📌විසිනවවන කතාව
හලෝ මම ඔය එව්ව බයික් එකේ අයිතිකාරයාගේ සේරම විස්තර ටික ඕනේ.
හරි සර් මට ටික වෙලාවක් දෙන්න. කෙවින් මල්ලි මේ අංකෙ කාගේද පුළුවන් තරම් ඉක්මනට විස්තර යවන්න.
අඩෝ කපිල මේක බලලා ඩීටේල්ස් ටික බොසාට යවන්න. ඇයිද දැන්නෑ බොසාට තද වෙලා ඉන්නේ😬
මම හිතන්නේ අර බෙහෙත් වැඩේ ලීක් උන සීන් එක තමා ඔය.
හරි කෙවින් මහත්තයා සර්ට තොරතුරු ටික යැව්වා. ඒක පොඩි කෙල්ලෙක්ගෙ බයික් එකක්. කෙල්ල ලස්සනයි. සර් තොරතුරු අහපු විදියට නං කෙල්ල ඉතුරු වෙන එකක් නැහැ.
කවුද කෙල්ල
සරිත්යා රන්දුණු
මොකක්..😯..සරිත්යා. එතකොට මේ ඔයාද ඔයා මේ වැඩ වලට සම්බන්ධද. ඉස්කෝලේ කාලේ වගේම තාමත් ලස්සනයි ඔයා. ඒත් ඔයා මේ වගේ වැඩ කරන්නේ නෑනේ. මට මේ අංකෙ මීටර්...
කෙවින් POV
මොකද මිස් අවුල
අනේ බයික් එකේ තෙල් ඉවරවුනා නේ😐
රෑ වෙලා තනියම මෙහෙම පාරේ ඉන්න එක නම් හොඳ නෑනේ.
යාළුවෙකුත් හිටියා එයාව ගෙදරට දාලා යන ගමන් මෙතනදි නැවතුනා
ඉන්න මගේ ලග පෙට්‍රල් කෑන් එකක් එකක් තියෙනවා.
අනෙක් ගොඩක් පින්.😊
මම කෙවින්.
මම රදිනි..රදිනි දිහස්නා..
ආ....අර රේඩියෝ චැනල් එකේ එක්කෙනා හම්මෝ අපි අහනවා ඒ වැඩසටහන මරු ආ...
අනේ එහෙමද තැන්ක් යු
_____________________________________________***________________________________________
ඔබ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නේ මා කෙලෙසේ..🎶🎶.
(ඔයා වෙරලේ ඇවිදපු තැන්වල ඔයාගේ අඩි සලකුණු වැල්ලෙ කඳුළු වලට මැකිලා ගිහින් රැල්ල අද මගේ කකුල් වල ගෑ වුනේ නැත්තෙ තවත් මං වෙනුවෙන් එයා ළඟ පැතුමක් නෑ කියන්න වගේ. මගේ හිතට මහා මූසල කමක් දැනෙනවා. ඔයාගේ සොහොනට ඇවිත් ඔයාට කතා කරන්න ඕන වුණේ ඒකට. ඒත් ඒ හැඟීමේ අඩුවක් නැහැ.)
චුක්කි බැහැපන් තෝ බස් එකේ ඉන්නද කල්පනාව. කෝල් එකක් ආන්සර් කරපන්. මොන ලෝකෙ ඉන්නවද මන් දන්නෑ.😕
දන්නෙ නැති අංකයක්. හලෝ....... මම රදිනි.
හෙලෝ මිස් මම කෙවින්. මිස් මම කතා කරේ ලොකු අවුලක් මිස්ගෙ යාලුවට කරදරයක් මිස් අර විජේන්ද්‍ර සර්ගෙ වැඩවලට ඇඟිලි ගහන්න ගියානේ. බොස් වැරදියට තේරුම් අරන් ඒ සරිත්යා කියලා.
කෝ කෝ😯 කොහෙද දැන් ච(ර්)පි
එයා දැන් විජේන්ද සර් ළඟ ඉන්නේ. මම කිව්වා කියන්න එපා මිස්. මට මෙච්චරයි කියන්න පුළුවන්.
ඉ..න්න කොහෙද දැන් ..අනේ මගේ😧 ච(ර්)පිට කරදරයක්. අර සීන් එක ඇදිලා උන් මගේ මැණිකව අරං ගිහින්.
හෙලෝ හ...ලො...ච(ර්)පි වස්තුවේ අනේ කොහෙද ඉන්නේ හලෝ..
