය ඉල්ලන්න හිත බයයි බයමත් නෙමේ තේරුම් ගන්න අමාරුයි.

නමක් නොමැති මේ හිතවත්කම
ඔබ සිතන්නෙ මේ ආදරයද
මමත් දන්නෙ නෑ හරියට තව
කියා දෙන්න මේ ආදරයද..🎶🎶

Page...

කෙවින් අයියගෙ ඇස් තිබ්බේ ඔයාගේ දිහාවටයි. ඒක මට නොසන්සුන්කමක්.ඔයාව හිට්ටවල රැග් කරපු හැමෝටම හකු පොඩි වෙන්නේ ගහන්න තරම් කේන්තියක් මට ආවා. ඒත් තේරෙන්නෙ නෑ මොන අයිතියකින් ද මම එහෙම කරන්නේ. මේ පොතේ වෙන ගෑනු ළමයෙක් ගැන ලියන්න හිතෙන් නැත්තේ ඇයි.

දැනෙනා සෙනෙහෙ..
අයිතිය නැති මා...
කවුරුන්දෝ කියලා ඇසුවා..🎶🎶🎶 

Page...

වාහන වල නලා හඬ කලබලකාරී මිනිසුන්ගේ කතාවලට අමතරව තද වැස්සේ සීතලේ, සීතලක් දැනුන ද විටින් විට පිට දිගේ උනුසුමට ගලාගෙන යන්නේ ඔයාගේ කඳුළු නේද කියලා දැනෙනකොට ඔයාට වඩා හයියෙන් මට අඬන්න ඕනෙ වුණා. ඔහේ අරමුණක් නැතුව පාර දිගේ වැස්සේ බයික් එක අරන් ගියෙ ඔයාට අඬන්න ඉඩ දීලා ඔයාගේ හිතේ හදන්න වුණත් නවත්තන්න හිතුනෙ නැත්තේ ඔයා ගෙනාව උනුහුමට ලෝබ හිතුන නිසා සමාවෙන්න.

සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරේ
මා මන්මත් කෙරුවා කියා
ඔබ දුටුදා..
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා..
පෙම් වර්ශා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා🎶🎶

Page...

වැස්සට තෙමිලා අඬලා ආයෙ බෝඩිමට යන්න බෑ කිව්වම මට සතුටක් දැනුණා. මගේ සුදු ටී ෂර්ට් එකයි අලුත් බොටමයි ඇඳල තෙත කොන්ඩේ කඩලා දාලා පිහිද පිහිද හිටපු ඔයාව ලස්සනට පෙන්නුව. නින්ද යනකල් සින්දුවක් කියන්න කියපු වෙළේ පොඩි හුරතල් ගතියකුත් තිබුනා. ඒ නිසාමද මංදා එක සිංදුවක්වත් මට මතක් වුනේ නැහැ. මගේ ඇදේ නිදාගෙන ඉන්න ඔයා ලගින් ඇල වෙලා ඉන්න ඔයාව තුරුලුකරන් ඉබින්න මට ඕන වුණා.❤ගිටාර් එක අරන් පුටුවෙ ඉන්න ගත්තේ මට මාව පාලනය කර ගන්න බැරි වෙයි කියලා හිතුන නිසා.

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්🎶🎶

Page...

ඔයාට තේරුම් ගන්න බැරි තරම් අසරණ තත්වයකට ඔයා මාව ඇදලා දැම්මා. ඔයාව ලබාගන්න තියා ඔයාව අමතක කරන්නත් බැරි මට අද ඔයා, ඔයාගේ වෙන්න කියනවා. ඒත් ඒක රඟපෑමකට.💔එහෙම ඉල්ලපු වෙලාවෙ මට දැනුණ හැඟීම කියන්න තේරෙන්නෑ. රඟපෑමකට වුනත් මට එහෙම සතුටක් දුන්න එකට ස්තුතියි.

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා
මුතු ලඟ සිනහවේ වැසි වැටුණා
තරුවක් සිතේ පිපුනා..
තනිකම සිතයට ඉකිගසනා 
හිමිහිට හැමවිට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොයිදුල් සිතුම් පිරුණා.🎶🎶.

Page... 

