ADD

"මං ගොඩක් ආසයි රිද්දලා නවත්තන්න" ( කාව්‍ය රචක ශෂික සදීප්)

එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ මනමේ වේදිකා නාට්‍යයේ එන ප්‍රධාන කාන්තා චරිතය මනමේ කුමරියයි. කාලයක සිට ඇය ගැන කවීන්, ගීතරචකයින්, ලේඛකයින් වගේම විචාරකයිනුත් බොහො අදහස් දක්වාලා තියෙනවා. හැබැයි අපි කවුරුත්, ඇගේ කතාව හරියටම දැනගෙන හිටියෙ නැහැ නිසාම පහුගිය දවසක ඇය YouTube Interview එකකට සහාභාගී වෙලා තිබුණා. ඇගේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ ඔබත් දකින්නට ඇති. ඉතිං මේ කතාවේ නිර්මාණකරුවාට වර්ණ අපි, අපේ කතාබහට ආරාධනා කරා. අද ඔබ හමුවන සහෘදයා නමින් ශෂික සදීප්. මේ ඔහු සමග කළ සංවාද සටහනකි. 


ශෂික කොහොමද ඉතිං මේ දවස් වල.

මේ දවස්වල..... ම්ම්ම්ම් මෙහාට සීතලයි (සිනාසෙමින්). ඉතිං Job එකත් කරන ගමන් FB Page එකේ වැඩයි සිංදු හදන වැඩයි ඔක්කොමත් එක්ක ටිකක් busy.

ඔබ ගැන අපිට කිව්වොත්.

මගේ සම්පූර්ණ නම ශෂික සදීප්. ලංකාවෙ නම් මම හම්බන්තොට දිස්ත්රික්කයේ බරව කුඹුක කියන ගමේ. මන් කොරියාවට ඇවිල්ලා අවුරුදු 04 හමාරක් වෙනවා. මගේ පවුලේ විස්තර කියනවානම් අම්මයි, තාත්තයි, මල්ලි, නංගී. මල්ලි මාත් එක්ක මෙහෙ ඉන්නේ. නංගී සෞන්දර්ය විශ්වවිද්යාලයේ ඉගෙන ගන්නවා.

ශෂිකව අපි සමාජ මාධ් තුළින් හඳුනා ගන්නේ කවියෙකු විදිහට. ඉතිං ඔබ කවි ලියන්න පටන් ගත්තේ කොහෙමෙද?

මම කවි ලියන්න පුරුදු වුණේ කොහොමද කියනවනම්, මිනිස්සු තමන්ගේ හැගීම් පිටකර ගන්න එක එක විදි  පාවිච්චි කරනවනේ. කෙනෙක්ට තරහ ගියාම අඬනවා, දුක හිතනකොටත් අඬනවා, සතුටක් ආවම නටනවා. ඔහොම එක එක විදි තියෙනවානේ. මං පොඩි කාලෙ ඉඳලම පුරුදු වුණේ ලියන්න. ඉස්කෝලේ පහේ පන්තියේ ඉඳලම මගේ හිතට සතුටක් ආවාත්, දුකක් ආවත්, මොන හැඟීමක් ආවත් මං කරේ රචනාවක් වගේ ලියපු එක. ඕකම පුරුද්දක් විදිහට කරගෙන ආවා. මේක වෙනස් උනේ මන් A/L කරන කාලේ. ඒකාලේ දී අර රචනා වගේ ලියපු ඒවා Auto කවි විදියට  ලියවෙන්න පටන් ගත්තා. ඒක මන් හිතලා කරපු දෙයක් නෙවෙයි. නිරායාසයෙන්ම උන දෙයක්. ඉතං ඒක අදටත් එහෙමයි. වෙනස් වෙලා නැහැ. අද මං මෙහෙම කවි ලිව්වට මම උසස් පෙළ කළේ වාණජ විෂය ධාරාවෙන්. ලංකාවේදී මං වැඩ කරේ ගිණුම් ලිපිකරුවෙක් හැටියට. මං ජොබ් එක කරන ගමනුත් ඉගෙන ගත්ත ගිණුම්කරණය සම්බන්ධයෙන්. ඒත් මං දිගටම කවි ලිව්වා. ඔහොම අවුරුදු 06, 07ක් කවි ලියන කොට මට ඕන වුණා කවිය ගැන   ඉගෙන ගන්න. නිසාම කවිය ගැන, කවියේ නීතිරීති ගැන, පරණ කවීන් ගැන, නූතන කවිය ගැන මං අධ්යනය කරා. ඒවත් එක්ක ටික කාලයක් යනකොට අපි කියන්නේ සතත අභ්යාසයත් එක්ක තමයි අද මන් ලියන ගානට මට කවි ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ.

හීන with shashi  Facebook  පිටුව හරහා ඔබේ කවි වලට ආදරය කරන පිරිසක් එකතු වෙලා ඉද්දී එතනින් නොනවති ඔබ ගීත රචකයෙක් බවට පත්වෙන්නේ කොහොමද?