රදීහ්....අනේ මම...ආහ්...
හෙලෝ ච(ර්)පි
තොට කොහෙන්ද හයියක් මේ විජේන්ද්‍ර එක්ක හැප්පෙන්න ආ...😠
ඇයි උඹ මට මොනා කරන්නද ආ..😠.අහිංසක මිනිස්සුන්ට ගෙන බෙහෙත් හොරෙන් අරන් විකුණන්න ඒවද තමුසෙගෙ හපන්කම්,බලය කියන්නේ ආ බල්ලො..හෙන ගහනවා යකෝ තු: 😡ආහ් අත ඇරපන් මගේ කොණ්ඩෙ තමුසෙ අලුතෙන් හදන බිල්ඩිමට මාව ගෙනාවේ මම ඉන්න තැන හොයා ගන්න බැරි වෙයි කියලා වෙන්න ඇති තෝයි තොගේ ජාවාරමුයි මේ ඔක්කොම විනාශ වෙලා යන්න ඕනේ😠. එක කෙල්ලෙක් මරන්න ගෝලයෝ එවලා. බය නිසනෙ ෆෝන් එකෙන් විරිත්තන්නෙ ඇයි තමුන්ටම එන්න තිබ්බනෙ බයගුළුයි නිවට හිවල.😕
කට වහපන් මෙකී කට වැඩියි මොකද කියන්නේ බොස් මේකිට...අහ්..හු.. අන්න කෙල්ල පැන්නා.😬
_____________________________________________***________________________________________
අනේ දික්සිත් ඉක්මනට යමු රදිනිත් ගියා මොනා වෙලාද දැන් නෑ.
හරි හරි බබා බය නැතුව ඉන්න මුකුත් වෙන්නැ. පොලීසියෙන් එනවා බයවෙන්න එපා. කොහෙද තියෙන්නේ ඔය බිල්ඩින් එක.
ඔතනින් වමට දාන්න. පොලීසියට යන්න ඉඩ දෙන්න..අනේ... අර අ...ර ච(ර්)පි....😰.
බබා එෂා නැගිටින්න....එෂ්....
📌තිස්වන කතාව
එපා මොහොතක්..යන්න කොහෙවත්අයියේ රේඩියෝ එක ඕෆ් කරල දාන්න. අනේ තවවේගයෙන් යමු. මගෙ ච(ර්)පිට මුකුත් වෙන්නෑ.
_____________________________________________***________________________________________
දිකා මොකද බං මේ උනෙ..
අනේ ඉද්දා උඹලා ආවද අනේ බලපං😢
මේ දැන් ලංකාවට ආවා විතරයි බන් මොන සතුටකින් එන්න ඉදිය ගමනක්ද. මෙයාවත් එක්කන් එන්නම හිටියෙ පෙන්නන්න. මොනාද බං මෙ වෙන්නෙ.
මට හිතා ගන්නත් බෑ ...ඩොක්ටල කියනව තත්ත්වයි හිතෙන තරම් හොඳ නෑ කියලා බං
නුරාද්ට මොකද කෝ ඌ
ඒකට සිහියක් නෑ ICU එකේ දොර ලගට වෙලා ඉන්නව. පිස්සෙක් වගේ. කන්නෙත් නෑ බොන්නෙත් නෑ ආව දවසේ ඉඳන් එතන. අහන්නෙත් නෑ මොකුත්.
එෂාට කොහොමද දැන්.
එයාට ශොක් එකට සිහිය නැති උනා. තාම ටිකක් අවුල්. අපි ඉස්සරහින් බං ච(ර්)පි බිමට වැටුනෙ මතක් වෙනකොටත් පිස්සු වගේ.
මොනාද බං මේ අපිට උනේ ඉස්සෙල්ලා ෆෙරෝන් ඊළඟට රදිනි ච(ර්)පි පණ අදිනවා මට නම් මුකුත් හිතා ගන්න බෑ
අනේ මන්දා බං මටත් හිතාගන්න බෑ යමං අරූව පොඩ්ඩක් ෂේප් කරගන්න ඕනේ.
_____________________________________________***________________________________________
රදිනිගේ බොඩි එක දැන්ම දෙන්නේ නෑ බං පොලිසියෙන් පරීක්ෂණ තාම ඉවර නෑ
විජේන්ද්‍ර කාරයා ලොකු ලොකු අතු අල්ලන් බේරෙයි බං මටනම් වුව මරන්න කේන්ති.