ඔයාට රඟපෑමක් උනාට මේ ඇත්තම මම. මට ඕනේ කෑගහලා ඔයාට ආදරෙයි කියන්න. ඒත් ඔයාව නැති වෙයි කියලා බයයි. ඒ අතින් මම දුර්වලයි කියලා හිතන්න පුළුවන් ඒත් රඟපාන ගමන් හරි ඔයාගේ වෙලා ඉන්න ලැබෙන එක ගැන මම තෘප්තිමත්.😑

විදවීම නුඹයි සැනසීම නුබයි
මට ඉන්න හිතත් නුඹ ලගයී
එහෙමයි විසඳුම නැහැමයි
හමුවීම නොවෙයි මේ බවේ
දුකක් ගෙනෙනා මතක රැඳුනා
පෙමක් තිබුන තිබුණා මගේ නොවනා..🎶🎶.

 _____________________________________________***______________________________________________

දැන් සේරම බඩු ලෑස්තිද, අම්මට කතා කරාද? හෙට එයාලගේ මහා ලොකු පුතා රට යන නිසා එයාලා දුකින් ඇත්තේ.😐

ඔක්කොම පිළිවෙලට හරි අම්මට කතා කරා අවුල් වගේ මටත්😢.

නතර වෙන්නෙ නෑනෙ. ඉන්න මම තේ එකක් හදන්න එන්නම්. අර බෝඩිමේ ඇන්ටිගෙ බල්ලා අන්න සෙරෙප්පුවක් කාලා😬.

මිනිස්සුන්ට වඩා සත්තුන්ගෙ සිතීමේ  හැකියාව වගේම බුද්ධි මට්ටම ඉහළයි විශ්වාස කරනවද.

ඔව් තමුසෙගෙ සෙරෙප්පු නේ කන්නේ ඒ නිසා වෙන්න ඇති.😩

නැහැ බලන්න ඔයාට බල්ලා බුරලා කියන දේ තේරෙනවද?.

නැහැ😩

ඒ උනාට බල්ලට ඔයා කියන දේ තේරෙනවා 

ඒ පුරුද්දට හැම සතෙක්ට මේ එහෙම නෑ ඔය මිනිස්සුත් ඉන්න කියන්න කරන දේවල් තේරුම් ගන්න බැරි😒.

ඔයත් ඒ වගේ කෙනෙක් තේරුම් ගන්නේ නැහැ.

තේරෙන තැන් වල තේරෙන්නෑ වගේ ඉන්න එකටත් හේතුවක් තියෙනවා.😶

සත්තුන්ගේයි මිනිස්සුන්ගෙයි අතර තියෙන වෙනස වචන.

ඒක ඇත්ත සත්තු බහ තෝරන්න පටන්ගත්තු දවසට වෙනසක් නැති ලෝකයක ලස්සන නැති වෙනවා.

ඔයා අමුතුම කෙනෙක්😩

මම පිටසක්වල ඒකයි😛

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳ ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද..මිතුරි සිත මිහිරි කල මැනවි..
බිංදු කදුලු පිනි පොකුරු කල මැනවි..🎤.

හදවතින් තීරණ ගන්න එපා කිව්වට කවදාවත් හදවතට තීරණ ගන්න බැහැ. ඒ හැම තීරණයක්ම ගන්නෙ මොළේ. මොළෙත් හරියට මිනිස්සු වගේ වරදින හැම එකක්ම වෙන කාගෙහරි පිටින් දානවා. හැමදාම සද්දයක් නැතුවම හදවත ඒව දරාගෙන ඉන්නවා. ඒක හරියට අර YouTube Channel එකක ඉන්න දෙන්නෙක් කියන්නේ මොළේට මොලේ කියන නම දැම්මේ මොලේ කියලා අන්න ඒ වගේ කතාවක් 😐.

ලෝකෙ ප්‍රජනනය විතරක් තිබිල ආදරය නැහැ, ප්‍රේමය නැති වුණා නම් අද ගොඩක් මිනිස්සු ඇත්තටම හිනා වෙනවා.

එතකොට නුරා බේබී ඔයාට කියන්න විරහ ගීත නැති වෙනවා නේ. තේ බීල ඉවර නම් මගේ කෝප්පෙත් එක හෝදන්න මම යනවා හෙට එන්නම් ඔහෙව පිටරට පටවන්න😉

                               📌විසිහත්වන කතාව

Sorry I am I disturbing you

no granny come😊

I always lost something. I found your grandfather diary now. but I don't know how to read it. I only can speak.

thank you very much do you want to know about what was it.😊

No සියා මට කියලා තියෙනවා. ඔයාගේ පොතට ඕන ඒව තියෙනවද බලන්න.