ඒක හරි අහම්බෙන් උන දෙයක්. මං හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක වුනේ මං Facebook Page එක හදලා මාස 07, 08කට පස්සේ මගේ පළවෙනි කවිය චන්දරේ නමින් ලියලා Facebook එකට දානවා. එක දවස් වල ගොඩක් Share වෙනවා. අතරේ මගේ Inbox එකට Massage එකක් එනවා දීපති ජයසූරීය කියන සංගීත ඉන්ජිනේරුවරයගෙන් "මල්ලී අපි මේක අරගෙන සිංදුවක් හදමුද" කියලා. ඊටපස්සේ තමයි දීපති අයියයි මමයි එකතු වෙලා අපේ පළවෙනි සිංදු  Heena with ශෂි කියන Facebook Page එක නමින්ම හදපු YouTube Channel එක හරහා චන්දරේ නමින් release කරන්නේ. එතනින් පස්සේ තමයි අද ඔයාලා ඔය අහන ඔක්කොම සිංදු හැදුනේ. නමුත් ඔය සිංදු එකක්වත් ගීත විදියට ලියැවුණු ඒවා නෙවෙයි ඔක්කොම මං ලියපු සඳැස් කවි. කවි තමයි කෙටි කරල ගීතයක් විදියට පරිවර්තනය කරලා තියෙන්නේ.


ලාංකීය ගීත කලාව තුළ කවිය පදනම් කරගනිමින් ගීත නිර්මාණය වෙලා තියෙනවා. ඔබේ කවි අතරින් කවියක් ගීතය වුන පළමු අවස්ථාව "චන්දරේ ගීතයයි". මේ වෙනස ඇති කළේ කුමන අරමුණකින්ද

ඒක මෙහෙමයි, concept එකක් විදියට අපිට ඕන වුණේ කවිය විකෘති නොකර ගීත නිර්මාණය කරන්න. ඔයාලට පේනවා ඇති අපේ සින්දු වල Music Video එකක් නෑනේ. අපිට මුලින්ම ඕනි වුනේ ඒක. දැන් මෙහෙමනේ කවිය මිනිස්සුන්ට ගොඩක් සමීපයිනේ. නිසා කවිය වෙනුවෙන් ලංකාවේ පෙනිසිටින ගොඩක් අය ඉන්නවා. කියන්නේ ප්රවීණ කවියෝ, අතකස වගේ එක එක සංවිධාන තියෙද්දී අලුත අය විදිහට අපි ලියන කවියක් අරගෙන කවිය විකෘති කරොත් එහෙම අපිට අනිත් පැත්තට දෝෂාරෝපණයක් එනවා කියලා අපි දැනගෙන හිටියා. නිසා අපි උපරිම උත්සාහ කරා කවියේ තියෙන අංග ලක්ෂණ ටික ආරක්ෂා කරගෙන music සහ voice වලින් පුංචි තල්ලුවක් දෙන්න. ඒකත් එක්ක තමයි මේ concept එක නිර්මාණ වෙන්නේ. ඒත් එක්කම අපි හිතුවා නිර්මාණ වලට Music Video එකක් නොකර ඉමු කියලා. ඒකට හේතුව කවියක තියෙන විශේෂම ලක්ෂණයක් තමයි චිත්තරූප මැවෙන එක. අන්න concept එක තමයි අපි YouTube  එකට ගෙනාවේ. ඉතින් අපි මුල් දවස්වල හිතුවේ නැහැ music video එකක් නැතුව සින්දු ඔච්චර viral වෙයි කියලා. ඒත් ඇත්තටම ඒක වෙලා තියෙනවා. දැන් අපි Music Video එකක් දාන්න කියලා හිතුවත් Music Video එකක් එපා කියලා තමයි ප්රේක්ෂකයෝ කියන්නේ. ඒකට හේතුව ප්රේක්ෂකයා රූප රචනාවකට හිර වෙන්නෙ නැතුව එයාලා සිංදුව එයාලගේ කරගෙන විදින නිසයි.

ඔබගේ  නිර්මාණ අතුරින් ප්‍රේක්ෂකයා ඔබව ගීත රචකයෙකු ලෙස හඳුනාගන්නේ "මැණික" ගීතය හරහා. මේ වනවිට ඔබේ නිර්මාණ සමාජ මාධ්‍යවල වගේම රූපවාහිනී නාලිකාව වලත් කතාබහට ලක්වන නිර්මාණ බවට පත් වෙලා. මේ ගැන කතා කළොත්.