😠
උඹට විතරක් නෙමේ යකෝ ඔක්කොටම නුරාත් උගේ බෙල්ලෙන් අල්ලපු පාර තව ඩිංගෙන් ඌ මැරෙනවා.
හැබැයි මීඩියා වලින් නම් ඌව නැති කරනවා වගේ. අනික අපේ රටේ මිනිස්සු රදීට පට්ට ආදරෙයි. එයා මාධ්‍යවේදිනියක් විදිහට මිනිස්සු හම්බ කරල තියෙනවා. ඒකිට අසාධාරණයක් වෙන්න දෙන්නෙ නෑ. එකම දේ අපේ එකාගේ ජීවිතේ බේරගන්න බැරි වුණා.
පොලිසියට කට උත්තර දෙන්න කෙවීන් අයියා ඇවිත් තියෙනවා කියන්නේ ඇත්තද
ඕ....එයාම තමා රදීට පණිවිඩයේ කියලා තියෙන්නේ. බයික් එකෙන් තමයි විස්තර හොයන්න පටන් ගෙන තියෙන්නේ එයාලගෙ ටාගට් එක රදිනි බයික් එක ච(ර්)පිගෙ නිසා තමයි එයව සෙට් වෙලා තියෙන්නේ.
නුරාගේ තත්ත්වෙ කොහොමද.
උදේ පොලිසියට යන්න බලෙන් ඉඳිආප්ප දෙකක් කෑවා එච්චරයි. මළමිනියක් වගේ.
කට උත්තර වල මොනාද තියෙන්නෙ
වෙඩි තියපු එකාගේ කටඋත්තරයට අනුව උන් ච(ර්)පව මරන්න හදනකොට එයා පැනල ගිහින්. ඒ වෙලාවෙම තමයි කලබලෙන් රදිනි එතනට දුවගෙන ගිහින් තියෙන්නෙ එතකොටම ච(ර්)පි එළියට ඇවිත්. සමහර විට රදිනිව අහුවෙයි කියලා බය වෙන්න ඇති. උන් දෙන්නගේ අතර තියෙන බැඳීම නම් මහ පුදුමාකාර එකක්.
හ්ම්... ඇත්ත ඊට පස්සේ
උන් ච(ර්)පිට වෙඩි තියන කොටම රදිනි ඉස්සරහට පැනලා රදිනිව තල්ලු කරන්න ච(ර්)පි පනිනකොට ලිස්සලා පහලට වැටිල තියෙන්නෙ..අම්මෝ එක බං ජීවිතේ තියෙනකල් අමතක වෙන්නෑ....
අනේ මන්දා බං මට පිස්සු වගේ අඩුම ගානේ ච(ර්)පිටවත් බේරගන්න පුලුවන්නම්.
වෙනදට මේ වෙලාවේ රදිනිගෙ වැඩසටහන අහනව.
හිරකර හසරැල්ලෙන් හැඬුම්අපි හිනැහෙමු සපුරා පෙරුම්
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පෙරුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ..මඳ අඳුරේ..
📌තිස්එක්වන කතාව
ඇතුලෙ ඉන්න හරි අමාරුයි. බෙහෙත් වලින් එන ගඳයි ස(ර්)ජිකල් ගඳට මං ආස නෑ. එළියෙ බංකුවේ මෙහෙම ඉඳගෙන ඉන්න එක සනීපයි. නිදහසේ හුස්ම ගන්න,අහසේ තරු බලන්න. නුරා සිංදුවක් කියන්නකො 😑.
උණු කඳුලැලි රූරා ගියා
අහගෙනද ඉන්නේ ඔයා..
හ්ම්....ඔයා දන්නවද මිනිස්සුන්ට රෑට තනිකම වැඩියෙන් දැනෙන්නේ ඇයි කියලා.
නිහඬයි,අඳුරුයි, නිසංසලයි.
නිහඩ හැමතැනම තනිකම දැනෙන්නෙ නෑ. ඔයා දන්නවද මම විශ්වාස කරනවා හඳේ හාවෙක් 🐇ඉන්නවා කියලා.
හඳට කොහෙන්ද හාවෝ ඒවා රසාස්වාදය උදෙසා පමණ.
ඒක තමයි ඉන්නේ එක හාවයි. මිනිස්සුන්ටවත් එයාගෙ වර්ගයේ අයටවත් ලං වෙන්න බැරි තරම් ඈතක තනි වුන එයා එයාගෙ තනිකම හැම රෑකම පතුරනවා. ඉතින් මිනිස්සුන්ට රෑට තනිකම වැඩියෙන් දැනෙන්නේ ඒ නිසා.