Love you😍

You too

 _____________________________________________***______________________________________________

ඉනුත් ගේ දිනපොත📕

Page...

"thank you so much anyway happy birthday🎂 and I'm Jenny"

ඒ වචන නිතරම මතකෙට එන්නේ ඇයි කියලා නොදැනේ. එෂා කියන විදියට අපිට හමුවෙන හැම කෙනෙක්ගෙම හැම සිදුවීමකම මොකක් හරි හේතුවක් සම්බන්ධතාවයක් තියෙනව. සමහර විට ඒ වගේ ජෙනීගෙයි අපේ අතර මොකක් හරි දෙයක් ඇති. පාස්පෝට් එක නැති කරගෙන අපිවම හොයාගෙන ආවේ ඒකනෙ.😉

Page...

ජීවිතේට අවස්ථාවක් හම්බ උනොත් ඒ අවස්ථාව හරියට පාවිච්චි කරන්නේ නැතුව පසුතැවිලි පමණක් ඉතුරු උන තැන් මගේ ජීවිතේ ගොඩක් අඩු වුණාට මේ පසුතැවීම දරා ගන්න ටිකක් අමාරුයි😑. එෂා ගැන හිතේ තිබුණු අදහස කාටවත්ම කියන්න හිත දුන් නැත්තේ ඒ නිසා වෙන්න ඇති. අවසානයට එයා දිකාගෙ වුණ. දුකයි ඒත් තරහක් නෑ.

Page...

ලංකාවෙන් යන්න තීරණය කලාට මෙච්චර ඉක්මනට යන්න වෙයි කියලා හිතුවේ නැහැ😢. ඉස්සර මතක ආයෙ ආයෙ මතක් වෙනකොට නම් දාලා යන්න හිතෙන්නෙම නෑ. එකට පිස්සු නටන්න දැන් අපි ලොකු වැඩිද මන්දා. ඒත් නෑ හෙට මාව ගිහින් දාන්න ගෲප් එකේ දැන් මර යුද්දේ එයාලා ඇදන් යන ඒව කතා වෙනවා මාව මතක නැහැ😕. ෆෙරා ඔයත් හිටියනම්.😞

Page...

කැඩිච්ච සිංහල කතා කරනකොට අහන් ඉන්න ආසයි 😍ඒ වගේම විහිලු වලට තරහ ගන්නකොට ඔයා ලස්සනයි. කවුද හිතුවේ පාස්පෝට් කෙල්ල මට මෙහිදී හම්බ වෙයි කියලා 😍මොනා උනත් මට කියන්න තියෙන්නේ අර Ed Sheeran කිව්ව වගේ

We are still kids, but we're so in love
Fighting against all odds
I know we'll be alright this time
Darling, just hold my hand
Be my girl, I'll be your man
I see my future in your eyes කියල❤❤.

 ____________________________________________***_____________________________________________

අඩො උබ මොකද කරන්නේ සීයගෙ ඩයරි එකක් හම්බුනා බං ඒක කියව කියව හිටියේ ඇයි. මේ මම අර නුරාද්ව ගිහින් දාන තැනට යනකල් ටයිප් කරාල එව්වා. උඹ ඒ ටික කියවලා එතැන පොඩි අඩු පාඩු තියෙනවා නම් බලලා හදපන්.

                                                             📌විසිඅටවන කතාව

අළුයම තුනෙ හෝරාව පසු වුනා ඔයා 188.2න් දිගටම අහන්න. මේ නිදි නැති රෑ 

ආඩම්බරයි ඔය මුවගේ සිනා
කෝලම් කරයි ඔය නෙතගෙ කතා
මා නිසා ඔබ ආවදො කාටත් හොරා..
ලෝකෙට මෙදා ..
රහසක් කියන්නම්
කාටත් ම නොකියූ
මගෙ හිත ඔබ දැන් ටික ටික අල්ලන්න හෝ හෝ මගේ හිත..🎤

අපි රේඩියෝ එක වහන්න ද නැත්තං ඔයා කට වහගන්නවා ද😒. උඩුබුරලන තියාගත්තා. 😩

ඊරිසියාව මගේ ගායන හැකියාවට.😠😢

උඹේ ගායනය ඇහිල තමා මුත් මේ රට දාල යන්නේ. අපිට ඇතුලට යන්න දෙන්නේ නැති වෙයි. ඔයා මෙයාව දාලා එන්න. අපි වාහනේ ඉන්නං. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි.