මැණික සිංදුවට වඩා මගේ ඉස්සෙල්ලම viral උනේ කුසුමේ කියන සිංදුව. ඒකෙන් තමයි ගොඩක් අය මාව හොයන්න පටන් ගත්තේ. මැණිකේ සින්දුව තමයි ගොඩක් ප්රේක්ෂකයෝ අතරට ගියේ. නමුත් කුසුමේ සිංදුව release වෙලා මාසයක් යන්නත් කලින් පත්තර වල රේඩියෝ වල හැම තැනකම සින්දුව ගැන කතා වෙන්න පටන්ගත්තා. කුසුමේ සින්දුව නිසා තමයි මැණික සින්දුව ඉස්සරහට ගියේ. ඇත්තටම පෞද්ගලිකව ගොඩක් සතුටුයි මොකද වර්තමානයේ අලුත් අය ඇවිල්ලා මේ විදියට විනාඩි 03, 04 සින්දුවක් විනාඩි 06, 07කට අදිනකොට ගොඩක් දුරට ගල්මුල් තමයි එන්නේ. නමුත් අපිට පෞද්ගලිකව ගල්මුල් ආපුවා අඩුයි. ගොඩක් ක්ෂේත්රයේ ප්‍රවීනයෝ අපිට සුබපැතුවා සහ මේක තරුණ ප්රජාවට ගොඩක් සමීප වුණා. දැනටත් සමාජයේ මතයක් තියෙනවානේ 2000 පස්සේ අය අහන්නේ  රැල්ලක සින්දු කියලා. එනිසා එයාලාව කොන්කරලනේ තියෙන්නෙ. නමුත් අයටත් මෙහෙම රසවින්දනයක් තියෙනවා කියන එක අපේ සිංදු හරහා ඔප්පු කරන්න පුළුවන් වෙච්ච එක ගැන පෞද්ගලිකව හිතට සතුටුයි. ඒකට හේතුව ගොඩක් ටියුෂන් පන්ති වල අපේ සිංදුව Play කරන්න සහ විචාරය කරන පටන් ගත්ත එක. ඉතිං අපේ සින්දු මේ විදියට social media වල, රූපවාහිනී නාලිකා වල වගේම මේ ක්ෂේත්රයේ ප්රවීණයෝ අතින් විචාරය වෙන එක සහ ගැන කතාබහ කරන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි වගේම ඒක අපේ ගමනට ලොකු ශක්තියක්.

ගීතයක් නිර්මාණය වෙන්න පද රචනය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එයට තනු නිර්මාණය සහ ගායකයෙක් හෝ ගායිකාවක් අවශ්‍යයි. ඉතින් Heen with shashi  YouTube නාලිකාව හරහා මේ වනවිට ප්‍රේක්ෂකයා රසවිඳින සියළුම ගීත ඔබ ඇතුළු එක්කම කණ්ඩායමක නිර්මාණයන්. මේ කණ්ඩායම ගැන කතා කරොත්.

ඒක මං අර කලින් කිව්ව වගේ මේ හැම සිංදුවක්ම Music කරේ දීපති ජයසූරිය. ඔහුගේ තමයි සංගීතය සහ සම නිෂ්පාදනය. ඒවගේම Heen with shashi YouTube Channel එක අපි දෙන්නම එකතු වෙලා කරන්නේ. මෙකේ voice කරන්නේ විශාරද තරිඳු ජයසිංහ සහ විශාරද සුවිනි සුදස්නි. දෙන්නම විශාරදවරුන්. මේක අලුත් වැඩක් නිසා ගොඩක් දුරට වෙනත් අයව සම්බන්ධ කරගන්න හැදුවේ නැහැ. මොකද තියෙන ප්රතිචාර මොන මොනවගේද කියලා දන්නේ නැති හින්දා. නිසා මුල ඉඳලම එකම voices දෙකක් තියාගෙන ආවේ. ඒක ප්රේක්ෂකයෝ සුභවාදී විදිහට ගත්ත නිසා අපි හිතුවා මේක Team එකක් විදියට කරගෙන යන්න ඕනේ කියලා. දැනට අපි හතර හතරදෙනාම Team එකක් විදිහට වැඩ කරගෙන යනවා. නමුත් ඉස්සරහට මේ Voice වෙනස් වෙයි. අපි හිතන් ඉන්නවා මේ production එක පොඩ්ඩක් ලොකු කරන්න. ඒවගේම ඒකාකාරී බව අයින් කරන්න ඕන හින්දා අපිට දැනෙන හඬවල් තියෙන ලංකාවේ ජනප්රිය Artists ලා  එක්ක ඉස්සරහට පොඩි වෙනස්කම් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා.


ඔබේ සෑම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්  නිමිත්තන් මත නිර්මාණය වුණත් සියල්ලම විරහවෙන් අවසන් කළේ ඇයි?

විරහවකින් ඉවර කරන්න හේතුව තමයි, මං ගොඩක් ආසයි රිද්දලා නවත්තන්න. කියන්නේ මෙහෙමයි, මං විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සුන්ට ගොඩක් දැනෙන්නේ සතුටට වඩා දුක කියන එක. නිසා මං එතනට ලියන්න තමයි ගොඩාක්ම කැමති. මගේ කුසුමේ සිංදුව ගත්තොත් කොතනකවත් කියන්නේ නැහැනේ වකුගඩුවක් විකුණනවා කියලා. ඒක කියන්නේ අවසාන පද පේළිය ඇතුලේ. අවසාන පද පේළිය ඇහෙනකොට ප්රේක්ෂකයාට හැඟීම දැනෙන්න පටන්ගන්නවා සහ එයා ටික වෙලාවක් යනකල් කල්පනා කරනවා මොකක්ද උනේ කියලා. මං එතනට ලියන්නයි ආස. මොකද, රිද්දලා නැවැත්තුවාම මිනිස්සු ඒක ගැන හිතන්න ගන්නවා සහ මේ ගීතය ගැන, මේ ගීතයේ අර්ථය ගැන, මේ සින්දුවේ කතාව මොකක්ද කියලා මිනිස්සු හොයන්න ගන්න. නිසාම පෞද්ගලිකව මගේ කවිවලත් මන් ඒක කරනවා. මිනිස්සුන්ට  සතුටු හිතෙන දේවල්  වලට වඩා මං හිතනවා ඒක සාර්ථකයි කියලා. ඔයාලා දැකලා ඇති අපේ සිංදුවලට එන ගොඩක් Comments වල තියනවා මේ සිංදුව අහන්න බැහැ, නැත්තං මේ සින්දුවක් අහන්න බයයි ඇඬෙනවා කියලා. මං පෞද්ගලිකව ආසයි කවුරු හරි "අයියේ ඔයාගේ සින්දුවක් අහලා මට ඇඬුණා" කියලා කියන එකට. ඒක තමයි මට එන හොඳම Comment එක. මොකද මිනිස්සු බොරුවටත් හිනා වෙනවානේ. කියන්නේ, අපිට හේතුවක් නැතුව උනත් හිනාවෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු බොරුවට වත් අඬන්න කැමති නෑනේ. ඉතින් එහෙම අඬන්න කැමති නැති මිනිස්සුන්ව මට පුලුවන්නම් වචනවලින් සහ අපිට පුලුවන්නම් ගීතයක් හරහා සංවේදී කරන්න මං හිතනවා ඒක තමයි අපි නිර්මාණකරුවෝ විදිහට අපේ නිර්මාණ තුළ ලබන ලොකුම ජයග්රහණය කියලා.