ඒක ඇත්ත වෙන්න පුළුවන්. මම අහල තියෙනවා මිනිස්සු මැරුණම තරු වෙනවා කියලා.
මං පුනරුත්පත්තිය විශ්වාස කරනවා.
හොඳ මිනිස්සු තරු වෙනවා වගේම නරක මිනිස්සු හොල්මන් වෙනවා.හොඳ හොල්මනුත් ඉන්නව. දෙගොල්ලොම රෑට එන්නේ ඒ නිසා වෙන්න ඇති. මිනිස්සු තරු වෙනවට වඩා හොල්මන් වෙනවට මම කැමතියි.
ඇයි?
මැරුණ අය තරු වුනාම අපේ තරුවක් කියාගෙන අයිති කරගෙන ඉන්නෙ මොන තරුවද. එකම තරුවකට ගොඩක් අය අයිතිවාසිකම් කියනවා වගේ එතකොට. මොකද අපේ පරම ආයුෂ හැත්තෑවක් උනාට තරුවකට එහෙම නෑ.
තනි තරුවක් ඕනෙනම් නිහාරිකාවක අයිතිකාරයෙක් වෙන්න. එතකොට ඔයාටම කියලා තරුවක් ඉඳියි.
ච(ර්)පි... ඔයාට මට කියන්න දෙයක් තියනවද අර දෙනවා කියන සප්‍රයිස් එක මොකක්ද.
හ්ම්...තිබ්බා දැන් පරක්කුයි.
වෙලාව තියෙනවා තව. මම අහන්න කැමතියි..
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
ශුැතිය පොඩි අවුලක් තිබ්බට ඒක දැනුනා..
මම යන්න ඕනෙ දැන්.
කොහෙද?
තරුවක් වෙන්න.
ඉන්න මාත් එනවා නිහාරිකාවක අයිතිකාරයෙක් වෙන්න ආසයි. තරු වලට අධිපති තරුපති වෙන්න. වෙන කාටවත් අයිතිවාසිකම් කියන්න දෙන්නෑ ආයෙ.
_____________________________________________***________________________________________
මෙතන හිටපු නුරාද් කෝ.😯.
කෝ..ච(ර්)පි එයත් නෑ..
සොරි මිස්ටර් ඔයාලගේ පේෂන්ට දැන් ටිකකට කලින් අමාරු වුණා. එයාව තියට(ර්) රූම් එකට අරන් ගියා.
ඇ..ඇයි මිස් මොකද...
එයාගේ තත්ත්වය නම් එච්චර හොඳ නෑ අපි අපිට පුළුවන් උපරිමයෙන් කරනවා. ඇත්තටම එයාගේ ජීවිතේ බේරෙන්න ගොඩක් අඩු ඉඩක් තියෙන්නේ. බලාපොරොත්තු නැති කරගන්න ඕන නැහැ සමහර වෙලාවට මිරැකල් වගේ දේවලුත් වෙනවා..😑
_____________________________________________***________________________________________
අනේ බබා නුරාද් නෑනේ එයාගේ ෆෝන් එක නම් අයි සී යු එක ඉස්සරහා පුටුවේ තිබ්බා.
එෂා ඔයා මෙතන ඉන්න අපි ටිකක් බලලා එන්නම්
මේකා කොහෙද ගියේ..
අහ්..අර ඉන්නේ බංකුවේ..
නුරාද්...ඒ බං
නු......රා...
අල්ලපන් ඉක්මනට ට්‍රොලියක් ගේන්න...
_____________________________________________***________________________________________
📌තිස්දෙවනවන කතාව
නැවතත් සොහොන්කොත දෙස හැරුණු විට දුටුවේ එකිනෙකා සමග කෙළිදෙලෙන් සිටින සත් මිතුරෝය. අවසානයේ උණ පඳුර තුළින් ඇසුනේ සිනා හඬවල් පමණි. සතුට මුසු ව ආ මදනලේ පහස විඳිමින් කනත්තෙන් එළියට ආ ඔහු තම ගමන ආරම්භ කළේය.