බුදු සරණයි  නුරා.

ඔයාලත් පරිස්සමෙන් බුදු සරණයි.

යහ්..සේරම හරිද කියලා බැලුවද.

ඔක්කොම ගානට. දැන් තියෙන්නේ යන්න විතරයි.😑

හොඳට වැඩේ කරන්න.

පරිස්සමින් අර දෙන්නා ගමේ ගියාම බෝඩිමේ තනියම උයාගෙන කනවා. රෑ මැද්දෙ කඩවල් වල බඩ ගාන්නේ නැතුව😩 දොරවල් ලොක් කරලද කියලා හොඳට බලනවා.

හරි හරි අප්පා😬.ඇතුලට එන්න දෙන්නෑ නේ කමක් නෑ පරිස්සමෙන් යන්න. හොඳට වැඩේ කරන්න. බුදු සරණයි😐.

බුදු සරණයි. පරිස්සමින්.

ආපහු එන දවසට දෙන්න සප්‍රයිස් එකක් තියෙනවා. පරිස්සමින් ගිහින් එන්නකෝ මං බලන් ඉන්නවා😉.

 _____________________________________________***______________________________________________

නුරාද් අයියා 

පබුද්ධි නංගි...😊

මොකෝ මේ රට දාලා

නෑ නංගා ඉන්ටර්වීව් එකක් තියෙනවා. ඒකට යන්නේ. ඉතින් ඔයා කොහෙද මෙහේ.😐

අර මගේ හස්බනුයි මගේ පුතයි අපි USA වල පදිංචි. නිවාඩුවට ඇවිත් යන්න ආවා.

අනේ එහෙමද හොඳයි නේ.

ඉතිං අයියා බැඳලද...😊.

 _____________________________________________***______________________________________________

පිරිමි කෙනෙක්ට තමන්ගේ ගෑනු ළමයට ඇත්තටම ආදරේ කරනවා කියලා පෙන්නන්න බැරි වෙනවා නම් ඒ ගෑනු ළමයා නොසන්සුන් වෙනවා. මට එහෙම වෙන එක නවත්ත ගන්න බැරි වුණේ ඒ වෙනකොටත් මගේ හිතේ හැමදාටම කෙනෙක් හිටපු නිසා වෙන්න ඇති.

සමාවෙන්න නංගි මට😑

එතකොට අයියේ ඔයා මාත් එක්ක යාළු වෙලා ඉන්න ගමන් වෙන කෙනෙක් එක්ක යාළු වෙලා හිටිය කියලද කියන්නේ 

සමාවෙන්න පබුද්ධි. යාළුවෙලා හිටියේ නෑ. ඒක මගේ හිතේ කැමැත්තක් විතරයි.😑 

සමාවෙන්න කියන්නේ මට තවත් මේක කරන්න බෑ අයියේ අනික අපේ ගෙදරින් මාව රට යවන්න හදන්නේ. මේක නවත්තමු.

නුරාද් මං වෙනුවෙන් සින්දුවක් කියන්න ඒක අවසාන සිංදුව වෙයි.

ඔබෙ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුහුමට මාව තෙමෙයි
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි.🎶..

ච(ර්)පි ඉන්න යන්න එපා සින්දවු ඉවර නෑ තාම  ච(ර්)පි බබා..😯 යකාගෙ හීනයක් නේ ඒක.😬මේක ගොඩබාන තව කොච්චර කල් තියෙනවද දන්නේ නැහැ. ඔය පරිස්සමින් බෝඩිමට ගියාද. මොකක්ද ආවම දෙනවා කියපු සප්‍රයිස් එක.ඉන්න ඉක්මනටම මම එනවා.දැනටමත් ඔයා නැතුව පාලුයි මට. වෙන මුකුත් එපා රත්තරනේ රඟපෑම නවත්තලා මගෙම වෙන්න.ඒ ඇති මට.මට ඔයා නැතුව බෑ.😢  

                                                                                                                       නැවත හමුවෙමු.

Post a Comment

0 Comments