කාන්තාව , ඇයගේ හැඟීම් සහ ආදරය පිළිබඳ ඔබට හොඳ කියවීමක් තියෙන බව ඔබේ නිර්මාණ තුළින්ම දකින්නට ලැබෙනවා. ඒවගේම ඔබේ බොහො නිර්මාණ වලට කාන්තාව වස්තු විෂයක් කරගෙන තියෙනවා. එලෙස කාන්තාව නිර්මාණකරණයට යොදා ගන්න විශේෂ හේතුවක් තියෙනවා ?

ඒක මෙහෙමයි මම දැනට ඉන්නේ දකුණු කොරියාවේ. මං මෙහෙට ඇවිල්ල අවුරුදු හතර හමාරක් විතර වෙනවා. ඉතිං මට හැමතිස්සෙම මෙහෙ කාන්තාව සහ ලංකාවේ කාන්තාව සංසන්දනය වෙනවා. එතනදී පෞද්ගලිකව මං දකින දෙයක් තමයි ලංකාවේ කාන්තාව තමන්ගේ හැඟීම් හිරකරගෙන, තමන්ගේ ආශාවන් හිරකරගෙන, වගකීම් වෙනුවෙන් එහෙමත් නැත්තම් බැඳීම් වෙනුවෙන් ජීවත් වෙනවා. මෙහේ ඉන්න කාන්තාවන්ට නිදහස තියෙනවා. අන්න මං දකින දේ තමයි ගොඩක් දුරට මගේ හැම කවියක් ඇතුලෙම ලියවෙන්නේ. මන් උත්සාහ කරනවා කාන්තාවන්ට වෙන අසාධාරණය ගැන ලියන්න. මේ දවස්වල ගොඩක් Share වෙන මගේ අලුත්ම කවිය මනමේ කුමරිය You tube Interview එක  අරගෙන හොඳට කියෙව්වොත් මුල ඉඳලම තේරෙනවා මට ඕන කරන්නේ මේ කවිය ඇතුලේ මනමේ කුමරිය සාධාරණීකරණය කරන්න නෙවෙයි කියන එක. මට ඕන වුනේ නූතන කාන්තාව මනමේ කුමරිය එක්ක සංසන්දනය කරන්න සහ නූතන කාන්තාව ලංකාව ඇතුලේ කොච්චර හිර වෙලාද ඉන්නේ කියන එක පෙන්නන්නයි. මං ලියපු නංගියේ සින්දුවේ තියෙන්නේත් මේ Concept එක. නමුත්  ගොඩදෙනෙක් එක පරිත්යාගයක් විදිහට අරගත්තට, මට වැඩිපුරම ඕන වුනේ මේ අදහස් එළියට දෙන්න.

ප්‍රේක්ෂකයාගේ සිතුවිලි රාමුවකට කොටු කරන්නෙ නැතුව  කවිය කියන නිදහස් මාධ්‍ය ගීතයක් විදිහට ගෙනාවම ඒක ප්‍රේක්ෂකයාට  විදියට විඳින්න දෙන්න ඕන නිසා තමයි අපේ ගීතවලට Music Video එකක්  නොකර ඉන්න අපි තීරණය කරේ.  

අවුරුදු හතරකට ආසන්න කාලයක් ලංකාවෙන් ඈත්ව සිටි ඔබට ලක්ෂ සංඛ්‍යාත ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනා ගන්නට හැකි වෙන්නේ ඔබේ නිර්මාණ සමාජ යථාර්ථය ප්‍රතිනිර්මාණය කළ ආකාර තිබුන වෙනසක් නිසයි. ඇත්තෙන්ම කවියෙකුට තම සමාජ පරිසරය හා ජීවන අත්දැකීම් නිර්මාණකරණයට කොතරම් බලපෑමක් කරනවද?