හොඳයි මෙච්චර වෙලා ඉතින් අපි ඇහුවේ කනත්තක තියෙන උණ පඳුරක් කියපු කතාව. මේක මගේ අලුත්ම වගේම පලවෙනි සිංහල නවකතාව. ඔයාලට මේ ගැන දැනගන්න දේවල් තියෙනවද?😃
මම වර්ණ පත්තරෙන් 'පොතකින්' කියන ආර්ටිකල් එක කරන නිහාරිකා තරුන්දි. මිස්ට ධනූර් මේ පොතේ තියෙන විස්තර,සිද්ධි, ලොකේෂන්,වගේ දේවල් ගැන සැලකිලිමත් උනාම මේ කතාවට යම් කිසි සත්‍ය පසුබිමක් තියෙන බව පේනවා.
ම්.....ඔව් මේක ඇත්ත යාලුවෝ හත්දෙනෙකුගෙ ඇත්ත කතාවක් පදනම් කරගෙන ලියපු එකක් තමයි.
එතකොට මිස්ට ධනූර්
මට ධනූර් කියන්න
ඕකේ ධනූර් ඔයාට එහෙම සත්‍ය කතාවක් පදනම් කරගෙන ලියන්න කලින් ඒ ඒ අදාල අයගෙන් අවසර ගන්න ඕන වුණේ නැද්ද?
ගන්න ඕනේ උනා ඒත් ඒ අය හැමෝම අද නෑ. ඉතින් එයාලගෙන් අවසර ගන්න පුළුවන් තැනට ගිහින් මම අවසර ඉල්ලුවා. එයාලා මට අවසර දුන්නා. අවසරය තමයි මම අද මෙතැනට ආපු හැමෝටම බුක්මාර්ක් එකක් විදිහට දුන්නෙ. වේලුන කොළයක්. ඒක තමයි මට ලැබුණු අවසර පත්‍රය. උණ කොළ ටිකක්.😊
කවුද ඒ හාරිකාව 😕නිකං ඒ ලෙවල් පේපර් එක හදන්න කරුණු එකතු කරනවා වගේ නේ. අම්මා මගේ කොල්ලා පව් එයා එක්ක ආව කෙනා නේද අර ඉන්නේ
හායි
හායි....
මොකො මෙතන තනියම
මෙතන හොඳයි. මුහුද පේනවා මෙතනට. මම මුහුදට ආසයි. ඔයාලා ඕපනින් එකට නියම ලොකේෂන් එක තෝරලා තියෙන්නේ.
ලොකේෂන් එක තේරුවේ මම. මමත් මුහුදට පට්ට ආසයි. මම යුවිත්. යුවිත් දළනිදු.
මම සිදු ප්‍රාර්ථනා.
මුහුදට ආස නිසාද අම්මා සිදු කියලා මුහුදු නමක්ම දාල තියෙන්නෙ. ලස්සන නම සිදු ප්‍රාර්ථනා. මුහුදෙන් ආපු පැතුමක් වගේ.
මට කිව්වට ඔයත් එහෙමනෙ දළනිදු කියන්නෙත් මුහුදට.
යාලුව හරියට ප්‍රශ්න අහනවනේ
එයා ධනූර්ට හරි කැමතියි. ධනූර් ලියපු හැම පොතක්ම වගේ කියවලා තියෙනවා.
ඔයා කැමැති නැද්ද😏
ධනූර්ටද...අකමැති වෙන්න නම් හේතුවක් නෑ. මම වැඩිය පොත් කියවන්නැ.
මේක දැම්මම ඉවර වෙන එකක් නෑ. එනවද රැල්ල පාගන්න යන්න වැහි අඳුරට මුහුද හරි ලස්සනයි.
_____________________________________________***________________________________________
අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ධනූර් තරුපති කියන්නේ ඉංග්‍රීසි පොත් ගොඩක් ලියපුු ප්‍රසිද්ධ කතුවරයෙක්. ඉතින් ඔයාගේ පළවෙනි සිංහල නවකතාවටත් ඇයි සිංහලෙන් නම දාන්නේ නැතුව ඉංග්‍රීසි නමක් දැම්මේ. FRIENDS කියන නම තෝරන විශේෂ හේතුවක් තියෙනවාද?.