මෙහෙමයි, අපි කියන්නේ කවියෙක්ට තියෙන්නේ "පුපුරා ගියපු පපුවක්" කියලා. ඉතින් මේ කවියා කියන කෙනා කොහෙදි හරි, තමන්ට මුහුණ දෙන්න වුන ආර්ථික ප්රශ්නක් වෙන්න පුළුවන්, තමන්ට වෙන සමාජ අත්දැකීමක් වෙන්න පුළුවන්, නැත්තං ආදරේ හින්දා වෙන්න පුළුවන්, ඔය මොකක් හරි තැනකින් තමන්ට රිදෙන දෙයක් තමයි  තමන්ගේ නිර්මාණකරණයට යොදා ගන්නමං ගැන කිව්වොත් මම ගමක ඉපදුන කෙනෙක්. මෙහාට ආවට පස්සෙ මං ආර්ථික වශයෙන් ස්ථාවර වුණා. මං ගොඩක් දුප්පත් පවුලක ළමයෙක්. මට වැඩිදුර ඉගෙන ගන්න බැරි වුණේ මගේ ආර්ථික අපහසුතාවයන් නිසා. ඒකත් එක්ක ලංකාවේ සහ මෙහෙ සමාජය සංසන්දනය කරනකොට ලංකාවේ තියෙන ආර්ථික, සමාජ, දේශපාලන තත්ත්වයන් ගැන පෞද්ගලිකව මට තරහක් තියෙනවද කියලා සමහර වෙලාවට හිතෙනවා (සිනාසෙමින්) කියන්නේ, තියෙන අසාධාරණකම් සහ මං විඳපු අත්දැකීම් එක්ක දැන් මට හිතෙනවා මං මෙහෙට ඇවිල්ලා විඳින සැප ලංකාවේ අයට නැත්තෙ ඇයි කියලා. ගොඩක් දුරට අපි රටින් පිට ඉන්න අය නිසා අපේ රට දිහා බලන්නේ මෙහේ ඉඳලානේඑතකොට ඇතුළේ ඉන්න කෙනෙක්ට වඩා අපිට ඒක හොඳට තේරෙනවා. නිසා තමයි ගොඩක් දුරට සමාජය මූලික කරගත්ත කවි නිර්මාණ, මගේ අතින් බිහි වෙන්නේ. පෞද්ගලිකව මං ආදරය ගැන ලියපු ඒවා අඩුයි. මං ගොඩක් ලියලා තියෙන්නේ සමාජ විවරණයන් ගැන. ඒවා ගොඩක් දුරට එක්කෝ මං අහපු ඒවා, නැත්නම් අත්දැකපු දේවල් හෝ කවුරුහරි මට කියපු දේවල්. මං Facebook Page එක කරන්නේ ගොඩක් කල් ඉඳලා. එතකොට මම ලියන කවි වටා එකතුවුන පිරිසක් හිටිය නේ. මේ අය අතරින් සමහරුන්ගෙන් දවසකට messages 05, 06ක් විතර එනවා "මල්ලි මේක මගේ කතාව. මට මේකට කවියක් ලියල දෙන්න" කියලා. වගේ කතා මං මේ වෙනකොට 1000, 2000කට වඩා කියවලා ඇති. ඉතින් එන සමහර දේවල් සහ ඔය ඔක්කොම එකතුවෙලා තමයි නිර්මාණයක් බිහිවෙන්නේ. නමුත් මේ එකක්වත් මගේ පෞද්ගලික අත්දැකීම් නෙවෙයි හැම දෙයක්ම මං අහපු, දැකපු, මං විඳපු අත්දැකීම් වල එකතුවක්. නිසාම වෙන්න ඇති ප්රේක්ෂකයාට මගේ නිර්මාණ එයාලගේ කතාව විදිහට දැනෙන්නේ. ඉතින් නිර්මාණකරුවෙක්ට තමන් ජීවත්වෙන සමාජය පරිසරය වගේම ජීවන අත්දැකීම් කියන දේවල් නිර්මාණකරණයට ලොකු බලපෑමක් කරනවා.

ගීතයකට රූප රචනාවක් අවශ්‍යම යුගයක වර්තමාන ලාංකීය ගීතය රූප රචනාවකින් තොරව ජනප්‍රිය කරවීම අභියෝගයක්. ඔබ අභියෝගය බාර ගත්තේ කොහොමද?