ම්....පොතේ නමේ තේරුම පොත ඇතුළේ ජීවත් වෙන අය දුන්නේ. එයාලා මොන දේ කළත්. මොනවා වුනත් තමන්ගේ මිත්‍රත්වය එක පොඩ්ඩක් නැති කරගත්තෙ නෑ. එකිනෙකා වෙනුවෙන් හැම වෙලාවෙම හිටියා. ඉතින් දෛවය ඒකට ගැලපෙන්න එයාලට නම් දීල තිබුන. මම පොතට දාන්න හොද නමක් හිතුවා. ඒත් ඒකට දාන්න දෛවයම හදලා දීලා තියෙන කොට වෙන නමක් ආවෙම නැහැ. පොතේ තැන් තැන්වල ප්‍රධාන චරිතවල සම්පූර්ණ නම් දීලා තියෙනවා. ඔයාල ඒවා එකතු කරලා පිලිවෙලට ලියලා බලන්න මොකක් හරි නමක් හදා ගන්න පුළුවන්ද කියලා කම්මැලිකම යන්නත් එක්ක එහෙම දෙයක් හොඳයි නේද😊
📌තිස්තුන්වන කතාව
හායි...මොකෝ මේ මාධ්‍යවේදිනියක් රෑ යාමේ මහපාරෙ
ආහ්..ධනූර් මම මේ හොඳ වයින් දෙකක් කියන්න ලෑස්ති වෙලා නැමුනේ.
යකෝ ඒ මොකෝ😯
නෑ නෑ පාරේ තනියම කෙල්ලෙක්ට ඉන්න බෑනේ එක එක අමාරුකාරයෝ නවත්තල අහනව ගාන කීයද කියලා😠.
අම්මෝ...එහෙනම් නෝන මොකෝ කියන්නේ මට කීයක් හරි දෙනවා නම් මම බෝඩිමට ගිහින් දාන්නම් නගින්න.😃.
මම ඉන්නේ බෝඩිමක කියලා දන්නේ කොහොමද
යුවිතා තමයි කිව්වේ ඔයයි ඔයාගේ යාලුවයි එකට බෝඩිමේ ඉන්නේ කියලා😊.
එයා කොහොමද ඒ විස්තර දන්නෙ.
සමහර විට යාළුවා ම තමයි කියන්න ඇත්තේ. දෙන්න තුන්පාරක්ම හම්බවෙලා තියෙනවා 😉
ඒකත් එහෙමද. මේ අපේ කෙනාගේ පැත්තෙන් නම් අවුලක් නෑ. එයා යුවිත්ට කැමතියි වගේ. එයා යුවිත් ගැන කතා කරන්නෙ ඔයා අර පොත එළි දක්වපු දවසේ ඉඳන්.😊
ම්...අපේ එකත් මට කිව්වා එදා එයාලා වෙරළේ ඇවිදින්න ගියා කියලා. අකුණක් ගහල සිදු බය වුනා කියලත් කිව්වා.
ඕ.... එයා ඔය ගොරවන සද්දේ, වෙඩි සද්ද වගේ ඒවට හරි බයයි. එයා කියන්නෙ සමහර විට එයා වෙඩි වැදිලා මැරුණ කෙනෙක් වෙන්න ඇතිලු. මමත් උස තැන් වලට බයයි.
එහෙනම් වැටිල මැරෙන්න ඇත්තේ අර මරියානා ආගාදය හැදුන කාලේ වෙන්න ඇති😂
අනේ මේ...😠😡
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. පොඩ්ඩක් ඉන්න
ඔයා රේඩියෝ අහනවද?
සමහර වෙලාවට යුවිතගෙ වැඩසටහන නොවරදවාම අහනවා.
_____________________________________________***________________________________________
මගේ යාලුවෙක් දවසක් මට කිව්වා එයා ආසම පාට තරු පාට කියලා. ඉතින් මම ඇහුවම කිව්වා තරු වල පාට හරියටම මොකක්ද කියලා එයා දන්නෙත් නැති නිසා කියලා. මොනව උනත් තරුවක් ඉපදෙන තැනට කියන්න මොකක්ද කියලා ඔයාලා දන්නවද. ඔව් ඒක තමයි නිහාරිකාව.
තරු පාට නිලට දිලිසෙන...
188.2න් ඔයා මේ එකතුවෙලා ඉන්නේ සිහින අඩවිය එක්කයි. දැන් වෙලාව රාත්‍රී අටයි මිනිත්තු තිහයි.
_____________________________________________***________________________________________
යුවිත්ගෙ යාළුවා හරියට නුරාද් වගේ
නුරාද්....ඇයි ඒ..
ඇයි ඔයාගේ පොතේ එක තැනක නුරාද් කියන්නේ තරු වල පාට අපි හිතනවට වඩා වෙනස් වෙන්න ඇති කියලා. ඒවා අපිට ඕනේ, අපි බලන වෙලාවට පාට වෙනස් කරගන්නවා කියලා. නිල්, රතු, සුදු, කහ, සමහර වෙලාවට තරු නැති අහසක කළුපාට තරු උනත් තියෙන්න පුළුවන් කියලා.
ඔයා මගේ පොත පාඩම් කරනවද.
නෑ ඒ කතාව මතකේ තියෙනවා හරියට මගේ. මට කිව්ව එකක් වගේ.
එහෙම දැනෙන්නෙ ඒක කතුවරයාගේ දක්ෂතාව.
ඔව් ඔව් තමන්ගේ පම්පෝරි ගහන්න😒 තියෙනවා නං ඉතින්..
මොනාද මුනු මුනු ගාන්නේ
නෑ මුකුත් නෑ ඔයා ඔය ෆෝන් එක පැත්තකට දාලා පාර බලාගෙන යන්න. මොකද මගේ ජීවිතේ ඔයාගේ ජීවිතයට වඩා වටිනවා.😦
අමමේ... ඇත්තද හැම ජීවිතයක්ම වටිනවා එක වගේ ඒකට සාපේක්ෂතාවාදයක් නැ
හරි හරි ඉස්සරහ බලාගෙන එලවන් අපි දෙන්නට එකට මැරෙන්න බැහැනේ
📌තිස්හතරවන කතාව
හොඳයි අපේ වැඩසටහනේ තව එක ගීතයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ගැන කතා කළොත් ඒකට එක එක අර්ථකථන විචාර ගොඩක් තියෙනවා. සම්මතයේ පිහිටපු ඒවා, අසම්මතයේ පිහිටවපු ඒවා. සමහර වෙලාවට ඒ ඒ වගේ දේවල් ගීත රචකයා හිතුවෙවත් නැති දේවල් වෙන්න පුළුවන්. විචාරය කිරීමේ අයිති ඕන කෙනෙක්ට තියෙනවා. විචාරය කියන්නේ රසවිඳින එක පැතිකඩක්. මේ ගීතය ගැන කතා කරනකොට, හඳට හැමදාම ඉර එළිය දුන්නට කවදාවත් තරුවකට හිමිකම් කියන්න ඉරට බැරි වෙනවා. මොකද තරු හැමදාම පායන අඳුරු අහසේ. ඒ එයාගෙ ලෝකය. ඒ නිසා හැමදාම තරුවල අයිතිය හඳට තියෙන්නෙ. ඒ නිසාම තමයි හඳට තරුපති නැත්තං තාරපති, තරිඳු ඔය වගේ නම් කියන්නේ. තරුවක අයිතිකාරයෙක් වෙන්න හැමෝටම බෑ. ඒත් හැබැයි, මම ඉස්සෙල්ලා කිව්ව වගේ නිහාරිකාවක අයිතිකාරයෙක් වුනොත් ඔයාට ඔයාගෙම කියල තරුවක් ඉපදෙන්න පුළුවන්. හැබැයි හැම තරුවකටම අයිතිය කියන්න හඳටත් බෑ. ඒ නිසාම තමයි අපේ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතා කියන්නේ ඉරට පෙම් කරන එක තාරකාවක් හරි ඉන්න පුළුවන් කියලා. ඔව් ඒක තමයි අපේ අවසාන ගීතය. හෝරා දෙකක් පුරාවට මාත් එක්ක ගීත රසවිදිමින් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් ආපහු තව දවස් දෙකකින් සිහින අඩවිය අරගෙන මන් එනවා. හැබැයි යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා තරුපති කෙනෙක්ගෙන්. මම දන්නවා මේ වෙලාවේ දෙන්නම මාව අහගෙන ඉන්නේ කියලා. ඉතින් තරුවකට අධිපතිකම දරන්න ඉපදුන කෙනෙක් ඔන්න නිහාරිකාවක් හොයාගෙන. ඉතින් ඒ තරුපති මගෙන් ඉල්ලුවා ඒ නිහාරිකාවට රස්නෙ කෝපි කෝප්පයක්☕ බොන්න එයා එක්ක එන්න කියන්න පුළුවන්ද කියලා. ඔන්න ඉතින් මම කිව්ව. බෑ කියන්න එපා හොඳේ.
එහෙනම් අදට මම සමු ගන්නවා මම යුවිත් දළනිදු.
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි....🎶🎶.
_____________________________________________***_________________________________________
මොකද කියන්නේ මේ සීතල රාත්‍රියේ මාත් එක්ක කෝපි කෝප්පයක් බොමුද.😍.