ඇත්තටම අපි මුලදී හිතුවේ නැහැ මේක කරන්න පුලුවන් දෙයක් කියලා. අපිට ඕන වුණේ කවියක් සිංදුවක් වෙනකොට කවියට වෙන බලපෑම අඩු කරන්න විතරයි. මං මුලින් කිව්ව වගේ කවියක ප්‍රධානම ගුණාංගයක් තමයි චිත්තරූප මැවෙන එක. ඉතිං Concept එකත් එක්ක ප්රේක්ෂකයාගේ සිතුවිලි රාමුවකට කොටු කරන්නෙ නැතුව  කවිය කියන නිදහස් මාධ් ගීතයක් විදිහට ගෙනාවම ඒක ප්රේක්ෂකයාට විදියට විඳින්න දෙන්න ඕන නිසා තමයි අපේ ගීතවලට Music Video එකක්  නොකර ඉන්න අපි තීරණය කරේ. එහෙම හිතලා තමයි අපේ පළවෙනි සින්දුව චන්දරේ release කරන්නේ. ඊට මාස 5කට පස්සේ තමයි කුසුමේ සිංදුව release  කරේඉතිං කුසුමේ සිංදුව release වුණාට පස්සේ ආපු ප්රතිචාර එක්ක අපිට තේරුණා මේකට ආස කරන පිරිසක් ඉන්නවා කියලා. පස්සේ තමයි අපි මේක පැත්තට අරන් ගිහිල්ලා වෙනස් කරේ. දැන් නම් ඒක ගැන ඇත්තටම සතුටුයි. මොකද Music Video එකක් සහ අපේ Video එකක් ගත්තහම අපේ Video ඇතුලේ Promote කරන්න දෙයක් නෑ නේ. කියන්නේ ජනප්රිය නළු නිලියෝ, ලස්සන Location, ජනප්රිය ගායකයො, පද රචකයෝ, සංගීතඥයෝ කියන මේ කිසිම දෙයක් නැතුව නිකම්ම නිකං එක Photo එකක් ඇතුලේ අකුරු ටිකක් යවන එකනේ අපි කරන්නේ. හැබැයි ඒක නිර්මාණය කරන්න අපි ගොඩක් මහන්සි වෙනවා. ඔයාලට පේනවා ඇති අපි මාස 2ක්, 2 හමාරකට සැරයක් වගේ තමයි සින්දුවක් release කරන්නේ. එතකල් අපි ඒවා හදනවා. සමහර චූටි වචනයක්වත් වෙනස් නොකර දීප්ත අයියා, මම සහ voice කරන අයයි අපි ඔක්කොම කතා කරලා ගොඩක් මහන්සි වෙලා තමයි මේ වගේ එකක් හදලා එළියට දාන්නෙ. අපි මහන්සි වෙන එකේ සාර්ථකත්වය තමයි Music Video නැතුව වුනත් අපේ සින්දු viral වෙන්නේ  කියලා මන් හිතනවා. මං ඒකෙන් අදහස් කරන්නෙ අනිත් අය මහන්සි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මන් කියන්නේ, අපේ මේ වෙනස   ප්රේක්ෂකයා සුභවාදීව භාරගත්තෙ එකම තමයි අපේ  ජයග්රහණය වුණේ.

කොළඹ යුගයේ කවියා හෙළහවුලේ නිසදැසට චෝදනා කළ කවි යුගයකින් පසුව ලාංකීය සාම්ප්‍රදායික ගීතය ඔබේ නිර්මාණ හරහා වෙනස් වුණා යන ප්‍රේක්ෂකයාන්ගේ සහ ගීත රචකයින්ගේ චෝදනාව ඔබ පිළිගන්නවද?

ඒක මෙහෙමයි, එක පැත්තකින් රාමුවක් ඇතුළේ ඉන්න අයට ඒක වෙනසක් කියලා පේනවා. එහෙම අපිට චෝදනා කරපු අය නැතුව නෙවෙයි. දැනටත් ඉන්නවා. අපි, "සාම්ප්‍රදායික සින්දුව ඇද්දා, පත්තර වගේ, කවිකොළ වගේ සින්දු හදනවා" කියලා අපිට ප්රසිද්ධියේම චෝදනා කරපු අය ඉන්නවා. නමුත් ගීත ක්ෂේත්‍රය කියන්නේ Update වෙන ක්ෂේත්‍රයක්නේ. නිසා ගීතය එකම තැන තියෙන්න ඕනි නැහැ කියන අදහස තමයි මගේ තියෙන්නෙ. කියන්නේ මේක වෙනස් වෙන්න ඕන කියන එකයි. එහෙමයි කියලා මං කියන්නේ නැහැ අපේ සින්දු විතරක්ම ක්ෂේත්‍රයේ තියෙන්න ඕන කියලා. මෙහෙමයි, අපි කියන්නේ සමහර සින්දු වලට මල් සින්දු කියලා. මන් ඇත්තටම එහෙම කියන්න කැමති නැහැ. මොකද මමත් හැම සිංදුවක්ම අහන කෙනෙක්. නමුත් සමාජයේ තියෙන මතයක්නේ ඒක. ඉතින් මල් සින්දු, Rap, Hip hop, අපි කරනවා වගේ සින්දු, Classic, සුභාවිත ගීත කියන මේ හැම එකක්ම තියෙන්න ඕනේ. එතකොට තමයි මේක ක්ෂේත්රයක් විදිහට ඉස්සරහට එන්නේ. ඉතිං අපි කරන සිංදුත් රාමු කරන්නේ නැතුව අර සින්දු අතර තියෙන එක පැත්තක් විදියට ගත්තා නම් හරි.

ඔබේ ගීත රචනා අතරින් ඔබ පෞද්ගලිකව වඩාත් ප්‍රිය කරන නිර්මාණයක් තියෙනවද? එසේ නම් එයට හේතුවක් කුමක්ද?

පෞද්ගලිකව මං ආස කුසුමේ සින්දුට. මොකද කුසුමේ සින්දුවට ආස වෙන්න මට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි කුසුමේ කියන්නේ අපේ අම්මා (සිනාසෙමින්) අපේ අම්මගේ නම කුසුම්. ඒක තමයි මං සිංදුවට දැම්මේ කුසුමේ කියන නම ගැලපෙන විදිහට අරගෙන සහ දෙවැනි හේතුව කුසුමේ කියන සිංදුව නිසා තමයි මාව පෞද්ගලිකව බොහෝ දෙනෙක් දැනගත්තේ. මැණක සිංදුව viral වුන ඒක ඇත්ත. නමුත් ක්ෂේත්‍රයේ අය මාව හඳුන ගත්තෙ කුසුමේ කියන සින්දුවෙන් සහ මගේ ගීත අතරින් මුලින්ම විචාරයට ලක් වුණු ගීතය තමයි  කුසුමේ. ඔයාලා මේ අහන හැම සිංදුවක්ම ලියලා සිංදුව හදලා release කරන්න කලින්  පළවෙනියටම මං අහනවානේ. ඉතින් අපේ සින්දු වලට ඔයාලට ඇඩුනට මට ඇඩිලා නැහැ සතුටු හිතනා  මිසක්. නමුත්  මේ සිංදුව විතරක් පළවෙනිපාර අහනකොට මට ඇඩුනා. ඒක හරි අමාරුයි. අපේ නිර්මාණයකට ඔයාලා අඩනකොට අපි සතුටු වෙනවා මිසක් අපි අඩන්නේ නැහැනේනමුත් කුසුමේ සිංදුව අහනකොට මට එහෙම වුණා. ඉතින් මගේ සින්දු වලින් මං ආසම සිංදු කුසුමේ සහ මං වැඩිපුරම අහන සිංදුවත් කුසුමේ තමයි.

වසර 05, 06ක් පුරාවට කවි ලියන සහ කවිය ගැන අධ්යයනය කරපු කෙනෙක් විදියට   ඔබ  පෞද්ගලිකව ආස කරන නිර්මාණකරුවන් කවුද?

වර්තමානයේ මං වැඩිපුරම ආස කරන කවියෝ තමයි මහින්ද ප්රසාද් මස්ඉඹුල සර්, රුවන් බන්දුජීව, උපුල් ශාන්ත සන්නස්ගල සර්, ඉලක්ශ ජයවර්ධන, ටිම්රාන් කීර්ති සහ රත්න ශ්රී විජේසිංහ සර් කියන මේ අයගේ නිර්මාණ තමයි මං ආසම කරන නිර්මාණ වෙන්නේ.

ඔබ නිර්මාණකරුවෙක් විදිහට සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයා අතරට එද්දී ඔබ වැනිම තවත් බොහෝ නිර්මාණකරුවන් සමාජය තුළ නිහඬ වෙලා ඉන්නවා. ඔවුන් දිය හැකි පණිවිඩය මොකක්ද?

ඒක මෙහෙමයි, වර්තමානයේ ගොඩක් දුරට අවස්ථාවන් තියෙනවා. කවියෙක් ගත්තොත් කවියක් එළියට දාන්න නම් කවි පොතක් එක්ක අපි එළියට එන්න ඕනේ. පෞද්ගලිකව මං තාම කවි පොතක් කරලා නැහැ. මොකද මං ලංකාවෙන් පිට ඉන්න නිසා. කවි පොතක් කරන්නෙ නැතුව මගේ නිර්මාණය මේ තරම් ජනගත වෙලා තියෙන්නේ සමාජ මාධ් එක්ක. සමාජ මාධ් කියන්නේ අබාධ පිවිසුමක් සහ පිටවුමක් කියනවා නේ. ඕන කෙනෙකුට එන්නත් පුළුවන්, ආපු සැනින් යන්නත් පුළුවන්, රැදලා ඉන්නත් පුළුවන්. ඒක තියෙන්නේ තමන්ගේ දක්ෂතාවය මත. මේකේ එක එක Platforms  තියෙනවා. YouTube, Facebook, Tik Tok කියන මේ එකක්වත් වැරදි දේවල් නෙවෙයි. දැන් ගොඩක් අය Tik Tok කිව්වොත් පහත් කරලා සලකන ගතියක් තියෙනවනේ. නමුත් මෙහෙමයි, අපි කියන්නේ පිහියකින් බෙල්ල කපා ගන්නත් පුළුවන් කේක් ගෙඩියක් කපන්නත් පුළුවන් කියලා. ඒක කපන කෙනා අනුව තමයි තීරණය වෙන්නේ මොකක්ද කපන්න කියලා. වගේම තමයි මේ Platforms නිර්මාණකරුවන්ට තියෙන්නෙ හොඳ අවස්ථාවක්. ඉතින් මට කියන්න තියෙන්නේ ඉස්සරහට එන්න ඕනතරම් අවස්ථාවන් තියෙනවා. ඒවා පාවිච්චි කරලා මේවා ඇතුලේ වැඩ කරන හැටි දැනගත්තොත් ගමනක් යන්න පුළුවන්. අලුත් පරම්පරාව මේවත් එක්ක වැඩ කරලා තියෙන හින්දා තාක්ෂණය ගැන දන්නවා. එයාලට ඕන කරන්නේ තමන්ගේ හැකියාව හරි විදියට පාවිච්චි කරන එක විතරයි. YouTube  ගත්තොත් ගොඩක් අය Videos කරල දානව නමුත් Views නැති වෙනකොට එයාලා මේක අත ඇරලා දානවා. මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. නමුත් තමන් ආස දේ, තමන් දන්න දේ කැපවීමෙන් ඉගෙනගෙන දිගටම කරගෙන යනවා නම් අනිවාර්යෙන්ම එකේ හොඳ ප්රතිඵල තියෙනවා. එකට හොඳම උදාහරණේ අපි. කියන්නේ මං මෙහෙ ඉඳන් නිර්මාණ ඔක්කොම කරාට දීප්ත අයියවවත්, තරිඳුවවත්, සුවිනිවවත් මං ඇස් දෙකට දැකලා නැහැ. අපි කවුරුත් නෑදෑයොවත්යාලුවොවත් නෙවෙයි. අපි හැමෝම මේ අවකාශය ඇතුළේ හමුවුණු අය. අපි එහෙම හම්බ වෙලා මෙච්චර ලොකු වැඩක් එකට කරනවා නම් එතනින් හිතාගන්න පුළුවන් මේක ඇතුලේ මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. එවගේම තමයි මේ තියෙන නිදහස පාවිච්චි කරලා තමන්ගේ හැකියාවන් වෙනස් විදිහට එළියට දෙන්න පුළුවන් නම් කියන්නේ, එකම දෙයක් කරන්නේ නැතුව අළුත් දේවල් කරන්න පුළුවන් නම් ඕනතරම් අවස්ථා තියෙනවා. Music ගත්තම එකම සිංදු ටික, එකම වචන ටික අහලා ඇති වෙලානේ. ඉතිං අපිට පුළුවන් නම් ඒක Creative විදිහට වෙනස් කරන්න, අන්න එතනින් ඉස්සරහට එන්නේ ඉඩ තියෙනවා සහ අවස්ථාවන් තියෙනවා. කවුරු හරි කියනවා නම්, තරුණ අයට කවුරුත් උදව් කරන්නේ නැහැ කියලා මං ඒක පිළිගන්නේ නැහැ. මොකද පෞද්ගලිකව මගේ කවි අගය කරන විචාරය කරන කවුරුවත් මං දන්න අය නෙවෙයි. සමහර අය මාත් එක්ක කතා කරලා වත් නෑ. ඉතින් එයාලා හොඳ නිර්මාණ ලංකාවේ බිහි වෙනවා නම් ඒවා ගැන කතා කරනවා සහ අගය කරනවා. අවුල තියෙන්නේ අපි එකම රාමුවකට කොටු වෙලා නිර්මාණ කරන එක. වෙනස් විදියට දකින්න පුළුවන් නම් එළියට එන්න අවස්ථාවන් තියෙනවා සහ ඒවා ජනගත කරන්නත් පුළුවන්.