THE END.
~~~~~~~~~~~~~~~~~~~~***~~~~~~~~~~~~~~~~~~~~***~~~~~~~~~~~~~~~~~~~~
පසුවදන
මම විශ්වාස කරන විදිහට මේ ලෝකෙ එදිනෙදා මගතොටේදී වුණත් එකිනෙකා මුණ ගැසෙන චරිත අපේ ජීවිත කතාව එක්ක බැඳුණු චරිත. නැත්තං ඒ වෙලාවේ ඒ මුණගැහෙන කෙනා නැතුව වෙන කෙනෙක් ඉන්න පුළුවන්නේ. එහෙම බැලුවම අපි හැමෝම හැමෝගෙම කතාවක චරිත වගේම හැමෝගෙම කතා එකිනෙකට සම්බන්ධයි. අපි ජීවත් වෙන්නේ පුංචි ලෝකෙක. අද වෙන්නේ මොනාද හෙට වෙන්න තියෙන්නෙ මොනාද කියලා තීරණය කරන්න බැරි කාලෙක. අතීතයේ වුනේ මොනාද කියල හිතාගන්න බැරි තැන්වල. අපේ ජීවිත කතාවෙ අපිට ලැබෙන හැම දෙයකම තේරුමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ නම. ඒක තමයි මොනවත්ම නැති අපට ලැබුණ දෙවෙනි වටිනාම තෑග්ග. පළවෙනි එක අපේ ජීවිතය. අපේ නම අපිට ලැබුණේ කොහොමද? හිතාගන්න බැරි ගණන් කරන්න බැරි වචන ගොන්නකින් වචන එකක් දෙකක් අපේ නම විදිහට තේරුණේ හේතුවක් නැතිවම නෙමෙයි. ඒ අපේ ජීවිත කතාව එක්ක නමත් බැඳිලා තියෙන නිසා. අපිව හොයාගෙන සංසාරේ එන අයට ඒවා මං සලකුණු වෙන්නත් පුළුවන්. අපි කැමති දේවල්,අකමැති දේවල්,බය දේවල්,අපිට වෙන දේවල් හැම එකක්ම හේතුවකට සිද්ධවෙන දේවල්. අවසානයකට ශෝකාන්ත සුඛාන්තය කියලා දෙකක් තිබ්බට මම විශ්වාස කරන හැම කෙනාගෙම කතාවකට හැපි එන්ඩින් එකක් තියෙනවා කියලා. ඒත් ඒක ලැබෙන කාලය වෙනස් වෙනවා. ඉවර කරපු නැති කතා ඉවර කරන්න අපි ආයෙ ආයෙ ඉපදෙනවා. බැඳීම් හදාගන්නව. දුක සතුට හැම දෙයක්ම එකතු කරගෙන අපි ජීවත් වෙනවා. අපිට ලබාගන්න බැරි උන දේවල් ලබාගන්න ආයෙ ආත්මයක උත්සහ කරනවා, තරඟ කරනවා, පොර කනවා සමහර වෙලාවට ජයගන්නවා. වෙලාවක පරදිනවා. ඒ තමයි ජීවිතය. සරලවම ජීවිතේ කියන්නේ දුක, සතුට සහ බයයි. ජිවිත අත්දැකීම් හැම එකකම තියෙන්නේ ඔය තුනේ. අතීතයේ දේවල් දුකක් වර්තමානයේ දේවල් සතුටක් වෙනකොට අනාගතය බයක්. ඉතින් වර්තමානයේ ඒ වෙලාවේ, මේ මොහොතේ ජීවත් වෙන එක තමයි හොඳම දේ.
මේක මම ලියපු පළවෙනි කතාව. අඩුපාඩු ගොඩක් ඇති. මේ දක්වා මාත් එක්ක ආව ඔයාලට හැමෝටම ගොඩක් ස්තුතියි❤. මේ කතාවේ චරිත වලට ලස්සන නම් දාලා දුන්න හිමසර මල්ලි ඔයාටත් (සමාවෙන්න ඔයාගේ ඇත්ත නම මම දන්නේ නෑ 😍), වචනවලින් අදහස් වලින් වගේම හැම දෙයකින්ම මට සහයෝගයක් දක්වපු හැම මිතුරෙක්ට මිතුරියත් මම හදවතින්ම ස්තුතිය පුද කරනවා❤.
මම පියු....

0 Comments