ශෂික ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවද?

මේ දවස්වල මං ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. මගේ කවි පොතත් එක්ක. මොකද මං තවම කවි පොතක් release කරලා නැහැ. මම මෙහෙ ඉන්න නිසා. නමුත් ඊළඟ අවුරුද්දේ මැයි මාසේ මන් ලංකාවට එනවා. ආපු ගමන් කවි පොතක් release කරන්න ඕනේ. නිසා මේ දවස් ටිකේ කවි පොතට අදාල නිර්මාණ එකතු කරගෙන යනවා සහ එක සම්බන්ධයෙන් වැඩ ටිකක් කරගෙන යනවා. You tube Channel  එක පැත්තෙන් ගත්තොත් ඉස්සරහට ලොකු වෙනස්කමක් ටිකක් වෙයි. මොකද අපි අර එකම විදිහට එකම සින්දු ටිකක්නේ කරගෙන ආවේ. නිසා අපි හිතන් ඉන්නවා production එක පොඩ්ඩක් ලොකු කරලා දැනට තියෙන Voices  වෙනස් කරලා ජනප්රිය  Artists ලත් එක්ක හොඳ වැඩ ටිකක් කරන්න. ඊට අමතරව දැනට අපි අලුත් සිංදුවක් හදාගෙන යනවා. ඊළඟ මාසෙ 15 කලින් release කරන්න පුළුවන් වෙයි. සින්දුවේ නම "ලොකු සර්" ඉස්කෝලයක් ආශ්රිතව සිදුවුණු සිදුවීමක් වටා ගෙතුන කතාවක්. පහුගිය දවස්වල සමාජ මාධ් වල කතා වුන ලොකු සිද්ධියක් සම්බන්ධ කරගෙන තමයි මේක හැදෙන්නේ. ඒකත් කාලීන සිදුවීමක්. මං හිතනවා සින්දුව ලංකාවේ ඉන්න හැම තරුණ ගැහැණු ළමයෙක්ම සහ පිරිමි ළමයෙක්ම අහන්න ඕනි සින්දුවක් කියලා.


මානව හදවත් ජීවමාන කරන සාහිත් සහ කලාව, යාවත්කාලී වන සමාජය තුළ අපි දකින, අපි නොදකින, අපි තකන, අපි නොතකන සමාජ යථාර්ථයන් ප්රතිනිර්මාණය කරන්නට සියුම්ව හසුරවන තාරුණ්යයේ නිර්මාණකරුවෙකු ලෙස, ඔබේ තෙලිතුඩින් ප්රේක්ෂක හදවත් සංවේදීව ස්පර්ශ කරන්නට දරණ වෑයම සාර්ථක වේවායිසහෘදයාඅපි ඔබට ප්රාර්ථනා කරනවා.

අප හා එක්වු පාඨක ඔබගේ රසවින්දනයට ශෂිකගේ නිර්මාණ පහතින් එක්කොට ඇත.   


                                                                                    සංවාද සටහන සාරදා මානවඩු.

Post a Comment

1 Comments